‘ගෑස් ගැන හොයන්න රසායානාගාරයක් හදන්න ‘ ගෑස් සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ නියමාකාර රසායනාගාරයක් නැති හෙයින් එවැනි රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (2) පැවසීය. 02 December 2021
තියුණු ආයුධවලින් පහර කෑ අයෙක් මරුට කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කොට සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි ධර්මපුරම් පොලිසිය කියයි. 02 December 2021
ගම්පහ අවට ප්‍රදේශ තුනකදී ගෑස් ලිප් පිපිරීම් තුනක් ගම්පහ සහ අවට ප්‍රදේශ තුනකදී ගෑස් ලිප් පිපිරීම් තුනක් සිදුව තිබේ. 02 December 2021
‘රජයේ ඉඩම් අක්කරය රුපියල් 500ට වික්කේ කවුද‘ රටපුරා ඉඩම් අක්කර දහස් ගණනක් අක්කරය රුපියල් 500 ගාණේ අලෙවි කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 02 December 2021
කුඩු වික්ක යුවළකට වැඩ වරදී කඳාන කල්එළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත යුවළක් ඇතුළු තිදෙනකු කෝටි ගණනකට වටිනා වාහන , රන් බඩු,හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි . 02 December 2021
වව්නියාවෙත් ගෑස් ලිපක් පුපුරයි වවුනියාව, වේරගම රජයේ සේවක නිවාස ව්‍යාපෘතියේ පදිංචි පුද්ගලයකුගේ නිවසක ගෑස් උඳුනක් පුපුරා ගොස් තිබේ. 02 December 2021
අසාද් සාලි නිදොස් කර නිදහස් මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියම කළේය. 02 December 2021
ලංකාවට ලැබුණු ’’ෆයිසර්’’ තෑග්ග ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ ’’ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට 12/02 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . 02 December 2021
පියාට පහරදුන් අජාසත්ත පුතු රිමාන්ඩ් දේපල ලියා දෙන ලෙසට බලකරමින් සිය පියාට පහරදී බරපතල තුවාල සිදු කොට ඇති බව කියන සැකකාර පුතෙකු මේ මස 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය පෙරේදා (01) පස්වරුවේ නියෝග කළාය. 02 December 2021
බඹරකැලේ නිවසකත් ගෑස් ලිපක් පිපිරෙයි නුවරඑලිය බඹරකැලේ ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් උදුනක් පිපිරිමකට ලක් වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය. 02 December 2021
පුත්තලමේ ගෑස් ලිප් දෙකක් පුපුරයි පුත්තලමේ නිවසක හා නොරොච්චෝලේ ආපන ශලාවක ගෑස් ලිප් දෙකක් පුපුරා ගොස් ඇත් බව පුත්තලම , නොරචේචෝලේ පොලීසිය කියයි. 02 December 2021
නාටිටාමි අතින් නාට්ටාමි එළොව යයි මාතලේ නගරයේ අඹගස්බස්නැවතුම්පොල අසළදි නාටාමිවරුන් දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග ගොස් එක් අයෙකු විසින් සිදු කළ පහරදිමෙන් නාටාමිවරයෙක් මියගොස් ඇති බව පොලිසිය කියයි. 02 December 2021
මස් කඩයට හරක් ඇද්ද රාජ්‍ය ඇමැති සම්බන්ධීකරණ ලේකම් මාට්ටු රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ගවයින් 22 බණ්ඩාරවෙල මස් කඩයකට රැගෙන යමින් සිටියදී ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය 02 December 2021
රත්මලානේ අංජුගේ ගෝලයෝ දෙකක් මාට්ටු සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන රත්මලානේ අංජු නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු හෙරොයින් සහ කෙරළ ගංජා සමග රත්මලානේදී විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 02 December 2021
පළාත් කිහිපයකට ඉදහිට චණ්ඩවන කාළගුණයක් සබරගමුව මධ්‍යඹ,ඌව, උතුරු මැදි සහ වයඹ පළාත්වලත්, අම්පාර,මඩකළපුව,මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක 02 December 2021
’’ගෑස් ප්‍රශ්නෙට වගකිවයුත්තන් නීතිය හමුවට ගේන්න’’ කමිටු පත්කර ජනතාව නොමග යවනවා වෙනුවට ගෑස් පිළිබඳව සිදුවූ වංචනික ක්‍රියාවන් සහ ගෑස් සංයුකිය වෙනස් කොට ජන ජිවිත අනතුරේ හෙලිමට කටයුතු කළ සියල්ලන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා පවසයි. 01 December 2021
හඳුනා නොගත් රිය අනතුරුවලට දෙන වන්දි මුදල් ඉහළට හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක් දක්වා වැඩි කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ. 01 December 2021
‘හරක් කටා”ගේ හපන්කම් අධිකරණයට ඩුබායි රාජ්‍යයේ සිටින “නඳුන් චින්තක වික්‍රමරත්න” නොහොත් ‘හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඉකුත් 2020 වර්ෂයේ මාස පහක කාලය තුළ හෙරොයින් කිලෝ 720ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240ක් සහ නවීන පන්නයේ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල අවි 20ක් මෙරටට එවා ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 01 December 2021
ගාල්ල මහින්ද හිටපු විදුහල්පති රිමාන්ඩ් කූඨ ලේඛන සකස් කර පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 21,56,200 වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පති ගාමිනි ජයවර්ධන හෙට (2)දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (01) සවස නියෝග කළේය. 01 December 2021
“එගොඩහයන්නෝ මොගොඩහ යන්නනෝ තව කවුරුද එන්නේ” 70 දශකයේ ගුවන් විදුලියේ ප්රබුද්ධ ගීත අතරේ නැසීගිය සංගිතඥයකුවූ ෂෙල්ටන් පෙරේරා ගයන ජනප්‍රිය ගීතයක් නිතර අසන්නට ලැබුණි. 01 December 2021
’’ගෑස් සිලින්ඩර උපාංග පාරිභෝගික අධිකාරියේ නියාමනය කළ යුතුයි’’ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට සම්බන්ධ සෙසු අයිතමවලට (උපාංග) අනුකූලතාව නිරීක්ෂණය කිරීම පාරිභෝගික කටයුතු අධිකාරියේ වගකීමක් බවත් එම අධිකාරිය ගැසට් නිවේදනය ඔස්සේ වෑල්වය, රෙගියුලේටරය සහ නම්‍යාශීලී හෝස් ප්රමිතීන්වලට අනුකූල වීම අනිවාර්ය කර ඇති බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය. 01 December 2021
රන් ගොඩගන්න ගිය සම්බන්ධීකරණ ලේකම් පන්නයි මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ධීවර අමාත්‍යාංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩල ලේකම්වරුන් දෙදෙනක් උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සඳහන් වන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය වාහම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. 01 December 2021
විශ්ව විද්‍යාල පතිපාදන කොමිසම යළි කෝප් කමිටුව හමුවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබන 06 වැනිදා නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇත. 01 December 2021
කොවිඩ් මරණ 26ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 December 2021
දෙසැම්බරයේ ඩොලර් ගේන අයට ගජ වාසියක් විදේශ සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් විධිමත් මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මේ මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකට රුපියල් 10 ක අතිරේක මුදලක් ලබාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 01 December 2021
පළමු වටයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයත් ඉහළට කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 559 දෙනකු අද (1) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 01 December 2021
ගෑස් පිපිරීම් ගැන පාර්ලිමේන්තු උපදේශක සභාවේදී තීරණ රැසක් ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී විශේෂ තීන්දු ගණනාවකට එළඹුණු බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි. 01 December 2021
කාදිනල්තුමන්ගේ පෙත්සම් විභාගයට ගැනීමට අවසර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ විනාශයට වගකිවයුතු සියලු පුද්ගලයන් ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙසත් සහ පීඩාවට පත් සෑම ධීවරයකුටම වන්දි ගෙවන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම ඇතුළු පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) අවසර ලබා දෙන ලදී. 01 December 2021
මාතලේ මිනිරන් පතල් කැණිම ගැන වාර්තාවක් ඉල්ලයි මාතලේ අඹන්ගඟ කෝරලයේ පුස්සැල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් ඇති ඉඩමක මිනිරන් පතල් කැනීම සඳහා සමාගමකට බලපත්‍ර ලබාදී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අනුර වල්පොළ මහතාට උපදෙස් දී ඇත. 01 December 2021
ගෑස් වෙනුවෙන් ගීතා ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර සියල්ල ආපසු ගෙන්වා ගෙන නිසි ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ට ලබා දීමට ගෑස් සමාගම කටයුතු කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය. 01 December 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026