IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


හලාවත ප්‍රා.ස කාලගෝට්ටියක්


(ජූඩ් සමන්ත, ලක්ෂමන් හෙට්ටිතන්ත්‍රි, එස්.හේරත්)

හලාවත ප්‍රාදේශීය සභා සභාපති ලෙස නම් කර ඇති සරත් සිල්වා මහතා සහ උප සභාපති එරික්  සැම්සන් යන මහත්වරුන් ඇතුළු තේරී පත්වූ සභිකයින් පිළිගැනීම සදහා ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය තුළ සංවිධානය කර තිබූ උත්සවයට තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු  ඇතුළු පිරිසක් අද (06)  කඩා වැදි කළබල කිරීම හේතුවෙන් එම අවස්ථාව  උණුසුම්  විය.

මේ හේතුවෙන් මාදම්පේ පොලීසියට අමතරව අතිරේක පොලිස් බල ඇණිද කැදවා තිබුණි. මාදම්පේ - සුදුවැල්ලේ පිහිටි හලාවත ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්වීමට සංවිධානය කර තිබුණි.

සභාපති, උප සභාපති ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් පිළිගැනීම සදහා ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්.ඒ.ජේ.එස්.හේමලතා මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් උත්සවය සංවිධානය කර තිබුණි.

උත්සවය ආරම්භ කිරීමට පෙර එම ස්ථානයට කඩා වැදුණු පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කර හලාවත ප්‍රාදේශීය සභාවට තේරී පත්වී ඇති සුනිල් ෆාරිස් සහ ජනිත දේවප්‍රිය යන මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් කලහකාරී ලෙස  හැසිරිම හේතුවෙන් මෙවැනි තත්ත්වයක්  ඇති විය.  සුනිල් පාරිස් මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් සභාපතිවරයාගේ  කාමරයට කඩා වැදී එහි අසුන් ගෙන ලොග් සටහන් තැබීමට උත්සහා කළද  පොලීසියේ මැදිහත් වීමෙන් එය ව්‍යර්ථ විය.

අනතුරුව සුනිල් පාරිස් මන්ත්‍රීවරයා විසින් ජාතික කොඩියද, ජනිත දේවප්‍රිය මන්ත්‍රීවරයා විසින් පළාත් පාලන කොඩියද එසවීම සිදු කරන ලදි. මේ අතර පැමිණ සිටි පිරිසට සුදානම් කර තිබූ සංග්‍රහය පිළිගැන්වීමටද ඔවුන් කටයුතු කළ අතරතුරදී උත්සවයට පැමිණි   සභාපති සරත් සිල්වා මහතා එම ස්ථානයට පැමිණ බාධා කළේය.  

පසුව ජාතික කොඩිය, පළාත් කොඩිය සහ පළාත් පාලන කොඩි එසවීම නැවත සිදු විය. මේ අතර තුර සභාපති සරත්  සිල්වා මහතා සභාපති සරත් සිල්වා මහතා වැඩ බාර ගැනීම සිදු කළේය.

සභාපති සරත් සිල්වා මහතා සහ පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ යන මහත්වරුන් සභාව අමතන අවස්ථාවේදී සභාවේදී පිටත රැදී සිටි පිරිස ඊට බාධා කළේය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් පාරිස් මහතා කියා සිටියේ පසුගිය පළාත් තමන් හලාවත ප්‍රාදේශීය සභාවේ සෙසු අපේක්ෂකයින්ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇති නමුත් ලයිස්තුවේ 06 ස්ථානයට පත්වූ අයෙකුට සභාපති ධූරය ලබා දී ඇති බවයි.

විරෝධතාවයට එක්ව සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජනිත දේවප්‍රිය මහතා කියා සිටියේ මෙම අරගලය දිගින් දිගටම රැගෙන යන බවත්,බහුතර සභිකයින් තමන් සමඟ සිටින බවත්ය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන්ද විමසීමක් කළේය

‘යම් වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කිරීම සදහා පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා  කිරීමට තමන් කටයුතු කරන බව හෙතෙම පැවසීය. 

හලාවත ප්‍රාදේශීය සභාවේ නව සභාපති සරත් සිල්වා මහතාගෙන් මේ සම්බන්ධ   විමසීමේදී පැවසුයේ - ‘මම කිසිමකෙනෙකුගෙන් සභාපතිකම ඉල්ලං ගියේ නෑ.නමුත් මට ලැබුණා. බාධක ඇති වෙයි.ඒත් මම ජනතාවට සේවය කරන්න සුදානම්.කව්රු කෑ ගැහුවත් මම ඉදිරියට යනවා.” යනුවෙනි 
 

 



අදහස් (2)

හලාවත ප්‍රා.ස කාලගෝට්ටියක්

naradha Friday, 06 April 2018 10:25 AM

දැන් ප්‍රාදේශීය සභාවල ඇත්තේ මහජන සේවය නොව, බල පොරයකි. මෙවැනි පොරකන සභිකයින් නෙරපා දැමීම පක්ෂ නායකයින්ගේ වගකීමයි.

:       0       36

ප්‍රසාද් Friday, 06 April 2018 03:27 PM

මහින්දට හැමදාම වරදින්නේ බලය ලැබෙද්දී මුල අමතක වෙනවා.. ඒ නිසා තමයි පක්ෂය වෙනුවෙන් කැපවෙලා වැඩිම මනාප ගත්ත අයට තනතුරු නොදී හය වෙනියාට මනාප ගත්ත සරත්ට තනතුරු දුන්නේ මේක පිටිපස්සේ ඉන්නේ හිරේ ඉන්න කෙනා.. මහින්දගේ අවසානය නැවතත් ලං වෙලා වගේ...

:       1103       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 89 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 930 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site