පොල්ගහවෙල ගම්මාන කිහිපයක් හුදකලා කරයි පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් අද (18) සවස සිට හුදකලා කර සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කෙරිණි. 18 December 2020
සුවය ලැබූ 146 ක් කන්දකාඩුවෙන් පිටව යති කොරෝනා වයිරසය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 708 දෙනෙකු අද (18) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 18 December 2020
මන්ත්‍රීවරුන් ගේ පෞද්ගලික පනත් යෝජනා 40 ක් පමණ ගොඩ ගැසිලා යහපාලන රජය විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරිම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ පෞද්ගලික පනත් යෝජනා 40 ක් පමණ ගොඩ ගැසි ඇති බව පාර්ලිමේන්තුවේ සභානායක ,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. 18 December 2020
රංජන්ගේ අපහාස නඩුව ජනවාරි 12 කැදවයි විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් අ ධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පැවැත්වෙන අධිකරණ අපහාස නඩුව ලබන ජනවාරි 12 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය. 18 December 2020
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට ස්ථාන මාරුවීම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇතැයි, එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් මහතා පවසයි. 18 December 2020
බීමත් රියදුරන් අල්ලන්න පොලිසිය වෙත බ්‍රොතලයිසර් උපකරණ කට්ටල උත්සව සමයේ රිය අනතුරු අවම කිරීම සදහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සදහා සෑම පොලිස් ස්ථානයකටම බීමත් රියදුරන් පරීක්ෂා කරන බ්‍රොතලයිසර් උපකරණ කට්ටල 30,000 ක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 18 December 2020
ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් ලෙස කටයුතු කළ ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත. 18 December 2020
සමුද්‍ර අහය භූමියේ මාලු ඇල්ලු බෝට්ටු 2 ක් මාට්ටු - 8 ක් පලා යයි කල්පිටිය සයුරේ පිහිටි වැළි පර සමුද්‍ර අභය භූමිය (බාර් පරය හෙවත් ගල් මල් උයන) තුළ ධීවර කටයුතුවල නිරතවූ යාත්‍රා දෙකක් සැක කරුවන් දස දෙනෙකු දැල් ආම්පන්න ද සමගින් අද (17) පස්වරුවේ වණ ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. අත්අඩංගුවට පත් දැල මීටර 300 ක පමණ දිගින් යුතු රුපියල් ලක්ෂ 6 ක පමණ වටිනා දැලකි. 17 December 2020
ඔන්ලයින් නිසා දරුවන් 20-30 ක් දිනකට රෝහලට කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දරුවන් විසි තිස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලේ අක්ෂී සායනය වෙත පැමිණෙන බව එම රෝහලේ අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පැවසීය. 17 December 2020
රත්නපුර නගරය අධි අවදානම් රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇති නිසා රත්නපුර නගරයේ පාසල් තුනක් තාවකාලිකව වසා දැමිමට තීරණය කර තිබේ. හෙට සිකුරාදා දිනයේ නගරයේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමමටද තීරණය විය. 17 December 2020
සැකකරු පොලිසියේදීම පොලිස් පරීක්ෂකට පහරදෙයි කළුතර උතුරු පොලීසිය තුළදී සැකකරුවෙකු වු විශ්‍රාමික ගුරුවරයකුගේ පහරකෑමට ලක්වු පොලිස් පරීක්ෂකවරයෙකු අද රෝහල් ගත කළ බව කළුතර උතුර පොලිසිය කියයි. 17 December 2020
කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ තවත් හතරකට කොරෝනා කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ තවත් රෝගින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (17) සවස තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 17 December 2020
අද කොරෝනා ආසාදිතයන් 650 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (17) පස්වරු 9.25 වනවිට එක්වූ ආසාදිතයන් 338 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 650 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 17 December 2020
චන්ද්‍ර පාෂාණ රැගත් චැංජි-5 යානය මොන්ගෝලියාවට ගොඩ බසී චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංජි - 5 යානය සාර්ථක ලෙස අද (17) අලුයම පෘථිවියට ළඟා වූ බව චීන මාධ්‍ය පවසයි. 17 December 2020
විද්‍යා පීඨ පුහුණුව අවසන් කළ 3772 කට පුරප්පාඩු නෑ විද්‍යා පීඨ ගුරු පුහුණුව අවසන් කළ 3772 දෙනෙක් පාසල් වලට අනුයුක්ත කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව එක්සත් ගුරු සංගමයේ සභාපති ගලේවෙල පඤ්ඤාසේකර හිමියෝ කියති. මෙම ගුරුවරුන් පාසල් වලට පත්කළ නොහැක්කේ අදාළ පාසල් වල පුරප්පාඩු නොමැති නිසා බවද උන්වහන්සේ පවසති. 17 December 2020
නත්තලට නිවසේම සිටින්නයි අගරදගුරුතුමෝ ඉල්ලති කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කිතුණු බැතිමතුන්ගෙන් අද (17) ඉල්ලා සිටියහ. 17 December 2020
ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය කෝටි 16,000 ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලබාගත් විවිධ සමාගම් සහ සංස්ථාවලින් පසුගිය අගෝස්තු මාසය වන විට සංස්ථාවට ලැබිය යුතු වෙළෙඳ ණය ප්‍රමාණය රුපියල් බිලියන 159 ක් වී ඇති බවද රාජ්‍ය මූල්‍ය කළමණාකරණ දෙපාර්තමේන්තුව වාර්තා වල සටහන් වේ. 17 December 2020
මුලතිව් කැලෑවකින් අනුරාධපුර යුගයේ සෙල්ලිපියක් හමුවෙයි මුලතිව්හි කුරුන්දි මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ නාගචෝලේ වන රක්ෂිතයේ සිදුකරන ලද කැනීමකදී අනුරාධපුර අවසන් යුගයට අයත්, සිව්වන උදය රජුට අයත් සෙල්ලියක් හමු වූ බව වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි. 17 December 2020
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන 70 දෙනෙකුගෙන් සාක්කි අරන් කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ඉකුත් 15 වැනිදා ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උපරිමාධිකරණ සංකීර්ණයේයේ සිදුකරන විමර්ශන කටයුතු වලදී මේවනවිට පුද්ගලයින් 70 දෙනෙකුගේ සාක්කි සටහන් කර ගෙන ඇතැයි උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරාල් ඩබ්ලිව්.ඩී.එල්.සී වික්‍රමසිංහ මහතා ලංකාදීපයට අද (17) පැවසීය. 17 December 2020
කටුනායක මස් සැකසීමේ මධ්‍යස්ථානය අකුළා නොගත්තොත් හිමිවරු පෙරට එනවා මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පිහිටුවීමේ යෝජනාව වහා හකුලා ගන්නට රජය පියවර නොගතහොත් ගව ඝාතනයට එරෙහිව ජීවිතය පිදූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් වැනි ස්වාමින් වහන්සේලා ඊට එරෙහිව ඉදිරියට ඒම වැළැක්විය නොහැකි වනු ඇතැයි ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. 17 December 2020
මාස 8 ට ඛණිජ තෙල් සංස්ථාවේ අලාභය කෝටි 440 යි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අළෙවිය මේ වසරේ මුල් මාස 8 තුළදී 20% කින් පහත වැටී ඇතැයි රාජ්‍ය මූල්‍ය කළමණාකරණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි. මෙම කාලය තුළදී සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 4.4 ක් හෙවත් කෝටි 440 කි. 17 December 2020
කොරෝනා වයිරසය පාලනයට ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 2 ක් ‘කොවිඩ්-19’ වයිරසයෙන් සිදුව තිබෙන බලපෑම අඩු කිරීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන දෙකක මූල්‍ය ආධාරයක් කර තිබේ. 17 December 2020
දේශීය ඔසු ගැන විශ්වාසය කාලිමෑණියන්ගේ පුවතින් බිඳ වැටුණා කොරෝනා වයිරසය නසන දේශීය ඔසුවක් සොයා ගත් බව සැලවූ විට විශාල විශ්වාසයක් ඇති වු නමුත් කාලි මෑණියන්ගේ සම්බන්ධයක් ඊට ඇතැයි එය සොයාගත් පිරිස මාධ්‍ය ඔස්සේ කියනු දුටු වහා එම විශ්වාසය නැතිව ගිය බව ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. 17 December 2020
ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොරෝනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය තහවුරු කර සිටී. 17 December 2020
ප්‍රංශ ජනපතිට කොරෝනා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය අද (17) නිවේදනය කළේය. 17 December 2020
සුවය ලැබූ ආසාදිතයන් 26,000 පනී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 701 දෙනෙකු සුවය ලබා අද (17) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 17 December 2020
කෝටි 38 ක ටින්මාළු චීනෙටම ආපසු යවයි චීනයෙන් මෙරටට ආනයනය කර තිබූ වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආසනික් අඩංගු වූ ටින් මාළු මෙට්ට්‍රික් ටොන් 768 ක ප්‍රමාණයක් නැවතත් ප්‍රති අපනයනය කිරීමට රේගුව පියවර ගෙන ඇත . 17 December 2020
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට විරෝධය වරාය වෘත්තීය සමිති එකමුතුව සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (17) කොළඹ කොටුව වරාය ඉදිරිපිට පැවැත්විණි. 17 December 2020
වැල්ලවත්තේ නෆීර්වත්ත හුදකලා කරයි පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගිනිමින් වැල්ලවත්ත පොලිස් වසමේ නෆීර්වත්ත ප්‍රදේශය මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන ඇත. 17 December 2020
රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගෞරවයට හානි කරනවා පාර්ලිමේන්තුවේ ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරමින් ඇතැම් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හැසිරෙන ආකාරය ඉතාමත්ම පිලිකුල් සහගත බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. 17 December 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026