වික්ටෝරියා ජලාශයට කාරය පෙරළීම රඟපෑමක්ද? මෝටර් රථය සමග වික්ටෝරියා ජලාශයට පෙරළී මියගිය තරුණයාගේ මරණය සැක සහිත බව ඔහුගේ මව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි. 03 December 2021
ඩොලර් පෙන්නා ලක්ෂ 100ක් ගරලා දේශපාලනඥයන් සහ ප්‍රභූවරුන්ගේ නම් විකුණමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 100කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 03 December 2021
ලිට්රෝ - ලාෆ් දෙකම නවතී ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම තාවකාලිකව අත්හිටුවූ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 03 December 2021
පළාත් රැසකට අද රෑට තද වැසි සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වල අද (3) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 December 2021
එස්.ටී.එෆ් එකට හොරෙන් වල්ලපට්ට හිඳින්න බැරි වෙයි වල්ලපට්ටා තෙල් සිදීමේ ස්ථානයක් වටලා වල්ලපට්ට ශාකවල කොටස් හා උපකරණ සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා කොක්මාදූව කදවුර කියයි. 03 December 2021
යතුරු පැදි දෙකක් ගැටී මහ ගින්නක්: තිදරු පියෙක් මරුට ආණමඩුව - හලාවත මාර්ගයේ සංගට්ටිකුලම ප්‍රදේශයෙ දී යතුරු පැදි දෙකක් ගැටි ගිනි ගැනීමෙන් තිදරු පියකු පිළිස්සී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසයි. 03 December 2021
ගෙවී ගිය 24 පැයේ ගෑස් අනතුරු 20 වාර්තා වෙයි ගෑස් සම්බන්ධ පිපිරීම් සහ කාන්දුවීමේ අනතුරු සහ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් අද (02) පස්වරු 6.00 අවසන් වූ පැය 24 තුළ වාර්තා වී තිබුණි. 03 December 2021
ජනතාවට පාන් එපා වෙයි පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීම සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව බේකරි හිමියෝ පවසති. 02 December 2021
රටම අඳුරේ තබන දිනය ලංවීම ඉංජිනේරුවෝ කියති බලාගාරවල සේව කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. 02 December 2021
හොර ඔප්පු නඩුවෙන් වාස් නිදහස් මහරගම ප්‍රදේශයේ කෝටි ගණනක වටිනා ඉඩමක් කූඨ ලේඛන මඟින් ලබාගත් බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට සහ ඔහුගේ බිරියට එරෙහි නඩුවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා අද නියම කළේය. 02 December 2021
‘‘දුර්වල දේශපාලකයන් ආණ්ඩුව විනාශ කරන්න හදනවා‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින කලකිරුණු පිරිස එළියට ගියහොත් ආණ්ඩුවට සරල බහුතරය ද අහිමි වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 02 December 2021
ගොවීන් සූරාකන පිරිසක් ගැන ඇමැති කියයි ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 02 December 2021
කොරෝනා මරණ අදත් 20 පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 December 2021
චීනය මෙරට ව්‍යාපෘති තුනක් හකුලා ගනියි චීන සමාගමක් මගින් උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. 02 December 2021
බී.ඕ.අයි මහපුටු පෙරළෙයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වි ඇත. 02 December 2021
ඔමික්‍රෝන් ඉන්දියාවටත් රිංගලා අසල්වැසි ඉන්දියාවෙන් ද පළමු වරට ’කොවිඩ් 19 ඔමික්‍රොන්’ විකෘති වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවුණු බව ඒරට සෞඛ්‍ය අංශ පවසයි. 02 December 2021
‘‘ඔමික්‍රෝන් පරද්දන්න බූස්ටර් ගන්න‘‘ පළමු අවස්ථාවෙන්ම කොරෝනා මර්දන ‘බූස්ටර් එන්නත’ ලබා ගන්නැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාද්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 02 December 2021
විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට චෝදනා රැසක් රට සෞභාග්‍යමත් කරන්නට පැමිණි ආණ්ඩුව මෙරට වෙන්දේසිලන්තයක්, පෝලිම් ලන්තයක්, කොමිස් ලන්තයක් සහ පිපිරීම්ලන්තයක් බවට පත්කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 02 December 2021
ගෑස් පිපිරීම් ගැන විශේෂ සාකච්ඡාවක් ගෑස් පිපිරීම් සහ ගෑස් කාන්දුවීම් හේතුවෙන් ජනතාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ගෙවීම සහ සංයුතිය වෙනස් කළ ගෑස් සිලින්ඩර තව දුරටත් වෙළෙඳපොළ තුළ තිබීම පිළිබඳව ගෑස් සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පැවැත්වෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 02 December 2021
‘ රට වෙනුවෙන් ඇතැම් තීරණ ගන්නේ දේශපාලන අනාගතය උකස් කරලා‘ ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු හා අසීරු තීන්දු ගැනීමට සිදුවන යුගයකට වත්මන් ආණ්ඩුව එළඹ ඇති බවත්, එම තීරණ ගැනීමට සිදුවන්නේ දේශපාලන අනාගතය උකස් කරමින් බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 02 December 2021
‘හරක් කටා‘ගේ මුදල් භාරකාරිය අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවන් නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගේ මුදල් භාරකාරිය ලෙස කටයුතු කළ කාන්තාවක් දෙහිවල නැදිමාලේ නිවසකදී මුදල් තොගයක් සහ සිම් කාඩ්පත් රැසක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 02 December 2021
මහින්ද හිටපු විදුහල්පති යළි රිමාන්ඩ් ගාල්ල මහින්ද විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 21,56,200 කූඨ ලේඛන සකස් කර වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පතිවරයා සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ලිපිකාරිනිය 16 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද සවස නියෝග කළේය. 02 December 2021
‘මේ වෙලාවේ බස් ගාස්තු ඉහළ දාන්න බැහැ‘ බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදු කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 02 December 2021
‘බස් ගාස්තු සංශෝධනයක් ඕනෑ‘ ජනවාරි මාසයේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ දී පැවසීය. 02 December 2021
ගුවන්තොටේදී පි.සී.ආර් නැතිනම් ඉදිරිය භයානකයි‘‘ ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයකුම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කරන්නැයි ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය කොවිඩ් මර්දන කමිටුවට යෝජනාකර තිබේ. 02 December 2021
ශල්‍ය වෛද්‍යවරිය වැරදි කකුල කපලා වයෝවෘද්ධ රෝගියෙකුගේ වැරදි පාදයක්, කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රියානු අධිකරණයක් එරට ශල්‍ය වෛද්‍යවරියකට දඩ නියම කර තිබේ. 02 December 2021
‘වරාය අධිකාරියේ අක්කර 13ක් චීනයට කෝටි 3000කට විකුණන්න යනවා‘ කොළඹ වරාය අධිකාරියට අයත් අක්කර 13 ක ඉඩමක් චීනයට රුපියල් කෝටි 3000කට ලබා දීමට කටයුතු කරගෙන යන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය. 02 December 2021
වැවිලි බෝග රට යවා ඩොලර් බිලියන 4 ක් හොයන්න යයි වැවිලි බෝග අපනයන කටයුතුවලින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආදායමක් බලාපොරොත්තු වන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි. 02 December 2021
සංචාරකයන් ඇද බැඳ ගන්න ලස්සන වැඩක් ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල සමග ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිලිවෙලක් සැකසූ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටි. 02 December 2021
ගෑස් කාන්දුව ගැන කියන උපකරණයක් නිපදවයි ගැස් කාන්දුවක් ගැන කලින් අනතුරු අඟවන උපකරණය දෙකක් පිලියන්දල ප්‍රදේශයේ තරුණයකු විසින් නිපදවා ඇත. 02 December 2021
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026