(රංජන් කස්තුරි)
තමන් සේවය කරන තැපැල් කාර්යාලවල රාජකාරීවලට වාර්තා කිරීමට අපහසු තැපැල් සේවකයින්ට ළඟම පිහිටි තැපැල් අධිකාරී කාර්යාලවලට වාර්තා කළ හැකි අතර ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බවද තැපැල්පති ඩි.එල්.පී ආර් අභයරත්න මහතා පවසයි.
රාජකාරියට පැමිණෙන තැපැල් සේවකයින්ට ඇතැම් වෘත්තීය සමිති වලින් බලපෑම් එල්ලවන නිසා මෙම පියවර ගන්නා බවද තැපැල් සේවක නිවාඩු අවලංගුකර ඇතැයිද තැපැල්පති කියයි.
COMMENTS
දඩබ්බර වැඩ කරන්නේ නැතුව හොඳින් ඔය ප්‍රශ්නේ විසඳන්න බැරිද ?
තැපෑලම අහෝසි කරලා, හොද විධිමත් සමාගමකට ලබාදෙන්න. රටට වැඩක් වෙයි. හරි විදිහට දෙන්න හොද ගිවිසුමක් හරහා.
තැපැල් දෙපාර්තමේන්තුව අහෝසි කරලා පුද්ගලික අංශයට භාර දුන්නොත් දැනට වඩා කාර්යක්ෂම සේවයක් ලබාගැනීමට පුළුවන් වේවි.
දැන් කොමත් කරන්න දෙයක් ඉතුරු වන්නේ නැහැ… කුරියර් ඔක්කොම අල්ලගෙන ඉවරයි…
6/2006 නොතකා පත්විම් දුන්න රා.සේ.කො., තැපැල්පති , තැපැල් ලේකම් මේවාට වගකිව යුතුයි. බදවාගත් තනතුරේ ස්ථිර කරලා ප්‍රශ්නය විසදන්නෙ නැතිව තවත් අනාගන්න එපා.!
කොහොමහරි හරි කමක්නෑ ඔය ස්ට්‍රයික් එක ඉවරයක් කරන්න. මේක කාගෙවත් බුදලයක් නෙමෙයි ජනතාවගේ සේවයක්. තොරතුරැ සම්ප්‍රේෂණ යාන්ත්‍රණය ඇන හිටියම කොහොමද රටක් පවතින්නේ. මෙකේ බරපතලකම පේන්නැත්තේ ඇයි? තැපැල් ඕන්නැත්තම් ලියුම් කැන්සල් කරලා ඊ-මේල් වලට නිත්‍යානුකූල පිලිගැනීමක් දියවු.!
අපේ රටේ පෞද්ගලික කරන ලද සේවාවන් සියල්ලම පාහේ අසාර්ථකයි. උදාහරණ හැටියට කියනවා නම් පෞද්ගලික බස් සේවය ජාත්‍යන්තර පාසැල් හා පෞද්ගලික අංශයේ රෝහල් යනාදිය දක්වන්න පුළුවන්. මේ හැම ආයාතනයකම අය කරණ මුදලට සාධාරණ කාර්යක්ෂම සේවයක් ලබා ගැනීමට නොහැකිවී ඇත.
DJA ගේ අදහස මමත් අනුමත කරනවා . නමුත් සත්‍යපාල කියන හැටියට පුද්ගලික බස් සේවාව අසාර්ථක වෙලා තියන්නේ එක සමාගමකින් නැතුව මුදලාලිලා සතු නිසා. නමුත් පුද්ගලික රෝහල් ජාත්‍යන්තර පාසල් වලින් ලැබෙන්නේ ඊට වැඩ ගුණාත්මක සේවාවක් . රජයේ පාසලේ වැඩකරන ගුරුවරයා උත්සහ කරන්නෙත් තමන්ගේ ළමයව ජාත්‍යන්තර පාසලට යවන්න. ඒ එක්කම රජයේ සියලුම මැති ඇමතිවරු, දෙස්තරලා අසනීප උනාම බෙහෙත් ගන්න යනේ පුද්ගලික රෝහලට.