(නිමන්ති රණසිංහ)
 
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් නිතී විරෝධී ලෙසින් භාවිතා කර රජයට පාඩු කළැයි අල්ලස් චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා සම්බන්ධ නඩුවේ චෝදනා සම්බන්ධ ප‍්‍රතිවිරෝධතා නියෝගය ලබන මැයි 3 වැනිදා නිකුත් කරනු ලබන බව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (05) තීරණය කළේය.

මෙහි චූදිත වූ රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා අධිකරණයේ පෙනී සිටි අතර, චූදිතට එරෙහි චෝදනාවන් කියවා දීම සිදු විය. මෙහිදී අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේ තම සේවාදායකයා මෙම චෝදනා පිළි නොගන්නා බවයි. එසේම, අල්ලස් කොමිසම විසින් මෙම චෝදනා පත‍්‍රයට අමතරව වෙනත් කිසිදු ලේඛණයක් ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නිතීඥවරයා අධිකරණයට සදහන් කළේය.