(සිරංගිකා ලොකුකරවිට)

සහන සේවාවන්හි යෙදී සිටියදී අද උදෑසන කඩා වැටුණේ යයි කියූ එම්. අයි.17 වර්ගයේ හෙලිකොප්ටරය කඩාවැටුණා නොව එහි ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් එහි නියමුවා විසින් හදිසියේ ගොඩබාන ලද බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

හෙලිකොප්ටරය හදිසියේ ගොඩබෑමේදී නිවෙසක වහලකට හානි සිදුවී තිබේ. හෙලිකොප්ටරයේ 11 දෙනකු ගමන් කර ඇතත් සුළු තුවාල සිදුවී ඇත්තේ අයකුට පමණි.

එය ගොඩබාන ලද ස්ථානය තවමත් ජලයෙන් වටවී තිබෙන හෙයින් හෙලිකොප්ටරය ඇති ස්ථානයට ළඟාවීම අසීරු වී තිබේ.
මෙම යානය ගංවතුර ආධාර බෙදීමට යොදවා තිබූ යානයකි.