හරින් හැර හිටපු ඇමතිවරු CIDයට ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව ප්‍රකාශ දීම සඳහා රහස් පොලිසියට කැඳවනු ලැබු අමාත්‍යවරු සිව්දෙනාගෙන් තිදෙනෙකු රහස් පොලිසියේ පෙනී සිට ඇති අතර හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (22) දින රහස් පොලිසියේ පෙනී සිටින බව දැනුම් දී ඇත. 21 November 2024
අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු මෙන්න ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. 21 November 2024
ඩග්ලස් දේවානන්දට වරනේතු නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (21) නියෝග කළේය. 21 November 2024
ආහාර විස වී දැරියන් 9ක් රෝහලේ තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ. 21 November 2024
කෝටි දෙකක කුෂ් කටුනායකදී මාට්ටු රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කරමින් සිටි විදේශීය ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (20) දින රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ . 21 November 2024
නියෝජ්‍ය ඇමතිවරු අද සවස තුනට දිවුරුම් දෙති නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති. 21 November 2024
රවීගේ නම යැවීම ගැන රනිල් මෙලෝ දෙයක් දන්නේ නෑ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 21 November 2024
ශ්‍රී ලංකාව -සිංගප්පූරුව අතර නව ගුවන් සේවාවක් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 21 November 2024
‘අයිස්‘ කිලෝ තුනක් සමඟ දෙන්නෙක් මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව විශේෂ කාර් ය බළකාය පවසයි. 21 November 2024
යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී සොහොයුරන් මරුට මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මාන්කුලම් පොලීසිය පැවසීය. 21 November 2024
වඩයකින් ආ මාරයා අධ්යක්ෂ බිලිගනී වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 21 November 2024
පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 තෙක් කල් තබයි පාර්ලිමේන්තුව දෙසැම්බර් තුන්වෙනිදා පෙරවරු 9.30 තෙක් කල් තබන බව ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු නිවේදනය කළේය. 21 November 2024
ගත් ආකාරය කියන්න බැරි මෝටර් රථයක් සී.අයි.ඩී. බාරයට හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බෑණාට අයත් යැයි සැලකෙන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ භාරයට ගෙන ඇතැයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 21 November 2024
අලුත් පාර්ලිමේන්තුව විවෘත කරන්න ජනපති එයි දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. 21 November 2024
කෝටි 500ක කුඩු මාතරින් අල්ලයි රුපියල් කෝටි 500 කට අධික හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය. 21 November 2024
පක්ෂ නායක රැස්වීමක් කැඳවයි දස වැනි පාර්ලිමේන්තුවේ මූලික පත්කිරීම් සිදු කිරීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක් කැඳවන බව කථානායක අශෝක රන්වල මහතා ප්‍රකාශයට පත් කළේය. 21 November 2024
විපක්ෂ නායක සජිත් බව කථානායක පිළිගනී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කථානායක අශෝක රන්වල මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 21 November 2024
සභානායක - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පත්කරයි දස වෙනි පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද පත් කර ගන්නා බව කථානායක අශෝක රන්වල මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 21 November 2024
අගමැති-විපක්ෂ නායක කතානායකට සුබ පතති අභිනව කථානායක අශෝක රන්වල මහතාට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක් කළහ. 21 November 2024
නියෝජ්‍ය කාරක සභා සභාපති පත් වෙයි දස වෙනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා හේමාලි වීරසේකර මහත්මිය පත් වූවාය. 21 November 2024
නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වි සාලි දස වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය. 21 November 2024
‘තුන් හෙළ ජන ගී කල්ලිය‘ ජාත්‍යන්තර සම්මාන 03 ක් හිමිකර ගනියි ශ්‍රී ලංකාවේ ’ තුන් හෙළ ජන ගී කල්ලිය’’ , තායිලන්තයේ පැවති අන්තර්ජාතික ජන සංගීත සහ ජන නර්තන තරගාවලියේ දී , සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ 21 November 2024
කථානායක සභාව අමතයි ආදර්ශවත් පාර්ලිමේන්තුවක් බිහිකිරීමට කැපවන බව කතානායක අශෝක රන්වල මහතා සභාව අමතමින් පැවසීය. 21 November 2024
දික්වැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට දික්වැල්ල වලස්ගල ප්‍රදේශයේ දී අද (21) උදෑසන නාදුනන තුවක්කරුවෙකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තිදරු පියෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි. 21 November 2024
ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන 23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 November 2024
ගෞතම් අදානිට අධිචෝදනා ගොනු කෙරේ ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනු කර ඇත. 21 November 2024
බංගලාවලින් නොයන අයට වෙන දේ මහ ලේකම් කියයි මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් අදට (21) පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාස වල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය එම නිවාස වල තවදුරටත් රැඳී සිටින මන්ත්‍රීවරුන් 35 දෙනාට ලිඛිතව දැනුම්දී ඇත. 21 November 2024
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට අද(20) ලිඛිතව දැනුම් දුන්නේය. 20 November 2024
වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ. 20 November 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026