බස්නාහිර හුදෙකලා කරන්නයි පී.එච්.අයි.ලා ඉල්ලති එළඹෙන ජනවාරි 1 වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 21 December 2020
යතුරුපැදියේ ගිය පියාත් - ටැංකිය මත ගිය පුතාත් අනතුරකින් මරුට සිව් හැවිරිදි දරුවා ඉන්ධන ටැංකිය මත තබාගෙන යතුරු පැදියක යමින් සිටි අඹු සැමි යුවලක් අද (21) පිළියන්දල ජාලියගොඩ දී අනතුරකට ලක්වීමෙන් එම දරුවා සහ දරුවාගේ පියා මිය ගිය බව පිළියන්දල පොලීසිය කියයි. 21 December 2020
කොවිඩ් ආසාදිත මව්වරුන් බිහිකරන දරුවන්ගේ ශරීරවල එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ කොවිඩ්-19 වයිරසය ආසාදිත මව්වරුන් විසින් බිහිකරන දරුවන්ගේ ශරීර තුළ එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවට සිංගප්පූරු පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කර තිබේ. 21 December 2020
සෞදියේ දේශසීමා වසා දමයි එක්සත් රාජධානියේ පැතිර යමින් තිබෙන ‘කොවිඩ්-19’ හි නව වයිරස ප්‍රභේදය හේතුවෙන් දේශසීමා වසා දැමීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත. 21 December 2020
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය ඔස්ට්රෙිලියාවටත් යයි එක්සත් රාජධානියෙන් වාර්තා වන නව කොරෝනා වයිරසයේ, නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු ඔස්ට්‍රේලියාවෙන් හඳුනාගෙන ඇතැයි ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය අද (21) වාර්තා කළේය. 21 December 2020
බ්‍රිතාන්‍ය වීසා කාර්යාලය මහජනතාවට යළි විවෘත කෙරේ කොළඹ මරදානේ පිහිටි බ්‍රිතාන්‍ය වීසා කාර්යාලය අද (21) සිට මහජනයා සදහා විවෘත කළ බව විදේශ අමාත්‍යාංශය සදහන් කරයි. 21 December 2020
කොරෝනා නිසා එක්සත් රාජධානිය හුදෙකලා වෙයි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානිය, ලොව අනෙක් රටවල් අතර හුදෙකලා තත්ත්වයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 December 2020
අසීමිත බලහරණය අනුවණකමක් මැකියාවේලියානු දෘෂ්ටියකින් දේශපාලනය දෙස බලන විට අසීමිත බලහරණය අනුවණකමක් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පැවැසීය. 21 December 2020
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට ඩ්‍රෝන යානාවකින් අත්බෝම්බ දමයි ඩ්‍රෝන යානා වලින් දැමූ බවට සැකකෙරෙන අත්බෝම්බ 11ක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගුදාස්පූර් දිස්ත්‍රික්කයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 December 2020
අමාත්‍යංශ නියෝගය එනතුරු සිරුර ශීතාගාරයේ ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයාගේ මළ සිරුරු ආදාහනය නොකර ශීතාගාරයක තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මත්මිය අද (21) නියෝග කළාය. 21 December 2020
විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වූ ප්‍රතිපත්ති වෙනස් කෙරේ ශ්‍රී ලංකාවට විදේශයන් හි සිට පැමිණෙන මගීන් සඳහා 2020 මාර්තු මස හඳුන්වාදුන් ක්‍රියා පිළිවෙළත දෙසැම්බර් මස 26 වැනිදා සිට සංශෝධනය කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි. 21 December 2020
මුහුණු ආවරණ නැතිව සෙල්ෆි ගහලා - චීලි ජනාධිපතිට ඩොලර් 3500 ක් දඩ මුව ආවරණයක් නොපැලඳ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම හේතුවෙන් චීලි ජනාධිපති සෙබස්තියන් පිනේරාට අමෙරිකානු ඩොලර් 3500 ක දඩ මුදලක් නියම කර ඇත. 21 December 2020
නැගෙනහිර පළාතෙන් පැය 24 ට ආසාදිතයන් 42ක් නැගෙනහිර පලාතේ අද (21) දිනයෙන් අවසන් වු පැය 24ක කාලය තුලදි කොවිඩ් 19 ආසාදිතයන් 42ක් සොයා ගැනිමට හැකි වු බව පලාත්සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අලගයියා ලදාහරන් මහතා පැවසීය. 21 December 2020
ඇමැති ප්‍රසන්න ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් යන්න යයි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා තීරණය කර ඇත. 21 December 2020
ගෙලිඔය වෙළඳසැල් වහයි කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු පමණ ගෙලිඔය නගාරාශ්රිතව හමුවිම නිසා නගර සිමාවේ ඇති වෙළද සැල් අද (21) සිට දින 3 ක් වසා දැමිමට තිරණය කල බව ගෙලිඔය එක්සත් ජණාදර වෙළද සංගමයේ සභාපති එම් එස් එම් සිල්වා මහතා පවසයි. 21 December 2020
අටලුගමින් ආසාදිතයින් 195 ක් බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර වාර් තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය පැවසුවාය . 21 December 2020
කෞතුකාගාර සියල්ල විවෘත කරයි මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් දිවයිනේ පිහිටි සියළුම කෞතුකාගාර අද (21) දින සිට දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පවසයි. 21 December 2020
ආගරපතන ප්‍රා. සභාව වහයි නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ආගරපතන ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් අද (21) පියවර ගනු ලැබීය. 21 December 2020
ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 3ක් ඇරේ මේ දින කීපයේ ඇදහැලෙන වර්ෂාව පතනය හේතුවෙන් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය සම්පූර්ණයෙන්ම පිරීයාමෙන් අද (21) වාන් දොරටු තුනක් විවෘත කර දැමූ බව මහවැලි නිලධාරීහු පවසති. 21 December 2020
පළමු ශ්‍රේණියේ සිට පාසල් ජනවාරි 11 දා ඇරෙයි පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි මස 11 වැනි සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පැවසීය. 21 December 2020
කෝවිඩ් ආසාදිතයෙකුගේ දේහය ආදාහනයට පුතා විරුද්ධ වෙයි කොරෝනා වයිරසය ආසාදිතව මිය ගිය තිදරු පියාගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කර තිබියදී, ආදාහනය කරන්නේ නම් දේහය බාරනොගන්නා බව මිය ගිය අයගේ පුතා සඳහන් කර තිබේ. 21 December 2020
ආගරපතන ප්‍රා.සභාපතිට කොරෝනා තලවකැලේ, ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වයිරසය ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය. 21 December 2020
කෝටි එකහමාරක කේරළ ගංජා අල්ලයි අඩම්පන් පොලිසිය විසින් අද (20 ) දවස පුරා කරණ ලද මෙහෙයුමකින් කෝටි එකහමාරක් වටිනා කේරළ ගංජා තොගයක් සමග සුඛෝපහෝගී වෑන් රියක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බැව් අඩම්පන් පොලිසිය පවසයි. 20 December 2020
තවත් කොරෝනා මරණ 5 ක් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (20) දිනයේදී පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. 20 December 2020
අද කොරෝනා ආසාදිතයන් 592 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (20) පස්වරු 9.50 වනවිට එක්වූ ආසාදිතයන් 330 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 592 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 20 December 2020
මධ්‍යම පළාතේ ප්‍රා.ලේ. කොට්ඨාස හතරකට නායයෑමේ නිවේදන මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරකට නාය යෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය අද (20 වැනිදා) සවස නිකුත් කරනු ලැබ තිබේ. 20 December 2020
කෑගල්ල රෝහලේ 5 වාට්ටුව වසාදමයි කෑගල්ල මහ රෝහලේ සේවය කරන සුළු සේවකයින් දෙදෙනෙකුට කොව්ඩ්- 19 වයිරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම රෝහලේ 05 වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබේ. 20 December 2020
කොළඹ - ගම්පහ ප්‍රදේශ කිහිපයක අගුලු හරී කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙහි පෙදෙස් කිහිපයක හුදකලා බව ඉවත්කරන බවද, තවත් පෙදෙස් කිහිපයක හුදකලා තත්වය තවදුරටත් පවත්වාගෙන යන බවද, තවත් පෙදෙස් අලුතින් හුදෙකලා කරන බවද කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 20 December 2020
දෙනියායේ වෙළඳසැල් 5 ක් වසාදමයි දෙනියාය පොලිස් බල ප්‍රදේශයේ දෙනියාය වත්ත පහළ කොටසේ කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟ ඇගේ පවුලේ අය ඇතුළු ආශ්‍රිතයන් 36 කු නිරෝධානයට යොමු කර වෙළඳසැල් 05 ක් වසා දැමීමට සෞඛ්‍යය අංශ පියවර ගත්තේය. 20 December 2020
ධීවර සංස්ථාවේ විගණන වසර 5 කින් සිදු කර නැ ධීවර සංස්ථාවේ වාර්ෂික විගණන 2015 න් පසු සිදුකර නොමැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 20 December 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026