IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ළමා ශ්‍රමිකයන් ගැන 1929 ට කියන්න

(තිලිණි ද සිල්වා )

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අද (12)ට යෙදී ඇති අතර මෙවර ජාත්‍යන්තර දිනයේ තේමාව "දරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය යහපැවැත්ම" යන්නයි.
 
ළමයින් ශ්‍රමිකයන් ලෙස භාවිත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු 1929 ට දැනුම් දෙන්න යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
ලොව සෑම රටකම අනාගතය තීරණය කිරීමෙහිලා ප්‍රමුඛතම කාරණයක් ලෙස එරට ළමා පරපුර හැඳින්විය හැක. 
මේ නිසා නිසි වයස තුළදි අවශ්‍ය ආරක්ෂාව මෙන්ම ඔවුනගේ සෞඛ්‍ය නගා සිටුවීම ප්‍රමුඛතම කාර්යයක් බවට පත් වේයි. 


එමෙන්ම අනිවාර්ය අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය මඟින් දරුවන්ට  සමාජය තුළ වඩාත් යහපත් අයුරින් කටයුතු කිරීමේ අවකාශය උදා වන අතර, එම කාලය තුළදි දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතය මඟින් ඔවුනගේ කායික මෙන්ම මානසික යහපැවැත්මටද සිදු වන හානිය සුළුපටු නොවේ.
 
දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතා කිරීමට ආසන්නතම හේතු ලෙස ආර්ථිකය, අධ්‍යපානය, සංස්කෘතික වටපිටාව, ජනතාවගේ වගකීම හා වගවීම පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම යනාදි කරුණූ රැසක් බලපානු ලබයි. 

මෙම කරුණු පිළිබඳව දැඩි ලෙස අවධානය ලබා දෙන ලොව සදාචාරාත්මක හා ශිෂ්ටසම්පන්නතම සමාජයන් තුළ දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතා කිරීම සිදු වන්නේ ඉතාමත්ම කළාතුරකිනි. 


ශ්‍රි ලංකාව තුළද වර්තමානය වන විට ළමා ශ්‍රමිකත්වයේ සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබීම ඉතා සතුටට කරුණකි. 
 
දරුවන් පිළිබඳව වගවීම සමස්ත සමාජයේම යුතුමක් වන අතර, දැයේ දරුවන් ළමා ශ්‍රමිකත්වය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කරගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කර දීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතුය. 
 
 
 

 



අදහස් (0)

ළමා ශ්‍රමිකයන් ගැන 1929 ට කියන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site