චීන දූත පිරිසක් ජනපති හමුවෙයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. 25 November 2024
අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි මිලදී ගෙන රුපියල් ලක්ෂ එකසිය විස්සක් වංචා කර ඇතැයි චෝදනා කරමින් නිප්චූන් පේපර් පුද්ගලික සමාගම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත. 25 November 2024
හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි. 25 November 2024
මෙන්න මහා අපරාධයක් මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැකගත හැකියි. 25 November 2024
තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල විශේෂ පිරිත් පිංකමක් පසුගියදා පැවැත්විණි. 25 November 2024
කලපුවේ සැඟවුණු මල් කැකුලිය මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී සොයා ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පැවසිය. 25 November 2024
කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු 50 හැවිරිදි එක් දරු පියෙකුට බරපතළ වැඩ සහිත වසර 08ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා දරුවාට රුපියල් ලක්ෂ 02ක වන්දියක්ද අද (25) නියම කළේය. 25 November 2024
උසස් පෙළට එරෙහිව පෙත්සමක් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේය. 25 November 2024
අර්චුනා ගැන පරීක්ෂණයක් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය. 25 November 2024
සහල් ගැන හිටපු කෘෂි අධ්යක්ෂ කතා කරයි රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්‍රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්‍රික් ටොන් මිලියන 2. 46 ක් , බැවින් අතිරික්ත වී තොගයක් මෙරට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ වරයකු වූ කේ. බී ගුණරත්න මහතා පැවසීය. 25 November 2024
’’නීති හරිහැටි ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නවා’’ ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 25 November 2024
’’හිටපු ඇමතිගේ නීති විරෝධි වැඩ නිසා නීත්‍යානුකූල E-9 රැකියා අනතුරේ’’ පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කාණ්ඩයේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇති වී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. 25 November 2024
සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ. 25 November 2024
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ. 25 November 2024
තුෂාර ඉඳුනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලයි මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. 25 November 2024
බදුල්ල- කොළඹ දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 25 November 2024
අනවසර ලී බඩු සමඟ යුද හමුදා භටයින් තිදෙනකු අල්ලයි බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකරගම පොලිසිය පවසයි. 25 November 2024
ගංවතුර තිබුණත් උසස් පෙළ දරුවන් විභාග මධ්‍යස්ථානයට මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැවැති වැසි සහිත කාලගුණයත් සමග ගංවතුරු පැවැති ප්‍රදේශවල සිට උසස් පෙළ විභාගයට යන දරුවන්ට අවශ්‍ය පහසුකම්සැලසීමට නාවික හමුදාව,යුද හමුදාව, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සහ අනෙකුත් සහන කණ්ඩායම් අද දින පියවර ගත්තේය. 25 November 2024
යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක් අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 25 November 2024
යතුරු පැදි හොරෙක් මාට්ටු අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි. 25 November 2024
මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුපියල් මිලියන 100 බැඳුම්කරයක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(25) නියෝග කළාය. 25 November 2024
ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින බව වාර්තාවේ. 25 November 2024
නිදන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස්දෙනෙකු වනාතවිල්ලුව පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත්අඩංගුවට ගත් බව කියයි. 25 November 2024
පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි . 25 November 2024
මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක් තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (24) සවස විරෝධතාවක නිරත වූහ. 25 November 2024
නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ. 25 November 2024
මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක නිරත වූ විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනකුගෙන් සැදුම්ලත් කල්ලියක් රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා විවිධ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බවත් නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 25 November 2024
බස් බස් ගැටී හතරක් රෝහලේ අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ගලික බස් රථයේ ගමන් ගත් මගින් සිව්දෙනෙකු තුවාල ලබා අද (25) දින වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය. 25 November 2024
වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය. 25 November 2024
වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 25 November 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026