IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හාල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අටක් සතොසෙන් අඩු මිලට

(මහින්ද නිශ්ශංක)

හාල් වර්ග අටක හා හාල් මැස්සන් මිල අඩු කර තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ අටක් අඩු මිලට ලබාදීමට ලංකා සතොස පියවර ගෙන ඇතැයි ලංකා සතොස සභාපති ආචාර්ය පී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා පවසයි.

නව මිල ගණන් අද(28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සභාපතිවරයා පවසයි. සුදු නාඩු, සුදු කැකුළු, සම්බා, රතු කැකුළු, රතු නාඩු, සුදු කැකුළු සම්බා, රතු කැකුළු සම්බා සහ කැඩුණු සහල් මෙම මිල අඩුකර ඇති සහල්වර්ග අතර වේ.
මෙයට අමතරව බී ලූනු, අර්තාපල්, ටින් මාළු, සතොස කිරිපිටි, සීනි, පරිප්පු සහ තිරිඟු පිටි වෙළඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට වඩා ජනතාවට ලබාදෙන බවද ඔහු කීවේය. ජීවන වියදම අඩු කිරීම සඳහා ජනාධිපති උපදෙස් මත මෙම මිල අඩුකිරීම ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියේය.
 



අදහස් (6)

හාල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අටක් සතොසෙන් අඩු මිලට

gamini Thursday, 28 September 2017 11:24 AM

හැම ගමකම සතොසක් අරින්න. සමහර සමුපකාර කලු කඩ වෙලා.

:       3       82

daham Thursday, 28 September 2017 12:12 PM

ඇයි මේ නිවේදනයටම ඒවායේ මිල ගණන් නොදැම්මේ? එහෙම දැම්මා නම් මුළු රටේම ජනතාවට එක වරම අලුත් සහන මිල දැන ගන්න තිබුණා. හොඳ දෙයක් කලත් එ්කෙත් මේ වගේ අඩු ලුහුඬුකම්.

:       0       117

සමන් - ඕමානයFriday, 29 September 2017 07:56 AM

ඇයි දහම් දන්නේ නැද්ද? මිල ගණන් මාර විදිහට අඩු කරලනේ! හාල් රුපියල් තුනකින් !!! ලුණු රුපියල් දෙකකින්!!! ඊයේ ඉඳන් ජීවන වියදම බාගෙට බැහැලාලු !!!

:       0       0

PA-RA Thursday, 28 September 2017 01:57 PM

ගැන කොහොම වුණත් අපි නිතර දකින්නේ බාල කන්න බැරි දේවල්.... ඕන කෙනෙක් ගෙන් අහන්න බොරුද කියලා?

:       472       32

සෙනෙවි Thursday, 28 September 2017 05:48 PM

මේකත් 'සිල් රෙදි ' වගේ කේස් එකක් නේද ?

:       0       28

සරත් Friday, 29 September 2017 02:39 AM

මිල අඩු කිරීම නම් ඉතා හොදයි.ඒත් අල ළුණු හාල් මැස්සෝ වල ප්‍රමිතිය හා විවෘත වෙළද පොළේ ඇති එම භාණ්ඩ වල ප්‍රමිතියත් අතර ඇති වෙනස අපි විවේචනය කරනවට වඩා රජයේම නිලධාරීන් ලවා විමසා බලනවානම් හොදයි.හාල් නම් එතරම් වරදක් නැහැ.කාලෙකට පස්සේ ඊයේ හොඳ ලොකු ළුණුත් තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 313 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site