‘‘කාබනික පොහොර භාවිතයට තැබූ පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නෑ‘‘ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය හමුවේ අද සඳහන් කළේය. 27 June 2021
පොලීසියේ හොරු අල්ලන්න අලුත් ඒකකයක් පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවීමට තමා බලාපොරොත්තු වන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 27 June 2021
‘‘ජනපති ජාතිය ඇමතීමේන් සිදු වුණේ අසමත්කම ප්‍රදර්ශනය වීමයි‘‘ දුෂ්කර කාලයේ දී ජනතාව ජනාධිපතිවරයාගෙන් නායකත්වය සහ අනාගතය ගැන බලාපොරොත්තුවක් අපේක්ෂා කරන අතර ජනාධිපතිවරයා තම අඩුපාඩුකම් වසා ගැනීමට ජනතාවට දොස් පවරමින් අවාසනාවන්ත ලෙස අසමත් බව ප්‍රදර්ශනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි. 27 June 2021
ගාල්ල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයෙන් බස්නාහිර 425කට එන්නත් දීලා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදි ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 632 දෙනාගෙන් 425 දෙනකුම බස්නාහිර පළාතෙන් පැමිණි අය බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ගාල්ල පොලීසියට ලබා දුන් නාම ලේඛනයේ සඳහන් වන බව වාර්තා වෙයි. 27 June 2021
අලුත්ගම සතොස තාවකාලිකව වසයි අලුත්ගම සතොස ශාඛාවේ කළමනාකාරවරයා ඇතුළු තවත් සේවකයකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට සතොස ශාඛාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 27 June 2021
කුඩ්ඩෝ හතරක් කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරියෙන් පනිති කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරියේ තාවකාලිකව රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් සිවු දෙනකු අද අලුයම පලාගොස් ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 27 June 2021
උපාධිධාරීන්ට පොලිස් පරීක්ෂක තනතුරු උපාධිධාරීන් කෙලින්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 27 June 2021
රට රැකියාවට යන අයට කඩිනමින් කොරෝනා එන්නත් විදෙස් රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රමිකයන්ට කඩිනමින් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය අනුමැතිය හිමිව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 27 June 2021
සීමා යටතේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන අරී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ශාඛා රජය පනවා ඇති සංචරණ සීමාවන්ට යටත්ව හෙට (28) සිට විවෘත කරන බව එහි සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පවසයි. 27 June 2021
පෝරකයට නියම වූ සිරකරුවෝ 10ක් බන්ධනාගාර වහළට නඟිති මරණීය දණ්ඩනය නියම වූ සියළුම සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් වශයෙන් ලබා දෙන ලෙසට ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් දස දෙනකු නැවතත් අද උදෑසන සිට වැලිකඩ බන්ධනාගාර වහළය මත නැගී උපවාසයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 27 June 2021
එළවළු බෙදන්න බලපත් ගෙන කුඩු ඇද්ද දෙකක් මාට්ටු එළවළු ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගෙන එම බලපත්‍ර අවභාවිතා කරමින් කැබ් රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු මැදිරිගිරිය කළගෙඩි පාලම අසලදී මත්කුඩු ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 60 සමඟ අද අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි. 27 June 2021
දහම් පාසල් අධ්‍යාපනය ඔන්ලයින් හරහා කොරෝනා වසංතය හේතුවෙන් නැවැතී ඇති දහම් පාසල් අධ්‍යාපනය, ‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කළ බව දහම් පාසල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසයි. 27 June 2021
කොළඹ පිරිසකට ඇස්ට්‍රා සෙනිකා හෙට සිට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීම හෙට (28) සිට සිදුකරන බව කොළඹ මහ නගර සභාව පවසයි. 27 June 2021
කොරෝනා ආසාදිතයෙක් රෝහලෙන් පැන යයි කොරෝනා වයිරසය වැළඳී නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතාකාර ලැබූ තරුණයක් රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි . 27 June 2021
රජයේ රෝහල්වලින් එන්නත ලබාදීමට වැඩපිළිවෙලක් දිවයිනේ සියලුම රජයේ රෝහල්වලින් කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ළඟදීම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය . 27 June 2021
වැඩිමිලට සහල් විකුණන්නන්ට වැඩ වරදී රජයේ පාලන මිල ඉක්මවමා සහල් අළෙවි කරන පුද්ගලයන් සඳහා වන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට නීති සංශෝධනය කරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 27 June 2021
කෝටි 3ක කේරළ ගංජා-මත්පැන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට කිලිනොච්චිය පුනරීන් සීතාකුඩිඉරිප්පු කලපුව ප්‍රදේශයේදී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා සහ නිතිවිරෝධී මත්පැන් තොගයක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට යුදහමුදාව පවසයි. 27 June 2021
ලක්ෂ 9 කට එන්නත් මාත්‍රා දෙකම විදලා ශ්‍රී ලාංකිකයන් නව ලක්ෂයකට ආසන්න (880,143) සංඛ්‍යාවක් ‘කොවිඩ් 19’ මර්දන එන්නත් මාත්‍රා දෙකකම ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා විද්‍යා ඒකකය පවසයි. 27 June 2021
‘තව අවුරුදු දෙකක් යනතුරු වාහන ගෙන්වන්නේ නෑ‘ තව වසර දෙකක් යනතුරු මෙරටට වාහන ආනයනය නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය . 27 June 2021
දිස්ත්‍රික්ක තුනක ග්‍රාමසේවා වසම් 5 ක් හුදෙකලා කරයි කොළඹ, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනේ ග්‍රාම නිලධාරී වසම් පහක් ‘කොවිඩ් 19’ අවදානම ඉහළ යෑම නිසා අද (27) පෙරවරු 6.00 සිට හුදකලා කළේ යැයි ‘කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 27 June 2021
නිරෝධායන නීති කැඩූ 361ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 361 ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 27 June 2021
කපුවාට අපහාස කළැයි කුරුසියේ තබා ඇණ ගහලා බලගොල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුට මුහුණු පොත හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කුරුසියේ ඇණ ගසන අයුරින් ලී කොට වල තබා ඇණ ගසා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත . 27 June 2021
තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යාව නවතයි චීන සමාගමක් සිදු කළ තිස්ස වැවේ පස් හා මඩ ඉවත් කිරීමේ කටයුතු නතර කරවූ බව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි. 27 June 2021
එම්.එස්.සී මෙසීනා නෞකාව ටග් යාත්‍රාවකින් ඇදගෙන යයි ශ්‍රී ලංකාවට නාවික සැතපුම් හාරසිය අසූවක් නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම්. එස්. සී. මෙසිනා නෞකාව හෙට (27) අලුයම 5.00 වන විට ශ්‍රී ලංකා ගලවා ගැනීමේ මුහුදු සීමාවෙන් ද ඉවතට ගමන් කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. 26 June 2021
කටුනායක වෙළෙඳ කලාපයේ 10,700කට එන්නත් ලබා දෙයි කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට කොරෝනා මර්දන එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරමින් එන්නත් මාත්‍රා 10,700ක අද ලබා දුන් බව කටුනායක ආයෝජන මණ්ඩල ප්රකාශයෙක් පැවැසීය. 26 June 2021
කොරෝනා ආසාදිතයන් තවත් 1086ක් කොරෝනා වයිරසය ආසාදනය වූ 1,086 දෙනකු අද හඳුනා ගත බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. 26 June 2021
‘‘ආණ්ඩුවේ වැඩ පිළිවෙළක නැති නිසා ලක්ෂ 45 දරුවන්ගේ අනාගතය අඳුරු වෙනවා‘‘ කොරෝනා වසංගතයට මුහුණ දෙන අතර අධ්‍යාපනය දෙන්නට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැතිකමින් දරුවන් ලක්ෂ 45ක ගේ අනාගතය අඳුරු වෙමින් තිබෙන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 26 June 2021
‘‘ජාතිය අමතමින් ජනපති සෞභග්‍යයේ දැක්ම නැවත කියෙව්වා‘‘ ජනපති ජාතිය අමතමින් කළේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය වන ’’සෞභාග්‍යයෙ දැක්ම’’ නැවත කියවීම පමණකියි සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පවසයි. 26 June 2021
හංවැල්ලේ කට්ටඬියාගේ මළ සිරුර කැලණි ගඟෙන් මතු වෙයි හංවැල්ල ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටි කට්ටඬියකුගේ මළ සිරුර කැලණි ගඟේ නවගමු ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 26 June 2021
නැවේ රක්ෂණ සමාගමෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දියක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්රයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දි මුදලක් ගෙවීමට එම නෞකාවේ රක්ෂණ සමාගම එකඟතාවය පළකර ඇතැයි අධිකරණ අමාත්‍ය , ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි. 26 June 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026