රජයේ දේපල පාවිච්චි කරන විට ඉස්සර නරක පුරුදු එපා පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට (22) දැනුම් දුන්නේය. 22 October 2024
දුම්රිය පරණ යකඩ දේශීය කර්මාන්තවලට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2024
ම.ප.ප්‍රධාන ලේකම් කාර්යාල වාහන 38ක රාජ්‍ය ලාංඡනය නැහැ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 38ක රාජ්‍ය ලාංඡනය යෙදිම සහ වාහන බදෙහි ආයතනයේ නම සටහන් කිරිමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. 22 October 2024
’’රවී - ශානි’’ තනතුරුවලින් ඉවත් කරන්නෑ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුද කිසිදු හේතුවක් මත එම තනතුරුවලින් ඉවත් නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 22 October 2024
මහානායක චාරිකාරාමය ප්‍රතිසංස්කරණයට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහානායක චාරිකාරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2024
මාතර ඝාතනයේ වෙඩික්කරුවන් අල්ලයි මාතර, නාවිමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකු අමානුෂික ලෙස ඝාතනය කර පලාගොස් කෑගල්ල හෙට්ට්පොල ප්‍රදේශයේ සැගව සිටි වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද දින අත්අඩංගුවට ගනු ලැබූහ. 22 October 2024
’’නැගෙනහිර බහලු පර්යන්තය’’ විශේෂ ව්‍යාපෘතියක් කරයි නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය විශේෂිත ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2024
නිවෙස් හිමියා මරා භාණ්ඩ සොරාගෙන නිවසක සොරකමක් සදහා පැමිණි අයෙක් විසින් නිවෙස් හිමියා ඝාතනය කර සිරුර කෙසෙල් පදුරක් අස්සේ සඟවා තිබියදී අද (22) හමුව ඇති බව පානදුර පොලිසිය පවසයි . 22 October 2024
පොදුරද මඩුලු සමුළුවට යන දූත පිරිසට කැබිනට් අනුමැතිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලාංකික දූත පිරිසක් සහභාගී කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2024
අල්ලස් වැටලීම් අත්තිකාරම වැඩි කරයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2024
වෙරළ රකින්න අලුත් ලොක්කෙක් පත් කරයි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2024
පොලොන්නරුවේ HIVආසාදිතයින් වැඩිවෙලා ශ්‍රී ලංකාවේ 2025 වර්ෂය වන විට ඇස්තමේන්තුගත එච් අයි වී ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වනු ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්ය්ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය අනුරාධපුරයේදි පැවසිය. 22 October 2024
ගමනාගමන කොමිසමට සභාපති- අධ්යක්ෂ මණ්ඩලය පත් කරයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2024
මධ්‍යම සංස්කෘතික අරමුදලට නව අධ්යක්ෂවරයෙක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා ආචාර්ය ටී. එම්. ජේ. නිලාන් කුරේ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2024
මහා භාණ්ඩාගාරයට ඉහළ නිලතල පත් කරයි මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 22 October 2024
මහනුවර ස්ථාන දෙකක නාඳුනන මළ සිරු දෙකක් මහනුවර පොලිස් බල ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරු දෙකක් හමුවී ඇති බව පොලිසිය කියයි . 22 October 2024
කල්පිටිය රථවාහන OIC අත්අඩංගුවට රුපියල් ලක්ෂ 25 කට ආසන්න බීඩි කොළ තොගයක් නඩු භාණ්ඩ වශයෙන් රේගුවට බාර දීම සඳහා ලොරි රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාලු ඉඩමකදී එම බීඩි කොළ තොගය පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටි බව කියන කල්පිටිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති සහ ලොරි රථයේ රියදුරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. 22 October 2024
හිස බිත්තියට සිරවී කම්කරුවා මරුට අකුරැස්ස නගරයේ වෙළෙඳ ආයතනයකට යාබද පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටි අයෙකු මතට වහලේ කොටසක් ඇදවැටී බිත්තියකට යට වී හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් කම්කරුවකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි. 22 October 2024
පළාත් රැසකට කඩින් කඩ තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 October 2024
යහපාලනයේ කෘෂි ගොඩනැගිල්ලට දුන් කෝටි 66ක අතිකාරම් කෝ යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් අධික කුලියක් ගෙවා ලබා ගැනීම සම්බන්ධයෙන් රජය විමර්ශනයක් ආරම්භ කර තිබේ. 22 October 2024
බ්‍රික්ස් සමුළුව ඇරැඹේ රුසියාවට අයත් ටැටර්ස්ථාන් පළාතේ, කසාන් නගරයේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරැඹේ. සමුළුව දින දෙකක් පුරාවට පැවැත්වෙයි. 22 October 2024
ප්‍රතිකාරවලට එහා ගිය මීගලෑව රෝහල රෝගීන්ගේ මානසික සුවය මෙන්ම රෝහලේ සුබ සාදන කටයුතු සඳහා ද ආර්ථිකමය අතින් සෙත සැලසෙන අයුරින් මුළු රෝහල් භූමියම වගා කටයුතු සඳහා යොදා ගනිමින් රාජකාරියට අමතරව රෝහලේ සංවර්ධනයට වෙහෙස මහන්සිය දරන වෛද්‍යවරුන් සහ සේවක සේවිකාවන් පිරිසක් මීගලෑව ප්‍රාදේශීය රෝහලේ දී අපට හමු විය. 21 October 2024
අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය. 21 October 2024
ගම්පහ පෙදෙස් කීපයකට ජල සැපයුම හෙමින් සම්ප්‍රේෂණ ජල සැපයුම් මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (22)දහවල් 12 වන තෙක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. 21 October 2024
මහ ඡන්දේ අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වෙයි මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි 21 October 2024
මහේස්ත්‍රාත්ට මඩ ගැසී සිද්ධියට හිටපු මන්ත්‍රීවරයකු අල්ලන්න සොයයි මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා සම්බන්ධ බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (21) නියෝග කළේය. 21 October 2024
හිටපු ඇමැති රෝහිතගෙන් අභියෝගයක් මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය . 21 October 2024
බිත්තර හැංඟුවොත් වැඩ වරදී බිත්තර තොග සඟවන්නන්ට එරෙහිව නීතිමය පියවර දැඩි කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 21 October 2024
අලුත් පෙනුමට හැඩ වූ විදෙස් ගමන් බලපත මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අද (21) සිට පියවර ගත්තේය. 21 October 2024
මහින්ද වාහන තුනක් බාරදෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාවිච්චි කළ වාහන තුනක් ජනාධිපති ලේකම් කාර්යාලයට අද (21) භාර දුන්නේය. 21 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026