‘‘අපි 2023 දී බලගතු ආණ්ඩුවක් පිහිටුවනවා‘‘ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2023 අගභාගය වනවිට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 16 July 2021
කෝටි 4ක කුෂ් රේගුවෙන් අල්ලයි රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අද (16) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය. 16 July 2021
පොලිසියේදී මියගිය දෙදරු පියාගේ පවුලට ලක්ෂ 10ක වන්දියක් 2017 වසරේදී පෑලියගොඩ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක්වූ ශ්‍යාමන් වික්‍රමරත්නගේ බිරිදය හා දරුවන් දෙදෙනාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි වශයෙන් ඔවුන්ට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවන ලෙස නියෝග කරනු ලැබ ඇත. 16 July 2021
15 වියැති දැරිය අපයොජන සිද්ධියේ මාලදිවයිනේ හිටපු ඇමතිට ඇප අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් ගෙන්වාගත් බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී මාලදිවයිනේ හිටපු රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අස්මාලි නමැත්තා රුපියල් 25,000 ක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කලාය. 16 July 2021
කිලෝ 100ක කේරළ ගංජා උතුරු මුහුදෙන් අල්ලයි රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 100 කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනකු උතුරු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. 16 July 2021
දුරගමන් දුම්රිය - බස් යළි නවතී පළාත් අතර බස්රථ සහ දුම්රිය ධාවනය හෙට(17) දිනයේ ලබන අගෝස්තු පළමුවැනිදා දක්වා අත්හිටුවීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 16 July 2021
වේදිකා නාට්‍යකරුවන්ට සහනයක් ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු මස 31 වැනිදා සිට වේදිකා නාට්‍ය සඳහා ඉතා සුළු මුදලකට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය. 16 July 2021
අධිකරණයට අපහාස කළ කාන්තාවකට දඩ සහ අත්හිටවූ සිරදඬුවම් නීතීඥවරියක් සම්බන්ධයෙන් ව්‍යාජ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කොට, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කළ කාන්තාවකට රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කළේය. 16 July 2021
දුමින්ද නාගමුව ඇතුළු හයදෙනා නිදහස් උද්ඝෝෂණය කරමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පොලිසිය අත්අඩංගුවට ගෙන පසුව නිරෝධායනයට යොමු කර සිටි සමාජ ක්රියාකාරිකයන් හය දෙනෙකු මීට ස්වල්ප වේලාවකට කර නිදහස් කර තිබේ. 16 July 2021
මහාචාර්ය විමල් ජී බලගල්ලේ දිවි සැරිය නිමා කරයි මෙරට පහළ වූ පෙරදිග භාෂා ශාස්ත්‍රය පිළිබඳ පඬිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ සිංහල භාෂාවේදියකු වූ මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතා අභාවප්‍රාප්ත විය. 16 July 2021
කොවිඩ් ආසාදිත දරුවන් 490ක් රිජ්වේ රෝහලේ ඉඳලා කොවිඩ් ආසාදනයවූ දරුවන් 490 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා වාර්තා වී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජී.වීරසූරිය මහතා පැවසීය. 16 July 2021
ගිනි නැවෙන් ආදායම් අහිමි වූ ධීවරයනට 5000 දීමනාවක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත් වීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර පවුල් සඳහා තාවකාලික පියවරක් ලෙස රුපියල් 5000 ක විශේෂ දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත. 16 July 2021
පලතුරු වෙළෙඳාම අත හැර කුඩු වෙළෙඳාමට බැස්ස අම්මයි පුතයි මාට්ටු පලතුරු වෙලදාම අතහැර සංචරණ සීමා කාලයේදී කුඩු වෙළඳාමට බැස්ස බව කියන මවක සහ පුතකු හෙරොයින් මිලිග්‍රෑම් දෙසිය හතලිහක් සමඟ අද අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි. 16 July 2021
‘‘ආණමඩුවේ කප්පම් දේශපාලනයක් බිහිවෙලා‘‘ ආණමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න දේශපාලකයන් බිහි වී සිටිනවා. අපි කම්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන් නැහැ.මම මිනිමරලා නැහැ ඒ නිසා මම බයත් නැහැ .මොකද ජනතාව හැමදාම මාව විරයා කළා .එය පසුගිය සෑම මැතිවර්ණයකදිම ජනතාව ඔවුන්ගේ මනාපයෙන් හොදින් තහවුරු කළා යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි. 16 July 2021
ඩෙල්ටා සෙවීමට සාම්පල 70ක් ජපුර වෛද්‍ය පීඨයට ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (16) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 16 July 2021
පියාට පොල්ලකින් ගැසූ පුතා රිමාන්ඩ් බහින් බස් වීමක් අවසානයේ පියාගේ හිසට පොල්ලකින් ගසා තුවාල සිදු කළ බව කියන සැකකාර පුතෙකු මේ මස 27 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද (16) දහවල් නියෝග කළාය. 16 July 2021
කුඩුත් සමග ඇල්ලූ තරුණයා බලන්න පොලිසියට ආ යාළුවා ළඟත් කුඩු හෙරොයින් මිලි ග්‍රෑම් 110 ක් ළඟ තබා ගෙන සිටියදී අත් අඩංගුවට ගත් සැකකරුවකු පොලීසියේ කූඩුවේ රැඳවා සිටියදී ඔහු බැලීමට පැමිණි ඔහුගේ මිතුරකු පරීක්ෂා කිරීමේදී ඔහු ළඟද හෙරොයින් මත් කුඩු තිබී සොයාගත් බව පොලිසිය කියයි. 16 July 2021
සරසවි ඇඳුරන් විපක්ෂනායක හමුවෙයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය පරපුර ගෙනයන සටන වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. නිදහස් අධ්‍යාපනයට එරෙහිව ගෙනෙන කිසිදු වැඩපිළිවෙළකට සමගි ජනබලවේගයේ සහය හිමි නොවන බවත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් වන වැඩ පිළිවෙලක් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සකස් කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 16 July 2021
මොඩර්නා එන්නත් ලක්ෂ පහළොවක් අද දිවයිනට ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොගයක් මෙරටට අද උදෑසන රැගෙන එනු ලැබීය. 16 July 2021
කොවිඩ් මළ සිරුරු 1,001ක් ඔට්ටමාවඩියේ වළ දාලා මියගිය කොවිඩ් ආසාදිතයන් එක් දහස් එක් (1,001) දෙනෙකුගේ මළ සිරුරු මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා භූමදානය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය. 16 July 2021
සෞඛ්‍ය මාර්ගෝපදේශවල ලිහිල් කිරීමක් ’කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් තවත් ක්ෂේත්‍ර රැසක් විවෘත කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (16) පෙරවරුවේ නිවේදනය කළේය. 16 July 2021
සෞඛ්‍ය නීති කැඩූ තවත් 157ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 157 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 16 July 2021
අද රෑ ගිගුරුම් සහිත වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අද (16) සවස් කාලයේදී හෝ රාත්රියේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 July 2021
හොර බුද්ධි අංශයට වැඩ වරදි බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිළධාරීන් වශයෙන් පෙනී සිටිමින් මොරගහහේන ප්‍රදේශයේ නිවෙස්වලින් මුදල් බලෙන් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයෝ සිව් දෙනෙක් මොරගහහේන පොලිසිය විසින්අ අත්අඩංගුවට ගනු ලැබූහ. 16 July 2021
තවත් ප්‍රදේශ දෙකක් හුදකලා බවින් නිදහස් පවතින කොරෝණා තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ දෙකක් අද (16) උදෑසන 6 සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 16 July 2021
මරදාන පොලිසියේ ගින්න පාලනය කරයි මරදාන පොලිසියේ දෙවන මහලේ ඇති වූ ගින්නක් සාර්ථකව මැඩ පැවැත් වූ බව ගිනි නිවස හමුදාව පවසයි. අද අලුයම ඇති වූ මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය සැකකරයි 16 July 2021
’’කොරෝනා තුන්වෙනි රැල්ල තවම ඉවර නැහැ ’’ කවුරු කුමක් පැවසුවත් කොරෝනා තුන්වැනි රැල්ල තවම අවසන් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවාය. 16 July 2021
කතගරම මහා දේවාලයේ හය වැනි පෙරහර විදි සංචාරය කරයි රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළේය. 16 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1,447ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 480 දෙනෙකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 15 July 2021
පුරවර සරසවි පළමු අදියර කෑගල්ලට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ ‘පුරවර විශ්වවිද්‍යාල’ වැඩසටහන අරඹමින් එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 15 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026