20ට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කිරීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදුවී ඇතැයි සදහන් කරමින් , ඒ පිළිබද සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ ඇත.