‘‘අඳුර අතීතයට දී සුභ උදෑසනක් නිර්මාණය කරනවා‘‘ අඳුරුභාවය අතීතයට බාරදී අපේ රටට සුබ උදෑසනක් නිර්මාණය කළ හැකි යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ දී පැවසීය. 04 August 2024
නොමිලේ සපත්තු දුන්නට ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නෑ විපක්ෂය ලබා දෙන පොරොන්දු දේශපාලන වේදිකාවට සුදුසු වුවද ඒවා ක්‍රියාත්මක කිරීමට යාමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය නැවත කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 August 2024
තලවකැලෙන් නැති වූ දරුවන් මීටියාගොඩින් හමුවේ දින 22කට පෙර අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා හා පාසල් සිසුවා ගාල්ල, මීටියාගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අද සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි. 04 August 2024
පෙරහරේ ලොකු පුටුවලට සුද්දෝ පිටුපායි මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා විදෙස් සංචාරකයන්ගේ ආසනයක් සඳහා අධික මිලක් අය කිරීමට විදේශිකයන් දැඩි විරෝධයක් එල්ල කර ඇතැයි වාර්තා වේ. 04 August 2024
වීසා 17 න් දෙන්න පුළුවන් එකක් පමණයි මෙරට වීසා නිකුත් කිරීම පිළිබඳව උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ගුවන් තොටුපළ පැමිණි පසු නිකුත් කරන වීසා (ඔන් එරයිවල් වීසා) පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් අධිකරණ තීන්දුව අධ්‍යනය කර හෙට දිනයේ ඉදිරිපියවර ගැනීමට නියමිතව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා අද (4) පැවසීය. 04 August 2024
මැතිවරණ පැමිණිලි කියන්න අංකයක් පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමටකටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. 04 August 2024
දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ දහ අටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට ආ පුද්ගලයෙකු ද සමග අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අද(04) පියවර ගෙන තිබේ . 04 August 2024
රනිල් දිනවන්න ගම්පහින් ඒකාබද්ධ සැලසුමක් එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසා තිබේ. 04 August 2024
පොඩි හාමුදුරුවන්ට තිබූ එකම අවිය සංවිධාන ශක්තිය සහ අධිෂ්ඨානයයි ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් බොහෝ කාර්යයන් සඳහා මුල පිරූයේ ඊට අවශ්‍ය සියලු සම්පත් සහිතව නොවේ යැයිද උන්වහන්සේට තිබුණේ සංවිධාන හැකියාව සහ අධිෂ්ඨානය පමණක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 04 August 2024
වර්තමාන ආණ්ඩුවේ ආයු කාලය තව දින 46 යි වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවේ ඡන්ද 134 කින් පත්වූ වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අද වන විට මන්ත්‍රීවරු 92 පමණක් සහය ඇති බවත් ආණ්ඩුවට සරල බහුතරය පවා අහිමිවී ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (4) පැවසීය. 04 August 2024
‘‘නාමල්ගේ වැරදිවලින් අපේ ගෙවල්වලට ගිනි තිබ්බා‘‘ මගේ නිවාස ගිනිබත් වුවෙත් අතුකෝරළ මන්ත්‍රීවරයාට සිය ජිවිත පුජා කිරිමට සිදු වුවේත් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඇතුළු පිරිසේ වැරදි වැඩ හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. 04 August 2024
රෝහිතගේ සහයත් රනිල්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ. 04 August 2024
මන්නාරම රෝහලට අනවසරයෙන් අතුළුවු වෛද්‍යවරයකු අත්අඩංගුවට මන්නාරම රෝහලට අනවසරයෙන් ඇතුලුවී වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු චාවකච්චේරි රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරීවරයා අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි. 04 August 2024
‘ආර්ථික- දේශපාලන ක්‍රමය බිඳ වැටුනේ ඡන්ද පොරොන්දු නිසා‘ මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම නිසා මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්රමයද කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 August 2024
රිය අනතුරින් දහම්පාසල් යමින් සිටි දරුවා රෝහලේ ගොඩගම - අතුරුගිරිය මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්නයේ දී කැබ් රථයක් මාර්ගය අයිනේ සිටි දහම් පාසල් දරුවෙකුගේ ගැටී ලොතරැයි අලෙවි කූඩුවකද ගැටීමෙන් අද (04) උදෑසන සිදුවූ අනතුරින් දහම් පාසල් දරුවා සහ තවත් අයකු රෝහල් ගත කළ බව මීගොඩ පොලිසිය පවසයි. 04 August 2024
කදුරට ජනතා පෙරමුණේ සහය සජිත්ට කදුරට ජනතා පෙරමුණේ සහයෝගය ජනාධිපති අපෙක්ෂක වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් තිරණය කර ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය. 04 August 2024
කුවෙට් සංගීතයේදී අත්අඩංගුවට ගත් ලාංකික පිරිසට නිදහස කුවේට් පොලිසිය විසින් ’’ශ්‍රී ලංකන් සමර් නයිට්ස්’’ සංගීත ප්රසංගයේදී පසුගිය 2 වැනිදා අත් අඩංගුවට ගනු ලැබූ ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනකු නිදහස් කරගැනීමට හැකිවූ බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය. 04 August 2024
පොලිස් සැරයන් අල්ලස් දැලේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ට සම්බන්ධ පුද්ගලයකුගේ නම යුක්තිය මෙහෙයුමේ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සදහා රුපියල් 150,000 ක අල්ලසක් ලබාගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙක් වැලිසරදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 04 August 2024
ඝාතන තැත වරදී සෙවනගල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට අද (04) අලුයම තුනට පමණ නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇතැයි සෙවනගල පොලිසිය පැවැසීය. 04 August 2024
දියේ ගිලී තරුණයෙක් මරුට ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 04 August 2024
බස් බස් ගැටී 22ක් රෝහලේ පෞද්ගලික බස් දෙකක් එකිනෙක ගැටී මහඔය අරලගංවිල මාර්ගයේ එම් ජී කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් පුද්ලගයින් 22 ක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 04 August 2024
අලියාගේ පහරින් පස්දරු පියා මරුට වවුනියා උතුර කට්කුලම් පත්තාරෙයි පිරින්දකුලම්හිදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව නෙදුන්කෙනි පොලිසිය සදහන් කරයි. 04 August 2024
බළල් බෙටිවලින් ඇල්සයිමර්වලට බෙහෙතක් බළල් බෙටිවල බහුලව දැකිය හැකි පරයෝෂිතයකුගේ උදවුවෙන්, ස්නායු රෝගී තත්ත්වයන් වන ඇල්සයිමර් සහ පාර්කින්සන් සුව කිරීමට හැකි බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇත. 04 August 2024
තැනින් තැනට අද තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 August 2024
අම්පාරේ ඝාතන වැලක්? අම්පාර ඉගිණියාගල නාමල්ඔය ප්‍රදේශයේදි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය කියයි. වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා තවත් කාන්තාවන් දෙදෙනකුට වෙඩි තබා මරා දමා ඇතැයි තහවුරු නොවූ පුවත් පවසයි. 04 August 2024
කුවෙට් සංගීතයකදී ලාංකික පිරිසක් අත්අඩංගුවට කුවේට් බලධාරීන් ශ්‍රී ලාංකිකයන් 24 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 03 August 2024
රැකියා කෝටාවට විරෝධය පා බංගලි වැසියෝ වීදී බසිති බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් පසුගිය මාසයේ පැවැති විරෝධතාවලිදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා එරට ජනතාව නැවත වරක් විදී බැස්සේය. මියගිය පිරිසේ වගකීම බාර ගනිමින් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සහ රජය ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වී ඇත. 03 August 2024
රත්නපුරේ රාජ්‍ය ආයතනවල ඩෙංගු විමානවල් රත්නපුර මහ නගර බල ප්‍රදේශයේ සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන කිහිපයක ඩෙංගු රෝග කාරක මදුරුවන් ඝනත්වය ඉහළ මට්ටමක පවතින බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥවරිය අවධාරණය කරයි. 03 August 2024
පොහොට්ටුවේ දිස්ත්‍රික් සංවිධායකවරු 4 ක් වෙනස් වෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් 4ක සංවිධායක තනතුරු වෙනස් කළ බව එම පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය. 03 August 2024
’ඉස්මයිල් ඝාතනය කළේ කෙටිදුර මිසයිලයකින්’ හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වූයේ ඔහු නවාතැන් ගෙන සිටි නෙෂාට් ගොඩනැගිල්ලට එල්ල වූ කෙටිදුර මිසයිලකින් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිල නිවේදනයක් නිකුත් කරමින් අද(08) ප්‍රකාශ කළේය. 03 August 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026