ලැයිස්තුගත අපරාධකරුවෙක් පොලිස් දැලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඝාතනයට ලක් වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් ’’අංගොඩ ලොක්කා’’ නැමැත්තාගේ සමීපතමයෙකු බව කියන අතුරුගිරියේ ’’ලොකු ජයා’’ නැමැත්තා කඩු දෙකක් සහ ගංජා සමඟ අත් අඩංගුවට ගත් බව බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 25 August 2024
පිරිමි වදවෙලා ගැහැනු ඉතිරි වෙන්නයි යන්නේ මවු කුස තුළ දී ගැහැනු පිරිමි ලිංගිකත්වය තිරණය කරන, Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජන වී ඇති බවත්, ඉදිරියේ දී එය සම්පූර්ණයෙන් නැතිවී යෑමේ අවදානමක් පවතින බව වෛද්‍ය පර්යේෂකයෝ කියති. 25 August 2024
අපේක්ෂකයකු මැරුණොත් වෙන අයකුට අවස්ථාව ජනපති අපේක්ෂකයකු මියගියහොත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ආදේශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 25 August 2024
ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක් ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ, ලෙබනනයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර හේතුවෙනි. 25 August 2024
ජනපති රදගුරු සංගමය හමු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කතෝලික රදගුරු සංගමය අතර හමුවක් කොළඹදී අද (25) පැවැත්වුණු අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 25 August 2024
ගල්කිස්සේ ගණිකා නිවසක් වටලයි කාන්තාවක් විසින් ආයුර්වේද සම්භාන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා කතුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි . 25 August 2024
බදු හොරු රැලක් රට වටේ වංචනික කණ්ඩායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. 25 August 2024
ප්‍රවාහන සංගම් 12ක සහාය ජනපතිට පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සංගම් ප්‍රධානීහු හා නියෝජිතයෝ කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වී ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා වෙත සිය පුර්ණ සහාය පළ කරන බව ප්‍රකාශ කළහ. 25 August 2024
ලක්ෂ 40 ක බීඩි කොළ කල්පිටියේ කළපුවක ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙසින් මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද බීඩී කොළ කිලෝ ග්‍රෑම් 776 ක් සහිත,ඇසුරුම් 24 ක් කල්පිටිය කප්පල් අඩිය වෙරළ තීරයට ගොඩ බා තිබියදී ශ්‍රී ලංකා නාවුක නෞකා විජය ආයතනය මගින් අත් අඩංගුවටගෙන ඇත. 25 August 2024
ලෝක සාමය සම්මානය ශ්‍රී ලාංකික සිසුවියකට ජපානයේ හිරෝෂිමා ආයතනය මගින් ළමයින් සදහා වන සාම සමුළුවේ දී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේ දී එයට සහභාගී වූ ලොව අනෙකුත් රටවල් පරදා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය පැවැත්වු කතාවට , ලෝක සාම සම්මානය ( World Peaceful Award ) දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 25 August 2024
පුංචි ඡන්දෙට කොමිසම රැස්වෙයි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදි පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. 25 August 2024
තැපෑලේ නිවාඩු අවලංගුයි සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු හෙට(26) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත 25 August 2024
අඹයක් ලක්ෂ 7කට වෙන්දේසි වෙයි යාපනය, නාගර්කෝවිල් හි ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ හතක මුදලකට වෙන්දේසි වූ බව එම කෝවිලේ පාලනාධිකාරිය පවසයි. 25 August 2024
විදුලි සැරෙන් 15 සිසුවාට දිවි අහිමිවෙයි ගලෙන්බිඳුණුවැව , උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය පැවසීය. 25 August 2024
නිධන් සෙව් තුනක් පොලිස් දැලේ මහියංගණය කෙසෙල්පොත ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු සඳහා යොදාගත් උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි. 25 August 2024
ඉන්දියාවේ ඖෂධ 156 ක් තහනම් ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ 156 ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 25 August 2024
ජර්මනියේ අයි.එස්. ප්‍රහාරයක් ජර්මනියේ බටහිර දෙසින් පිහිටි සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් සිදුවිය. ප්‍රහාරයට ලක්වීමෙන්, තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි. 25 August 2024
ආයුධයකින් පහරදි කාන්තාවක් මරලා තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 25 August 2024
දුම්රිය ධාවනයට බාධා මරදාන දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේදි අද (25) ඉන්ධන දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 25 August 2024
අනතුරින් බිලිදා මරුට යාපනය කන්කසන්තුරේ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙකු මියගොස් ඇති බව චුන්නාකම් පොලිසිය සදහන් කරයි. 25 August 2024
ඌරු පහරින් ආච්චි අම්මා මරුට ඌරකු සිදු කළ පහර දීමකින් කාන්තාවක බරපතල තුවාල ලබා ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් පොලිසිය සදහන් කරයි . 25 August 2024
පළාත් කීපයකට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ. 25 August 2024
නිධන් ගන්න ගිය 11 දැරණියගලින් මාට්ටු දැරණියගල රස්නන්කන්ද ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් එකොලොස් දෙනකු පුපුරන ද්‍රව්‍ය සහ නිදන් හෑරීමේ උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි. 25 August 2024
රිෂාඩ්ගේ තීරණයට පක්ෂයේ ජාතික සංවිධායක විරුද්ධ වේ මෙවර ජනාධිපතිවරණයේදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත් තමන් එම තීරණයට එකඟ නැතැයි එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය. 25 August 2024
විජයදාසගේ කතාවට විදුලිය හරස් වෙයි ජාතික ප්රජාතත්ත්රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (24) අත්තනගල්ල ආසනයේ ජනාධිපතිවරණ රැස්වීම ඇමතීමට සූදානම් වෙන මොහොතේදීම විදුලි බලය විසන්ධිවීම නිසා ඒ මහතාගේ කතාවට බාධාවක් ඇතිවිය. 24 August 2024
මිත්‍ර ශක්ති අවසන් යුධ අභ්‍යාසය මාදුරුඔයදි කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනුම හා තාක්ෂණය හුවමාරැ කරගැනීම අරමුණු කරගෙන ඉන්දිය හා ශ්‍රී ලංකා යුධ හමුදාව ඒකාබද්ධව සිදුකරන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය පසුගිය 12 වන දින ආරම්භ කළ අතර එහි අවසාන යුධ අභ්‍යාසය මාදුරුඔය යුද හමුදා පුහුණු පාසල් නගරබද සටන් ප්‍රදේශයේ දී පැවැත්විණි. 24 August 2024
අපුර ගමන බොරලුගොඩින් නවති තුන් හැවිරිදි එකම දියණිය සමග ස්කුටරයක යමින් මවක් සහ පියෙක් හොරණ බොරලුගොඩ ආයෝජන කලාපයට හැරෙන හන්දිය අසලදී බොලරෝ වර්ගයේ ජීප් රථයක ගැටීමෙන් මව මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි 24 August 2024
’ජනතා දුක නොදන්නා අය මැතිවරණයේදී අතු ගා දැමිය යුතුයි’ ජනතාව ජීවත් කරවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවෙි යැයිද ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න තමා සුදානම් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුවේදී අද (24) පැවසීය. 24 August 2024
මන්නා පහරකින් කතක් මරුට පවුල් දෙකක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මන්නා පිහියකින් පහරදී කාන්තාවක ඝාතනය කර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි . 24 August 2024
සමීක්ෂණවලින් රැවටෙන්න එපා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව කරන සමීක්ෂණ සම්බන්ධයෙන් නොමග නොයන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය. 24 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026