( තරිදු ජයවර්ධන)
කටුනායක පොලිස් බල ප්‍රදේශයේ වල්පොල, අඩිඅම්බලම නිවසක පවත්වාගෙන ගිය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ කාර්යාලයකට පහර දී ඇතැයි කටුනායක පොලීසිය කියයි.
ඊයේ රාත්‍රීයේ දී මෙම පහරදීම සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ආධාරකරුවෝ 6 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
සැකකරුවන් මෝටර් රථයකින් හා යතුරු පැදි දෙකකින් පැමිණ පක්ෂ කාර්යාල පැවැති නිවස අසළ නවතා තිබු මෝටර් රථයකට හා ත්‍රිරෝද රථයකට හානි කර ඇතැයි පැමිණිල්ලේ සහන් කර ඇතැයි පොලීසිය කියයි.
පක්ෂ කාර්යාලය පැවැති නිවසේ සැමියා සහ බිරිය තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඔවුන් මේ පිළිබව පොලීසියට පැමිණිලි කර ඇත.
COMMENTS
කෙනෙකු ජයගත් පමණින් පරාජිතයින්ට පහර දෙන්න තරම් මිනිසුන් සුනඛයන් වුනේ කෙසේද? මොකාගේ පක්ෂේ අය වුණත් ගැටළුවක් නැත. ඇතුළට දැමිය යුතුමයි...
පටන් ගත්තා වගේ දිවුරුම් දෙන්නත් ඉස්සෙල්ලා...
දිනුවට පස්සේ මොනවද මේ කරන විකාර..? මහජනතාව ඇතිකරපු විශ්වාසය විනාශ නොකර ඉන්න වගබලා ගන්න... මොන පාලනයක් යටතේ හෝ මෙවන් ක්‍රියා සිදු නොවිය යුතුයි. වැරදි කරුවන්ට ඉහළම දඬුවම් බලාපොරොත්තු වෙමි.
මේ සංස්කෘතිය නවත්වන්න හැකි ජනාධිපති, අගමැකි සහිත පාර්ලිමේන්තුවක් කවදා බිහිවේද ?
මේ අය නිසා තමයි කලින් මහින්ද පරාද උනේ. මේ අය පක්ෂෙනුත් පන්නලා දාන්න ඕනේ. මේ අය තියා ගත්තොත් ආපසු පක්ෂය විනාශ වෙනවා.
රටට නව නායකත්වයක් සහ රටේ බහුතර ජාතිමාමක බලාපොරොත්තුවලට නව ජවයක් ගෝඨා ජනපති වීමට සුදුසුකම් ලැබීමෙන් ලැබුණි. කෙසේ වුවත් මේ රටේ පාක්‍ෂිකයින් යයි කියා ගන්නා ඔල්මාදකරුවන්ගෙන් මේ රට තවදුරටත් බේරාගත යුතුව ඇත. පොදුජන පෙරමුණ හෝ වෙනත් ඕනෑම පක්‍ෂයක පාක්‍ෂිකයින් සහ ප්‍රාදේශීය දේශපාලඥයින් විසින් සිදුකරන සියලු ආකාරයේ අන්තනෝමතික වැඩවලින් නරක නාමය යන්නේ රාජ්‍ය පාලනයටයි. එහෙයින් මේ සකල ආකාරයේ දේශපාලන මාෆියාවන්ගෙන් මේ රට බේරා ගැනීම අත්‍යාවශ්‍යයි. ගෝඨාගේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට අනිවාර්යයෙන්ම විශාල දේශපාලන ආකල්පමය වෙනසක් මේ රටේ ඇති කළ යුතුයි.
මේ ජරා ක්‍රමය නැති කිරීමට නම් ලංකාවේ මිනිස්සු හිතන පතන ක්‍රමය වෙනස් කළ යුතුයි. හැම දේශපාලකයෙක්ම බලයට එන්නෙ ජනතාව ගොනාට අන්දලා. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. මිනිස්සු හිතන්නෙ මොලෙන් නෙමෙයි. ඒක තමයි මේ හැම එකකටම මුල. මම හිතන්නෙ ලෝකෙ ඉන්න රවට්ටන්නම පුළුවන් ජාතිය ශ්‍රි ලංකික ජනතාවයි. සුළු පිරිසක් හැරුණු කොට. මෙය තේරුම් යාමට තව අවුරුදු 100ක් වත් ගත වේවි.
අහන්න දෙයක් නැහැ රනිල්ගේ කට්ටිය වෙන්න ඇති
අර කියනව වගෙ අවුරුදු 71 ක මජර දේශපාලනය එක රැයෙන් නවත්තනවා බොරු. කාලය විසින් සියල්ල විසඳේවි. ඒ සඳහා අපට හොඳ නායකයෙක් ඇත.
මේ මිනිසුන්ට හරියට නීතිය දැන්මම ක්‍රියා නොකොළොත් අනාගතයේ වැඩ අවුල් වෙයි .
මේක ඡන්දේ ප්‍රශ්නයක් නොවෙයි. වෙන පුද්ගලික ආරවුලක්.
මේ වැඩ නම් කවුරුවත් අනුමත කරන්නේ නැහැ. ඒ අයටත් තම දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනෑ. නැත්නම් අපිට අදහස් හා යෝජනා ලබා ගන්න බැහැනේ. කිසිම විරුද්ධවාදියෙකුට අබ මල් රේණුවක තරම්වත් හිරිහැරයක් නොකිරීමට තරම් නිහතමානී විය යුතුයි. එහෙම නුනොත් අපිට විරුද්ධවාදීන් වැඩි වෙනවා. එතකොට අපි නිකම්ම පරදිනවා.