ඡන්දෙට යන වියදම් පාලනයට නීති මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සැලසීමේ නීති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 30 November 2021
වැලිකඩ බන්ධනාගාර තාප්පෙන් පාර්සල් 5ක් ඇතුළට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට වනාතමුල්ල සීමා තාප්පයට ඉහලින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 5ක් සොයා ගත් බව බන්ධනාගාර මුලස්ථානය කියයි. 30 November 2021
ලංකාවට මියන්මාරයෙන් සහල් වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. 30 November 2021
රත්නපුර මන්ත්‍රී ගංවතුරට කොටු බළංගොඩ ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ජල ව්‍යාපෘතියක ඉඩම් නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා ඇතුළු පිරිසක් පැය තුනකට ආසන්න කාලයක් කොටු වී සිටියහ. 30 November 2021
ඔමික්‍රෝන් නිසා ජපානය වැසේ බිහිසුණු නව කොවිඩ් ප්‍රභේදය වන ’ඔමික්‍රෝන’ ආසාදිතයකු හමුවීමත් සමඟ ජපන් රජය ද විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීමට තීරණය කර තිබේ. 30 November 2021
මහින්ද වෙනුවට ලලිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රීධූරය සඳහා ලලිත් වර්ණ කුමාර මහතා පත් කරනු ලැබ සිටී. 30 November 2021
පාන් ගැන අපි නොදන්න පැත්ත පාන්පිටි කිලෝ 50 මුට්ටයකින් ග්‍රෑම් 450 පාන්ගෙඩි 172 ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව බේකරි හිමියෙක් පැවසීය. 30 November 2021
ඇඹිලිපිටියේ තවත් ගෑස් ලිපක් පුපුරයි පැය විසි හතරකදී ඇඹිලිපිටිය පොලිස් වසමෙන් දෙවන ගෑස් ලිපත් පුපුරායාමේ සිද්ධියක් අද ( 30) වර්තා වූ බව ඇඹිලිපිටිය පොලීසිය කියයි. 30 November 2021
කංසා අපනයනයට සූදානම් කංසා අපනයනය සඳහා අවශ්‍ය නීති මැතිසබයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය. 30 November 2021
‘‘ඉදිරියේදී බෙහෙත් හිඟයක්‘‘ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 64 ක් සිරවී ඇති හෙයින් ඉදිරියේදී රටේ ඖෂධ හිඟයක් ඇති විය හැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය. 30 November 2021
ගෑස් ගැන සජබෙන් ගෑස් පෙන්නයි ගෑස් ටැංකි පුපුරා යාම සහ ඒවායේ සංයුතිය පිළිබඳව මතුව ඇති තත්ත්වය විමසිමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් අද (30) පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 30 November 2021
'මදිපුංචිකම් කියන්න රාජ්‍ය නිලධාරීන් බයයි ' රාජකාරී කටයුතු කිරීමේදී තමාට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසු ඉහළ නිලධාරීන්ගේ හිරිහැරයන්ට ලක් වීමට සිදු වීම නිසා රජයේ නිලධාරීන් සාධාරණ පතා අධිකරණයට පැමිණීමට මැලිවන බව නීතීඥ දර්ශන කුරුප්පු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. 30 November 2021
'රටේ එක ගෑස් සිලින්ඩරයක්වත් පුපුරලා නැහැ' රටේ එක ගෑස් සිලින්ඩරයක් හෝ පුපුරා ගොස් නැතැයි සියයට සියයක් තහවුරුවී ඇති බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය. 30 November 2021
’’එදා අන්තවාදී බෝම්බ අද ගෑස් බෝම්බ’’ බෙදුම්වාදීන්ගේ සහ ආගමික අන්තවාදීන්ගේ බෝම්බ පිපිරීම්වලින් දුක් කරදර ව්ඳී ජනතාවට අද ගෑස් සිලින්ඩර පිපිරීමෙන් එවැනිම දුක් කරදර විඳීමට සිදුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (30)පැවැසීය. 30 November 2021
දියතලාවෙත් ගෑස් ලිපක් පුපුරයි දියතලාව දොඩම් වත්ත හෙලවත්ත නිවසක අද (30) ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි දියතලාව පොලිසිය කියයි. 30 November 2021
ජනපතිට මූණ පෙන්නන්න එන ඇමැතිලාට කතානායකගෙන් අවලාද ඉදිරිපෙළ ඇමැතිවරුන් මේ අවස්ථාවේදී සභාවේ නොසිටීම කනගාටුදායක බවත් සියලූම ඇමැතිවරුන් පැමිණෙන්නේ ජනාධිපතිවරයා එනදාට පමණක් හෙයින් ඔහුට හැමදාම මේ සභාවට එන ලෙස මේනිසා දැනුම් දීමට සිදුවන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය. 30 November 2021
පොල්කිරි ලොරිය පාර හරහා පෙරළෙයි පොල්කිරි ප්‍රවාහනය කරමින් තිබූ විශාල කන්ටේනර් රථයක් කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ වෑගොව්ව පාලම මත මාර්ගය අවහිර වන සේ පෙරළී තිබීම හේතුවෙන් කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබෙන තිබේ. 30 November 2021
'ගෑස් පිපිරීම් ගැන කතා කරන්න උපදේශක කාරක සභාව කැඳවන්න' ගෑස් සිද්ධි ගැන අදාල පාර්ශව කැඳවා සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (30) දිනයේ කැඳවන්නැයි අදාළ රාජ්‍ය ඇමැතිවරයාට දැනුම් දෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය. 30 November 2021
ගෑස් ලිපක් පුපුරයි ඇඹිලිපිටිය පොලිස් වසමට අයත් කදුරුගස්ආර ප්‍රදේශයේ වෙළඳසැලකට යාබදව පිටුපස පිහිටි නිවසේ ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය පවසයි. 30 November 2021
'ඔමික්‍රෝන් ලංකාවේ තිබෙනවාදැයි තවම සහතික කර කියන්න බෑ' ශ්‍රි ලංකාවේ ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබෙනවා දැයි තවම සහතික කර කිව නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 30 November 2021
සිරිසේන කුරේ දිවි ගමනට සමුදෙයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත විය. 30 November 2021
ඉන්දීය සාගර සමුළුවට හිටපු අගමැතිට ආරාධනාවක් අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත පස් වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබෙි. 30 November 2021
දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (30) දිනයේත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2021
’ඔමික්‍රෝන්’ ආවේ වසංගතය නිමා කරන්න ’ඔමික්‍රෝන්’ කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ’ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ’කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවය. 30 November 2021
අනුරාධපුරයේ වගා ළිං 400 ව්‍යාපෘතිය සුදු අලියෙක් අනුරාධපුරයේ ආරම්භ කළ වගා ළිං හාරසීයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙනුත් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කර ගැනීමට නොහැකිවී පාඩු සිදු වීමේ සිද්ධියක් ගැන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විමර්ශනයක් අරඹා ඇත. 30 November 2021
ආයුර්වේදයට මුවා වි ඇඟ විකුණලා මීගමුව කටුව ප්‍රදේශයේ ආයුර්වේද සම්බහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවෙසක් වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 30 November 2021
අද ආසාදිතයන් 747 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 206 දෙනකු අද(29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 29 November 2021
ආචාර්ය වසන්තගෙන් කංසා ගැන ආන්දෝලනාත්මක පර්යේෂණයක් කැලණිය විශ්ව ආචාර්ය උපාධිධාරියකු වූ වසන්ත සේන වැලිංගගේ මහතා ආන්දෝළනාත්මක පර්යෂණයකින් අනතුරුව ශ්‍රී ලංකාව තුළ කංසා ඔසුවක් ලෙස නීති ගත කිරිමේ ක්රමයක්ද සකස්කරමින් සිටී 29 November 2021
ගෘහස්ථ ගෑස් පිපිරීම් ගැන පොලිස් පරීක්ෂණ ගෘහස්ථ ගෑස් සිලින්ඩර කාන්දුවීම, ගිනි ගැනීම හෝ පුපුරායාමෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් පොලිසිය ආරම්භ කර ඇති විමර්ෂනවලට අදාල තොරතුරු රැස්කිරීමේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබේ. 29 November 2021
කොළඹ-ගම්පහ තැන් රැසකට ලයිට් නෑ කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ හදිසි බිඳවැටීමක් නිසා දිවයිනේ ප්‍රදේශ රැසක අද (29) රාත්‍රී 7.50 පමණ සිට විදුලිය සැපයුම බිඳවැටී ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය. 29 November 2021
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026