‘යුක්තිය’ අදත් 625ක් අල්ලයි ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 625 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 12 February 2024
කනිෂ්ඨයන්ට පහරදුන් ජ්‍යෙෂ්ඨයන් හතක් මාට්ටු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධිය සමිබන්දයෙන් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය. 12 February 2024
සිංහල වෛද්‍යවරු යුක්තියෙන් ඉල්ලීමක් කරති යුක්තිය මෙහෙයුම යටතේ මෝදක සහ කාමේෂ්වරී යන ඖෂධ අත්අඩංගුවට ගැනීම ආයුර්වේදයට කරන අයුක්තියකැයි ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පැවසීය. 12 February 2024
සාජන්ට වෙඩි තබා පැන ගිය සැකකරු මාට්ටු මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී ජංගම මුර සංචාරයක නිරතව සිටි සාජන්වරයකුට වෙඩි තබා පළා ගිය සැකකරු අද සවස බිංගිරිය ප්‍රදේශයේදී අනියම් බිරිය සමග තීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 12 February 2024
මීගොඩ ආර්ථිකය වහයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොළ වෙළෙඳ සලකට ගිනි අවි රැගෙන කඩා වැඳුණු දෙදෙනකු එහි සේවිකාවකට වෙඩි තබා ඇය සතුව තිබූ රුපියල් 45.000ක මුදලක් පැහැර ගැනිමත් සමග තමන් ආරක්ෂිත බව පවසමින් එහි වෙළෙන්දෝ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමූහ. 12 February 2024
මෝටර් රථය යතුරු පැදි තුනක පස් දෙනකු යටකරයි:තරුණයෙක් මරුට රත්නපුර නගරයේදී මෝටර් රථයක් හා යතුරු පැදි තුනක් එකිනෙක ගැටිමෙන් තරුණයකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියය. තුවාල ලැබූ තරුණයන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 12 February 2024
රජකාලේ පාරක් අම්පාරෙන් මතු වේ අම්පාර ඉකුත් දා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සමග දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන ස්ථානයක් හමුවි තිබේ. 11 February 2024
කොස්තාපල් යතුරු පැදි අනතුරින් මරුට හලාවත පොලිස් කොඨඨාශයේ පොලිස් රථවාහන ඒකකයේ රාජකාරි කරමින් සිටි තරුණ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව පල්ලම නගරයේ දී බෝක්කුවක ගැටි හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇතැයි පල්ලම පොලිසිය කියයි. 11 February 2024
ඔන්ලයින් පනතේ කොටසක් ’’රිවර්ස්’’ විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගෙන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ (ඔන්ලයින් ) වෙනස් කරේ. 11 February 2024
ජාජබ අ‘පුර කාන්තා සමුළුව කතුන්ගෙන් පිරේ ජාතික ජනබල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව අද එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි. 11 February 2024
ශ්‍රී ලංකා පිල ලකුණු 308 ක් රැස්කරයි ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් රැස් කළේය. 11 February 2024
‘‘පාසල් දරුවන් මත් කරන අයගැන විමසිල්ලෙන් සිටින්න‘‘ පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීම ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධනාත්මකව කරගෙන යන කටයුතු පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව විමර්ශන කරන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය පොලිස් නිලධාරීන්ට අවවාද කළාය. 11 February 2024
ළමා අපයෝජකයකුට සමාව දුන් හංගේරියා ජනපතිත් ගෙදර යයි ළමා අපයෝජන කිහිපයක් සිදුකළ වරදකරුවකුට එම සිදුවීම් සැඟවීමට උදව් කළ පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන ජනතා විවේචන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් තමන් සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් මහත්මිය ප්‍රකාශ කළාය. 11 February 2024
වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොවියා රජකරවන යුගයක් බිහි කරනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පැවසීය. 11 February 2024
විධායක ජනාධිපති ධුරය ගැන සජබ ස්ථාවරය කියයි පසුගිය කාලයේත් අද දවසේත් විවිධ අවස්ථාවල දී පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය, නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය පැහැර ගැනීමේ ප්‍රධාන ආයුධය ලෙස විධායක ජනාධිපති බලතල පත්කර ඇති බැවින් විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය විය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 11 February 2024
බිත්තරයක මිල රුපියල් 65 ක් වෙයි බිත්තරයක සිල්ලර මිල ලබන සතියේ රුපියල් 62 ත් 65 ත් අතර මුදලක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පැවසීය. 11 February 2024
අනවසර විදුලි රැහැනට අයෙක් බිලි කොස්ගොඩ දූමමෝදර පස්මංහන්දිය ප්‍රදේශයේ කුඹුර ආරක්ෂාව සදහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී පුද්ලයකු මියගොස් ඇතැයි කොස්ගොඩ පොලිසිය පවසයි. 11 February 2024
ජනපති පරණ යාළුවකු බලන්න යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගාතුරුව සිටින හිටපු අමාත්‍ය සහ එජාප ප්‍රබලයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට කුරුණෑගල කටුගම්පල නිවසට අද (11) ගියේය. 11 February 2024
පොලිසියේ ආහාර-නවාතැන් දීමනාව වැඩි වෙයි සියලුම පොලිස් නිලධාරීන්ගේ ආහාර සහ නවාතැන් දීමනා හෙට(13) සිට වැඩි වනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය. 11 February 2024
වී අස්වැන්න ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් මෙවර මහ කන්නයේ වගා කළ කුඹුරු සියල්ලකින්ම ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 11 February 2024
රෙදි පටියකට ගෙල සිරවී සිසුවා මරුට නුවරඑළිය මාගස්තොට කටුමානේ දොලොස් හැවිරිදි දරුවෙක් නිවස අසල කුඩා ගසක රෙදි කැබැල්ලක් බැඳ සෙල්ලම් කරමින් සිටියදී එම රෙදි කැබැල්ලට ගෙල සිරවීමේන් එම ස්තානයේම මිය ගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි 11 February 2024
අපරාධයකට ගෙට පැන මැරුම් කයි දියණියන් සිව් දෙනෙකු සමග මවක රැදී සිටි මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ බව කියන කල්ලියක සාමාජිකයෙකු අසල් වැසි තරුණයකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ කැපුම් තුවාල සහිතව නිවස තුලදීම මරණයට පත් ව ඇතැයි පොලිසිය කියයි. 11 February 2024
ඝාතන සැකකාරිය වසර 33 කට පසු කොටුවෙයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු උපක්රමශීලීව නිවසට ගෙන්වා ගෙන පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි අඹු සැමි යුවළකගෙන් කාන්තාව බණ්ඩාරගම පමුණුගම නිවසක සැඟව සිටියදී වසර 33කට පසු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි 11 February 2024
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී සංචාරක ඇෆ්ගනිස්තාන් පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් ලකුණු රැස්කිරීමට තීරණය කළේය. 11 February 2024
වැඩියෙන් මුදල් අය කළ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන්ට නොතීසි නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගීයකුගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කිරීම අත්හිටුවන්නැයි එම 11 February 2024
ගම්පහ මිනිස්සු සිටින තුරු අඩියක් පස්සට ගන්නෙ නෑ ගෙවල් ගිනි තබා දේපළ විනාශ කර තර්ජනය කොට තම දේශපාලන ගමන නතර කළ නොහැකි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 11 February 2024
අපිට ඕන කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් පසුගිය මහ මැතිවරණයේදී රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කලත් රට හදන්නට හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මිනිස්සුන් තේරුම් ගෙන ඇතැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 11 February 2024
පොහොට්ටු අපේක්ෂක ඡන්ද කටේදී බොහෝ දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා දැනටමත් නම් කර ඇතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා එම මැතිවරණය ආසන්නයේ නම් කිරීමට තීරණය කර ඇත. 11 February 2024
සතොසට ලබන සතියේ බිත්තර මෙම සතියේ මුල් දීනවලදී ලංකා සතොස වෙත බිත්තර තොග නිකුත් කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. 11 February 2024
සමාජ මාධ්‍යජාලා ක්‍රියාකාරියකු අත්අඩංගුවට ගනී සමාජ මාධ්‍යජාල යොදාගෙන මැති ඇමතිවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් එවැනි පුද්ගලයන් මෙහෙයවන අය ඉදිරියෙදී හෙළි කරන බවත් මහජන ආරක්ෂක ආමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 11 February 2024
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026