IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


හලාවත දරුවා මැරූ සැකකරු මුලතිව්වලින් අල්ලයි

හලාවත ඉරණවිල අවුරුදු නවයක දරුවකු අපයෝජනය කර මරා දැමීයැයි කියන සැකකරු මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සැඟවී සිටියදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ගිරව් අල්ලා දීමට යැයි කියමින් දරුවා කැළයට රැගෙන ගොස් අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.

දරුවා අපයෝජනය කර මරා දැමූ බවට සැක කරන පොල් කඩන පුද්ගලයා සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ අනුව සැකකරු අද උදේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.



අදහස් (13)

හලාවත දරුවා මැරූ සැකකරු මුලතිව්වලින් අල්ලයි

දීපාක් Sunday, 04 March 2018 06:20 AM

රටේ නීතිය වල් වැදිලා. අපරාධකාරයෝ දන්නවා ඒ අය කවදාවත් එල්ලුම් ගස් යන්නේ නැති බව. යහපාලනය තුළින් අපි බලාපොරොත්තු වුණා මේ වගේ කාලකන්නින් එල්ලුම් ගස් යවාවි කියලා. විද්‍යා දැරිය මරපු කෙනා හරි එල්ලුම් ගස් යැව්වා නම් වැරදි කරන්න බය වෙනවා. ඔය දරුවා මරපු කෙනා මරලා දැම්මා නම් රටට තවත් කාලකන්නියෙක් නැතිවෙනවා.

:       2       276

lal Sunday, 04 March 2018 06:26 AM

මෙවැනි ක්‍රියාකාරකම් වලට අනුග්‍රහය දක්වමින් හා එය නීතිගත කිරීමට පවා කටයුතු කරමින් සිටින මෙවැනි අවිධිමත් දුක්ඛිත කාල පරිච්ඡේදයක මෙවැනි සිදුවීම් නොවැළැක්විය හැකි බව අපගේ අදහසයි. අහෝ රටට ගිය කලක් !!!

:       156       144

Pradeep Sunday, 04 March 2018 09:01 AM

මේ දරුවාගේ තාත්තටවත් බලමු දරු සෙනෙහස තියෙනවද කියලා. මේ පාපතරයාට හෙන 7ම ගහන්නට ඕනෑ...

:       3       348

ජගත් ලියනගේ Sunday, 04 March 2018 09:20 AM

ලංකාවේ පොලිසියේ අති දක්ෂ නිලධාරීන් සිටියි. නමුත් ඔවුන්ගේ සේවය හරියාකාරව කර ගන්න බැරි වන්නේ දේශපාලනය කරන අය සම්බන්ධ වුණොත් තමයි. සැක කරුට උපරිම දඬුවම ලබාදිය යුතුයි.

:       0       47

mohan Sunday, 04 March 2018 10:07 AM

මේ වගේ අය තමයි සඟවලා තිබෙන ආයුධ පෙන්නන්න එක්ක යන්න ඕනේ...

:       0       241

දීපාක්Sunday, 04 March 2018 11:29 AM

හරියටම හරි මොහාන්. මේ වගේ අය තමයි හංගපු ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න ඕනේ. ආයේ නේන්නම... අපේ ළමයෙක්වත් තනියම කොහොම යවන්නද?

:       0       105

ThushaSunday, 04 March 2018 01:09 PM

ඔබ හරි... මෙවැනි සමාජ පිළිල, මොන ක්‍රමයකින් හෝ සමාජයෙන් අතුගා දැමිය යුතුයි. නිදාගෙන ඉන්න පොඩි ළමයි උස්සන් යන රටක, වියපත් මහළු මවකටවත් තමන්ගේ නිවසේ නිදහසේ ඉන්න දෙන්නේ නැති රටක, පොඩි ළමයි ඉන්න දෙමව්පියන් අවදියෙන් ඉන්න. යමක් වුනාට පසු අඬා වැළපීමෙන් ඵලක් නැත. මල් වැනි කුඩා ළමුන් ඇහැක් මෙන් රැකගන්න.

:       0       58

lankaputhaSunday, 04 March 2018 02:15 PM

මම නිවැරැදි නම් ‘කොටකෙතන‘ දෙව්මි දරුවා ඝාතනය කළ පුද්ගලයා හිරෙන් පැනලා ජීවත් වෙන බවයි පේන්නේ...

:       0       0

Thusha Sunday, 04 March 2018 10:33 AM

පොල් කඩන මිනිහෙක් නම් මේ මිනිහා ගාව මුවහත් පිහියක් වැනි දෙයකුත් තියෙන්න ඇතිනේ. මෙවැනි නූගත්, අසහනකාරයින් සමග පොඩි ළමයෙක් කැළයට යනකම් දෙමව්පියෝ මොනවා කළාද? මේ නරුමයාට දැඩි දඬුවම් දෙන්න.

:       3       26

soma dubayi Sunday, 04 March 2018 11:53 AM

මේ මනුස්සයට අනුකම්පා කර සමාව දෙමු. සමාව දීම දේව ගතියක්..

:       430       11

banda Sunday, 04 March 2018 12:27 PM

දැලි පිහියෙන් කපලා මිරිස් කුඩු දාලා වද දීලා මරන්න ඕනෑ.. අර දරුවා විඳපු වේදනාව කරපු අයටත් දෙන්න ඕනේ....

:       0       14

maradha Sunday, 04 March 2018 01:09 PM

අද රටේ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මත්කුඩු ව්‍යාපාර, කප්පම් ගැනීම් වැඩිවී ඇත්තේ, එවැනි අපරාධවලට නිසි දඬුවම් නොමැති වීමෙන්, අපරාධකරුවන්ගේ බිය නැතිවී තිබීමයි. මේ සඳහා නීති සම්පාදනය කිරීමට පත්කළ මහජන නියෝජිතයින් අද කරන්නේ මහජන සුබ සිද්ධිය පසෙක තියා, තමන්ගේ සුබ සිද්ධිය ගැන ක්‍රියා කිරීමයි.

:       0       3

leel gunawardena Sunday, 04 March 2018 02:01 PM

සත්‍ය කවදා හරි හෙළිවෙනවා. අපරාධකරුවන්ට කොපමණ කලක් නිදහසේ ඉන්නද? නමුත් ජගත් මහතා කියනවා වගේ ලංකාවේ පොලිස් නිලධාරීන් බොහොම දක්ෂ පිරිසක්... අනික් රටවල් දිහා බැලුවහම නමුත් අවාසනාවකට වගේ පොලිස් කටයුතුවලට දේශපාලනය බලපෑම් කරනවා. මෙවැනි ක්‍රියාකාරකම් තවමත් ලංකාවෙන් තුරන්වෙලා නැහැවෙයිද? කියලත් සැකයි. කෙසේ හෝ අපරාධකාරයා අල්ලපු වග දැනගත්තාම සතුටු වුණා. නමුත් අර අහිංසක දරු පැටියා ගැන දැනෙන්නේ විශාල කණගාටුවක්.... පොලිස් නිලධාරීන්ට මගේ ප්‍රණාමය!!!.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 453 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site