(නිමන්ති රණසිංහ)
2008දී කොළඹ හා අවට ප්‍රදේශවලින් පැහැරගනු ලැබූ බව කියන ළමයින් පස් දෙනකු ඇතුළු 11 දෙනකු අතුරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ කොමදෝරු ඩී.කේ.පී.දසනායක අද(12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද සවස රහස් පොලිසිය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලින් පසු අත්අඩංගුවට ගනු ලැබිණි.
COMMENTS
එල් ටී ඊ එක දකුණට කල විනාශයට ඇයි නඩු දන්නේ නැත්තේ .
වරද -ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා බෝම්බ ඇටවූ ලොරියක් ප්‍රවාහනය කල සහ එයට අනුබල දුන් පුද්ගලයන් අත් අඩංගුවට ගෙන අතුරුදහන් කිරීම ..ඔබට මට හැමෝටම අභය දානය දුන් මේ මිනිස්සුන්ට මෙහෙම කරලා මදි ..පපුවට දැනෙන හැගීම කියාගන්න බැහැ
බණ්ඩාර ... නොදන්නා දේට හොම්බ දමන්න එපා ..
ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පැවැත්වීමය් අහිංසක දරුවන් මරා දැමීය් දෙකක් කාගේ උනත් දරුවෝ .බලය අයුතු ලෙස යොදාගෙන නිදොස් ලෙ වැගිරීම නොකළ යුතුයි .මුදල් තණ්හාව නිසා මුළු ජීවිත කාලය පුරා ගෙවන්නට වේ .
ඉදිරියේ ෆෙඩරල් ක්‍රමය හඳුන්වා දීමට ගෙන ඒමට නියමිත ලාම්පු කලගෙඩි කෙළියට විරුද්ධ වේ යයි සිතෙන සැම කොමදොරුවෙක්ම මොනයම්ම හෝ වරදකට පටලවිමේ උප්පරවට්ටියද මේ?
මුන්ට මුල අමතක වෙලා, ලෝකේ හැම රටක්ම ජාතික ආරක්ෂාව බලනවා... ඒ දවස්වල ඒ වෙනුවෙන් කැප වෙච්ච හමුදා විරිවන් මුන් අත්අඩංගුවට ගන්නවා, මේවා කගේ උවමනාවටද වෙන්නේ, ඒ දවස්වල ළමා සොල්දාදුවෝ තමා කොලඹ බෝම්බ පිපිරෙව්වේ....
විපුල, බංඩාර නොදන්නා දේවල් ලියන එක එච්චර හොද මදි නේද? මෙයාල අතුරුදහන් කලේ LTTE ත්‍රස්තවාදීන් නොවේ. කප්පම් ගන්න කොටිපති මුදලාලිලාගේ දරුවන්
බණ්ඩාර ..මේ කප්පම් ගන්න උස්සපු ළමය . දන් දෙන්නද කප්පම් ගත්තේ . තාමත් ලංකාවේ ඉන්නේ වනචාරී ගෝත්‍රිකයෝ . තමන්ගේ නොවෙන ගෝත්‍රයේ උන් මැරීම අනුමත කරන කට්ටිය .
රණවිරුවන්ගේ සුළු වැරදි පවා සොයමින් ඔවුන්ට නඩු දාන නමුත්, ත්‍රස්තවාදීන් මෙන්ම, ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් බහුතරයක් නිදැල්ලේ ඉන්නවා. සමහර අයගේ ඕනා එපාකම් අනුව, පරණ තුවාල පාරමින් ජාතිවාදය අවුස්සන්නේ නැතිව, සියලු ජාතින් සමගිකරගෙන යහපත් ඉදිරි ගමනකට රට ගෙනයන වැඩපිළිවෙලක් වහා ඇරඹිය යුතුයි.
මේ හැමෝම අලුත් ග්‍රහලෝකයක් හොයාගත්ත වගේ උඩපැන පැන කැගහන්නේ අපගේ රණවිරුවන් ජිවිත පුජාකර රට බේරාදුන් නිසාබව මේ දේශ පාලුවන්ට අමතකව ඇත.
මෙතන කොමෙන්ට් දාන සියල්ලන් වෙතටයි ...අපි කවුරුත් ත්‍රස්තවාදයට විරුද්ධයි . නමුත් මෙම අත්අඩංගුවට ගැනීම රණවිරු කතාවකට අදාල නැත . ඔහුගේ බල තල වලට මුවාවී ළමයින් පැහැරගෙන ඉන්පසු කප්පම් ලබාගෙන ඔවුන් මරා සැඟවීම අපිට සාධාරණය කල හැකිද ? මෙවැනි අපරාධ නීතිය හමුවට නොගත යුතුද ? අනික කොටි ත්‍රස්තවාදය යනු ත්‍රස්තවාදයකි. එහි ක්‍රියාකාරකම් සඳහන් කර හමුදාව කරන අපරාධ සාධාරණීය කිරීමෙන් වලකින්න .
මේ සේරටම අමතකයි දවස ගානෙ බෝම්බ පිපිරුණා හැටි.. මරභය දැනුනු හැටි කොටි වීරයෝ හමුදාව වරදකාරයෝ
කප්පම් මරණ සහ රටක බුද්ධි අංශ වලින් කරන ඝාතන යනු දෙවර්ගයකි. හැමදේටම ජාත්‍යාලය පටලවා ගන්න එපා. මොවුන් වරදක් කර ඇත්නම් දැඩි දඬුවම් දෙන්න.
අතුරුදහන් වුන අය ත්‍රස්තවාදීන් වුනත් ලෝක නිතිය යටතේ රාජ්‍ය හමුදා නිලධාරියෙකුට ත්‍රස්තවාදියෙක් වගේ වැඩ කරන්න බැහැ එය දඩුවම් ලැබිය යුතු වරදක්
අරන්තලාවේ හාමුදුරුවරු 38 ,පොලිසියේ 600, ඝාතන ගැන කාටවත් මතක නැහැ,