ආචාර්ය හේමාලිට ජාත්‍යන්තර තනතුරක් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ (World Organization for Animal Health) ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ ( Asia- Pacific Regional bureau) උප සභාපති ධුරයට පත් කර තිබේ. 04 June 2024
තෙවන වරටත් ඉන්දියාව මෝදිට ලැබූ මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත් ඒ අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇති බවත් එම සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 04 June 2024
දකුණෙන් පළාත් අටක ආදායම් බලපත්‍ර නිකුත් කරයි බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර සෙසු සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් මහතා පැවසීය. 04 June 2024
ලිට්රෝ ගෑස් රුපියල් 150 කින් අඩු කරයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය 04 June 2024
දරුවෙක්ට අමානුෂිකව පහරදුන් අයෙක් සොයයි පදවිය, වැලිඔය සම්පත් නුවර පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු විසින් අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත. 04 June 2024
උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම කොළඹ කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය අද (4) සිට යථාතත්වයට පත්ව ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය. 04 June 2024
අවුරුදු හයේ දරුවා ළිඳට බිලි යාපනය චාවකච්චේරි ප්‍රෙද්ශයේ වයස අවුරුදු 06 ක කුඩා දරුවෙකු ගෙවත්තේ වූ ළිඳට ඇදවැටී මියගොස් ඇති බව චාවකච්චේරි පොලිසිය සදහන් කරයි. 04 June 2024
ප්‍රතිඵල එයි: මෝදි ඉදිරියෙන් දින 44 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ මහ මැතිවරණය පැවැත්වුවත්, ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙන් බැවින්, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ද කඩිනමින් සිදුවෙයි. 04 June 2024
කොලොන්නාව ගංවතුරට තිත තියෙන වැඩසටහනට තැබෙන අනුමැතිය කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා ඒකමතික අනුමැතිය හිමි විය. 04 June 2024
කෙටවල අමුණ පිටාර ගලා ගම්පහ යට වෙයි අධික වර්ෂාතව් සමග ගලා ආ මහා ජලකඳ හේතුවෙන් කෙටවල අමුණ පිටාර ගලා තිබේ. 04 June 2024
දෑස නොපෙනුනත් වසරකට කලින් විභාගය ලියා ඒ 3ක් ගනී කුරුණෑගල පිදුරුවැල්ල ප්‍රදේශයේ උපතින්ම දෘශ්‍යාබාධිත හිමාශා කාවින්දි හේරත් සිසුවිය 2023 වසරේ අපොස උසස් පෙළ විභාගයෙන් ඒ සමාර්ථ තුනක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වී ඇත. 04 June 2024
වැස්සේ තාවකාලික අඩුවීමක් දිවයිනේ නිරිත දිග කොටසේ පැවැති තද වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් අද දින සිට බලාපොරොත්තුවන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 June 2024
ගංවතුරේ විනෝද වෙන්න ගිය 20කට කරන්ට් වැදේ ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් සෙසු පිරිස බේරි ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 04 June 2024
සිසු ගැටුමකින් සිසුවකුට මැහුම් 7ක් දමයි හතරලියද්ද ප්‍රධාන පාසලක 12 ශ්‍රේණියේ සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් සිසුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව හතරලියද්ද පොලීසිය කියයි. 04 June 2024
ඉන්දීය ඡන්දයේ ප්‍රතිඵල අද අදියර 7 ක් යටතේ, දින 44 ක් තිස්සේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 8.30 ට ආරම්භ වෙයි. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීම ද සිදුවෙයි. 04 June 2024
ආණ්ඩු පක්ෂ රැස්වීම උණුසුම්:මන්ත්‍රී රාජපක්ෂට තුවාල ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් පසුව ඇතිවූ ගැටුමකදී රාජපක්ෂ මහතා තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි. 04 June 2024
අනුරගේ රැස්වීම හොරෙන් වීඩියෝ කළ බුද්ධි නිලධාරියාට පහර දීලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී ඊයේ (2) පැවැති රැලියකට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි අංශයකට සම්බන්ධ පොලිස් නිලධාරියකු අනුර කුමාර මහතාගේ ජායාරූප ගැනීමට යාමේදී එහි සිටි පිරිසකගේ ප්‍රහාරයකට ලක්වී ඇතැයි වාර්තාවේ. 04 June 2024
ගම්පහ නගරය ජලයෙන් යටවෙයි ගම්පහ ප්‍රදේශයට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරය අද (3) පස්වරු වන විට ජලයෙන් යටවී තිබූ බවත් අඛණ්ඩව වර්ෂාව පැවතුණ හොත් රෝහල ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවත් ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් අද රාත්‍රී පැවසීය. 03 June 2024
මහනුවර දිසා කාර්යාල වෙබ් අඩවිය ගොළුවෙලා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යන kandy.dist.gov.lk නැමති වෙබ් අඩවිය මාස ගණනාවකින් යාවත්කාලීන කර නැතැයි වාර්තාවේ. 03 June 2024
ජේතවනාරාම දාගැබේ අකුණු සන්නායකය උස්සන්න හදලා අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය සොරකම් කර රැගෙන යාමට පැමිණි තිදෙනකු ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි. 03 June 2024
ගුවන් හමුදාව සීරුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් නිරීක්ෂණයකින් පසු ගුවන් යානා සහ බට පිරිස් ස්ථානගත කිරීමට පියවර ගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි. 03 June 2024
ශ්‍රී ලංකාව ලකුණු 77 කට සීමාවෙයි නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර නිව්යෝක්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 19.1 කදී ලකුණු 77 කට සීමා විය. 03 June 2024
විස්සයි20 ලෝක ශූරයන්ට ඇදහිය නොහැකි තෑගි මල්ලක් ඇමෙරිකාවේදී දැන් පැවැත්වෙන නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක් හෙවත් රුපියල් කෝටි 73 කට අධි මුදල් ත්‍යාගයක් පිරිනමන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (3) පස්වරුවේ නිවේදනය කළේය. 03 June 2024
කොළඹ ජනතාවට බොර වතුර කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට දිවෙන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගංවතුර හේතුවෙන් ගැලවී යෑමෙන් කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට බොරපැහැ ජලය ලැබෙන බව ජනතාව පවසති. 03 June 2024
’’තිලංග ගැන අධිකරණයට කරුණු කියයි!’’ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා යැයි කියාගන්නා හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පිළිබඳව නුදුරු දිනයකදී අධිකරණයට කරුණු වාර්තා කරන බව එම සන්ධානයේ හිටපු මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය 03 June 2024
ගංවතුරට මන්ත්‍රීවරුත් කොටුවෙති ගංවතුර තත්වය හේතුවෙන් සමහර මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු රැස්වීම්වලට මේ සතියේ සහභාගිවීම අවිනිශ්චිත වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 03 June 2024
ගම්පහ - කැළණිය කළාපයේ සියලු පාසල් වහයි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගම්පහ සහ කැළණිය අධ්‍යාපන කළාපවලත් කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශ තුළත් තිබෙන සියලු පාසල් හෙට (04) දිනයේතු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි 03 June 2024
35,000කගේ විදුලිය බිඳ වැටිලා අයහපත් කාලගුණයේ බලපෑමෙන් රට පුරා විදුලිය බිඳවැටීම් 35,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් අනාරක්ෂිත තත්වය හේතුවෙන් කොස්ගම, සීතාවක සහ මාලිම්බඩ යන ප්‍රදේශ තුනේ පමණක් විදුලි විසන්ධි කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය අද (3) පස්වරුවේ පැවසීය. 03 June 2024
දුම්රිය මඟේ බස් පැද වූ රියදුරා රිමාන්ඩ් අවිස්සාවේල්ල තුම්මෝදර ප්‍රදේශයේදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් දුම්රිය මාර්ගයක ධාවනය කළ සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 03 June 2024
දුම්රිය උමගේ ගැටි විදේශිකයෙක් මරුට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත් විදේශිකයෙකු දුම්රිය උමගේ ගැටි (03) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය. 03 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025