දියවන්නා ඔයේ තෙල් තට්ටුවක් දින කිහිපයක සිට දියවන්නා ඔයේ මේ දිනවල දුඹුරු පැහැති තෙල් තට්ටුවක් තිබෙන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 27 April 2023
මේ වසරේදී කොරියා රැකියා 8000ක් කොරියා රැකියා සඳහා වසරකට 6500ක රැකියා කෝටාවක් ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් බඳවා ගන්නා බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 27 April 2023
අධිවේගියේ ගාස්තු ඉහළට රුපියල් පනහේ සිට ඉහලට සියලු අධිවේගී මාර්ග වල අය කරන ගාස්තු ඉහළ දමමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 27 April 2023
සවස එළියට යනවා නම් කුඩයක් අරන්ම යන්න දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස 2.00 පසු ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 April 2023
එකම පවුලේ හතරක් කපා දමලා බෙංගමුව පුහුල්හේන් වලකඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ මැර කණ්ඩායමක් 13 හැවිරිදි පාසල් සිසුවකු මව පියා ඇතුළු සිව් දෙනකු කපා කොටා බරපතල තුවාල සිදුකර පළා ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි. 27 April 2023
අ‘පුර අතිරේක මහේස්ත්‍රාත් පොලිසිය පතුරු ගහයි තන්තිරිමලේ පොලිස් ස්ථානයේ අවි ගබඩාවේ තිබූ ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් පැහැර ගැනීමේ සිද්ධිය පොලිසියට සරළ කාරණයක් වුවද එම සිද්ධිය අධිකරණයට බරපතල කාරණයක් බව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය උතුරු මැද දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා සහ රහස් පොලිසියේ නිලධාරීන් අමතමින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය. 27 April 2023
ආයුර්වේද වෛද්‍යවරියගේ ගෙළ කපා මරා දමලා කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පිටුපස දී දෙදරු මවක ගෙල කපා ඝාතනය කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි. 27 April 2023
මවක් දරුවකු කුසේදීම විකුණලා:පහක් සැකපිට තංගල්ල ප්‍රදේශයේ පදිංචි මවක එක් දිනක් වයසැති සිය බිළිදිය ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි යුවළකට විකිණී යැයි කියන අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය කියයි. 27 April 2023
සහරාන්ගේ වත්තේ නිධන් හෑරු තව තුනක් මාට්ටු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමට සහ පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ සඟවා තබා ගැනීමට යොදා ගත් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධන් හෑරීමට හවුල් වූ බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 27 April 2023
අවුරුදු උත්සවයට ආ මව මැරී වැටෙයි වලහපිටිය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති සිංහල අලුත් අවුරුදු උත්සවය නැරඹීමට පැමිණ සිටි 39 හැවිරිදි තිදරු මවක හදිසියේ රෝගාතුර වී ඇද වැටී මිය ගොස් ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි. 27 April 2023
රුසියන් කතගේ දේපළ සොරගෙන අකුරණ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි රුසියන් ජාතික කාන්තාවකට අයත් ගමන් බෑගයක් තුළ තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ජංගම දුරකථනයක් සහ රුපියල් 112,000 මුදලක් කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. 27 April 2023
මහර රැඳවියන් 11කට වෙඩි තැබීම අපරාධයක් ‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් කළ විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා, එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට අද (26) නියම කළේය. 26 April 2023
එජාප මැයි රැලියට ජනපති නෑ එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුම් උළෙල කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ’’ජයගමු’’ යන තේමාවෙන් පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 26 April 2023
අජිත් රෝහණගේ ස්ථාන මාරුව අවලංගු කරයි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට නැගෙනහිර පළාතට ලබා දී තිබු ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිෂන් සභාව අද (26) පස්වරුවේ අවලංගු කර ඒ මහතා පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. 26 April 2023
නිවෙසින් පිටව ගිය අයගේ සිරුර බෙන්තොට ගඟේ අලුත්ගම සතිපොළ ආසන්න බෙන්තොට ගං ඉවුරට ගොඩ ගසා තිබූ පිරිමි මළ සිරුරක් අද පස්වරුවේ අලුත්ගම පොලීසිය සොයා ගත් බව කියයි. 26 April 2023
ඉන්දීය මහ කොමසාරිස් මහ නා හිමිවරුන් මුණ ගැසෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බග්ලේ මහතා මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්න්වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන ස්වාමින්වහන්සේ බැහැදුටුවේය. 26 April 2023
ආර්.එම්. පාර්ක් - ෂෙල් ජූනි මස වැඩ අරඹයි මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමට අනුමැතිය හිමිව තිබෙන ආර්.එම්. පාර්ක් - ෂෙල් සමාගම ලබන මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වී ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 26 April 2023
රට යවන හුටපටයකට තරුණයකු පැහැරගෙන ත්‍රී රෝද රථයකින් පැමිණි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තරුණයකු පැහැරගෙන රැගෙන යමින් සිටියදී අද අත්අඩංගුවට ගත් බව මතුගම පොලීසිය කියයි. 26 April 2023
වැවේ නාන්න ගිය අයියා-මල්ලී වැවේ ගිලී මරුට මාන්කුලම, මල්ලාවි හි වව්නිකුලම් වැවේ දිය නාමින් සිටි සහෝදරයන් දෙදෙනකු අද 26 සවස දියේ ගිලී මිය ගොස් ඇතැයි මල්ලාවි පොලිසිය පවසයි. 26 April 2023
පොළොවට එබිකම් කරන යන්ත්‍රයක් සමග අයෙක් දැලේ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ බව කියන අධිතාක්ෂණයෙන් යුත් ස්කෑනර් (deep seeker) යන්ත්‍රයක් සමග එක් අයකු කඩුවෙල වැලිහිද ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත. 26 April 2023
බණ්ඩාරවෙල ’’අල පෙති’’ලෝකෙට යයි ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අල පෙති(Potato Chips) යුරෝපය ඇතුළු ඇතුලු ලෝකයේ රටවල් වලට අපනයනය කරන කර්මාන්ත ශාලාවක් බණ්ඩාරවෙල කහත්තේවෙල ඉදි කර තිබේ. 26 April 2023
එක්ස්ප්‍රස් පර්ල්’ වන්දිය ඉල්ලා විරෝධයේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරිසරයට වූ හානිය සම්බන්ධයෙන් අයවිය යුතු විශාල වන්දි මුදල වෙනත් පුද්ගලයන් අතට පත්වීම වැලැක්වීමට කටයුතු කරන ලෙස සහ එම වන්දිය ගැනීමට කටයුතු කරන ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය සහ පරිසර සංවිධාන අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට අද (26) විරෝධතාවක් පැවැත්වීය. 26 April 2023
ඇමැති ගෝලයාගේ උපකුලපති තෝරන පරීක්ෂණයට විරුද්ධ වේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තෝරාගැනීමට අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ ද මැදිහත්වීමෙන් විශ්ව විද්‍යාල අධ්යක්ෂ ජනරාල්වරයා අනිද්දා (28) පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය අත්හිටුවන ලෙස ඉල්ලමින් අයඳුම්කරුවන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ. 26 April 2023
’’රිලව්ගෙන් ගොවියන් බේරා ගන්න’’ රිලව් චීනයට නොව තූත්තුකුඩියට හරි යවා ගොවියන් බේරා ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 April 2023
අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටිනවා අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටින බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 April 2023
මරදානෙදි දුම්රියක් පීලි පනී මරදාන දුම්රිය ස්ථානයේ 8 වැනි වේදිකාවේ දුම්රියක් අද (26) පස්වරුවේ පීලි පැන ඇති බවත් ඒ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් විය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය. 26 April 2023
ත්‍රස්ත පනතත් අයි.එම්.එෆ් කොන්දේසියක්ද? වත්මන් නව ආණ්ඩුව ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න නීති හදනවා වෙනුවට තමන්ගේ ආණ්ඩුවට ආරක්ෂාව ලබා ගැනීම සඳහා ත්‍රස්ත පනත වැනි රෙගුලාසි ශක්තිමත් කරන බව දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 April 2023
‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් අරඹයි මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අනුමැතිය ලැබුණු සමාගම් තුන අතරින් ‘සිනොපෙක්’ සමාගම ලබන ජූලි මස ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 26 April 2023
2026 දී ණය බෝම්බය පිපිරෙනවා 2022 ට වඩා දරුණු අර්බුදයක් 2026 යේදී ඇති වන බවට තමා අනතුරු අඟවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 26 April 2023
කරාපිටියේ සී.ටී ස්කෑන් නවතී දකුණු පළාතේ තිබෙන ප්‍රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍ර අක්‍රීයවීමෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද මහත් අපහසුතාවයක් අත්විඳින බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 April 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026