කොවිඩ් මරණ ගැන ජනපති කමිටුවෙන් හෙළිදරව්වක් කොවිඩ් ආසාදිතයන් ලෙස පසුගිය දින කිහිපයේදී හඳුනාගත් වැඩි දෙනෙකු සහ මරණයට පත්වූ වැඩිදෙනෙකු කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය බව හෙළි වී ඇතැයි කොවිඩ් මර්දන ජනාධිපති කමිටුව පවසයි. 17 July 2021
‘ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමග යවනවා‘ ලීටර් 18 නව ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදීමෙන් ,ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමග යැවීමක් කර ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත. 17 July 2021
රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුගේ විෂය පථ වෙනස් වෙයි රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අලුත්ම ගැසට් නිවේදනයක් අද (17) නිකුත් කරනු ලැබීය . 17 July 2021
සංචාරකයන්ට පැනවූ නීති තවත් ලිහිල් වෙයි විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයන් ඇතුළු පිරිස්වලට මෙතෙක් ක්‍රියාත්මක වූ සෞඛ්‍ය නීති තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. 17 July 2021
තනතුරු නැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රීධූර ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රී ධූර ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 17 July 2021
අල්ලස් ගත් ඉඩම් නිලධාරියාට-ක්ෂේත්‍ර නිලධාරියාට වැඩ වරදී වැලි ගොඩ දැමීමේ බලපත්‍රයකට අවශ්‍ය නිර්දේශය ලබා දීමට කටයුතු කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බව කියන පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු සහ ක්ෂේත්‍ර නිලධාරියකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 17 July 2021
මැති ඇමැතිවරුන්ට ඇන්ටිජන් පරීක්ෂාවක් 19දා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇත . 17 July 2021
කොළඹ ඩෙල්ටා රෝගීන්ගේ වාර්තාව එළියට ශ්‍රී ලංකාවේ පෙරේදා දිනයේදී වාර්තා වූ ඩෙල්ටා රෝගීන් අතර එකොළොස් දෙනෙකු කොළඹ නගර සීමාවේ අය බවට තහවුරු වුණු බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා මහතා පවසයි . 17 July 2021
රිෂාඩ්ගේ නිවසේදී මිය ගිය දැරියගේ මරණය ගැන විශේෂ විමර්ශනයක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ කොළඹ 7 පිහිටි නිවසේදී පිලිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ සහ බොරැල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 17 July 2021
වෛද්‍ය සිසුවාගේ ආශ්‍රිතයන් තැන් දෙකකින් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ වෛද්‍ය ශිෂ්‍යයාගේ ආශ්‍රිතයන් තැන් දෙකකින් හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය . 17 July 2021
‘ඔලිම්පික්‘ යන ශ්‍රී ලංකා නිල කණ්ඩායමට කෝටි 5 ක් ජපානයේ ටෝකියෝ නුවරදී ලබන 23 වැනිදා ආරම්භ වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන 26 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා නිල කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් කෝටි 5 කට ආසන්න (මිලියන 46.2) මුදලක් වැයකරන බව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය. 17 July 2021
පළාත් කිහිපයකට තද වැසි නැගෙනහිර,උතුරුමැද සහ ඌව පළාත්වල අද (17) සවස් කාලයේදී හෝ රාත්රියේදී මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 July 2021
පැය 24 කදී නිරෝධායන නීති කැඩූ 207 ක් අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 207 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 July 2021
කොරෝනා මරණ 41ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 41දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 July 2021
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති වෙනස් කිරීමට අවධානය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යම් යම් වගන්ති වෙනස් කිරීමට රජය අවධානය යොමු කර ඇති බවත් , ඒ පිළිබදව සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 16 July 2021
කොරෝනා නිසා ’’වෙඩින්’’ ලක්ෂ හතක් නැවතිලා කොවිඩ් 19 වසංගතයත් සමග රට වසා දැමුණු කාලසීමාවේදී විවාහ මංගල උත්සව ලක්ෂ හතක් පමණ කල් දමන්නට සිදුව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි. 16 July 2021
දෙමටගොඩ පොලිස් මුරපොළකට හොරු පනිති දෙමටගොඩ මූලස්ථාන පොලිසිය යටතේ ක්‍රියාත්මක වන මිහිඳුසෙත්පුර පොලිස් මුරපොලේ මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 16 July 2021
කොරෝනා ආසාදිතයන් 1079ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,079 දෙනෙක් අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 16 July 2021
ටෝකියෝ යන ටෙහානිට උසස් වීමක් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ නාවික හමුදා වෙඩිතැබීමේ ශූරී ටෙහානි එගොඩවෙල නායක කාන්තා සංඥා තනතුරෙන් සුළු නිලධාරී සංඥා තනතුර දක්වා උසස් කිරීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පියවර ගෙන තිබේ. 16 July 2021
සිනොවැක් එන්නතටත් ඖෂධ අධිකාරියේ අනුමැතිය චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත මෙරටේ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද (16) අනුමැතිය ලබා දුන්නේය. 16 July 2021
රටවල් කීපයකින් එන අයට පනවා තිබූ තහනම ලිහිල් කරයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉන්දියාව , දකුණු ඇමෙරිකානු රටවල් , දකුණු අප්‍රිකානු රටවල් සහ යුරෝපා රටවල් කීපයක් වෙත මීට පෙර පනවා තිබූ ගුවන් ගමන් සීමාවන් මදක් ලිහිල් කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි. 16 July 2021
ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා ගෙදර යවයි මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා අද සවස නිදහස් කළේය. 16 July 2021
’’මොළ හතේ ආණ්ඩුව කූඩැල්ලන් සේ ජනතාවගේ ලේ උරාබෙනවා‘‘ ’’මොළ හතේ ආණ්ඩුව’’ කූඩැල්ලන් සේ ජනතාවගේ ලේ උරා බොමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ බුලත්සිංහල සංවිධායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි. 16 July 2021
සෞඛ්‍යට පිටුපාන අය දැනුවත් කරයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මුව ආවරණය නිවැරදිව පැළදීම සහ මීටරයක පරතරය ලබාගැනීම ඇතුළු ‘කොවිඩ්’ වයිරසයෙන් ආරක්ෂාවීමේ උපදෙස් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ සියලුම පොලිස් ස්ථාන අද (16) ආරම්භ කළේය. 16 July 2021
තහනම් ලන්ච්ෂීට් වික්කොත් දඩය ලක්ෂයයි පරිසරය දූෂණය වැලැක්වීමේ පියවරක් ලෙස ලබන අගෝස්තු 1 වැනිදා සිට තහනම් කර ඇති පොලිතින් ලන්ච්ෂීට් නිපදවන, බෙදාහරින සහ අළෙවි කරන පුද්ගලයන්ට පනවන දඩ මුදල රුපියල් ලක්ෂ දක්වා ඉහළ දැමීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 16 July 2021
චිත්‍රපටි සංස්ථා ලොක්කෝ කෝප් කමිටුව ඉදිරියට ජාතික චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) හමුවට ලබන 19වැනිදා සඳුදා කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. 16 July 2021
සංචාරක ව්‍යාපාරය සැප්තැම්බර් වන විට සාමාන්‍ය තත්වයට සංචාරක ක්ෂේත්රයේ නියුතු සියලුදෙනාට සැප්තැම්බර් මාසය අවසාන වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාදී සංචාරක ව්‍යාපාරය සාමාන්‍ය තත්වයට ගෙන ඒමට හැකි සෑම පියවරක්ම ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි . 16 July 2021
දුම්රිය ධාවනය අදත් බාධා මැද්දේ දුම්රිය ධාවනාගාරය සේවකයින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද (16) දිනයේත් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත. 16 July 2021
“ආබාධිත අයට ගෙයින්ගෙට ගොස් කොරෝනා එන්නත දෙන්න’’ රෝගාබාධවලට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි අයට නිවෙස්වලටම ගොස් කොරෝනා එන්නත වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (16) උපදෙස් දුන්නේය. 16 July 2021
කුසල්ට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි ඉන්දීය පිලට එරෙහිව ලබන ඉරිදා ආරම්භ වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්වීම නිසා තරගාවලිය අහිමිවී තිබේ. 16 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026