IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිස් වූ උතුරු පළාත් අමාත්‍යධුර සඳහා අයදුම්පත් කැඳවයි

සිරාජ් හසීම්

උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය ධුරය හා අධ්‍යාපන අමාත්‍යධූරය සදහා නවක අමාත්‍යවරුන් දෙදෙනෙකු තෝරාපත් කර ගැනීම සදහා හෙට(23) අවසන් වීමට පෙර තමන් වෙත අයදුම්පත් ඉදිරිපත් කරන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා එම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයින් වෙත දැනුම් දී තිබේ.

මේ අනුව පළාත් සභාවේ ආණ්ඩු බලය හිමි දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් දෙදෙනකු මෙම අමාත්‍යධූර සදහා පත් කරගැනීමට නියමිත අතර එම පත්කිරීම පළාතේ දිස්ත්‍රීක් මට්ටම හා දෙමළ ජාතික සන්ධානය  නියෝජනය කරන දේශපාලන පක්ෂවල එකඟතාව මත සිදුකිරීමට නියමිත බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා ලංකාදීපයට පැවසීය
උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේසන් සහ  අධ්‍යාපන අමාත්‍ය ටී.ගුරුකුලරාජා යන මහත්වරුන්ගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරවීම සදහා මහ ඇමතිවරයා මෙලෙස අයදුම්පත් කැදවා ඇති අතර මෙකී අමාත්‍යධූර සදහා පත්කරන අමාත්‍යවරුන් කවුරුන්ද යන්න තීරණය කිරීම සදහා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් සමගද සාකච්ඡා කිරීමට නියමිතය.
 
උතුරේ ආරංචිමාර්ග පවසන අන්දමට මෙම අමාත්‍යධූර සඳහා එම ධුරවල හිටපු අමාත්‍යවරුන් නියෝජනය කළ මුලතිව් හා යාපනය දිස්ත්‍රීක්ක දෙකෙන් පත් කිරීමට සැලසුම් කර තිබේ.

 



අදහස් (0)

හිස් වූ උතුරු පළාත් අමාත්‍යධුර සඳහා අයදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site