(කාංචන කුමාර ආරියදාස)
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඒවා මාරු කිරීමේ චෝදනාව යටතේ දීර්ඝ විමර්ශනයකින් පසුව යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි .
ඉතා සූක්ෂම ලෙස පුද්ගලයකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ ප්‍රබල ව්‍යාපාරික ආයතන වලට ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු ලබාදී ඒවා මාරු කරන බවට දඹුල්ල පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට තොරතුරක් ලැබී තිබිණි.
ඒ අනුව ඉතා රහසිගතව මෙම පුද්ගලයා පිළිබඳව පොලිස් නිලධාරීන් විමර්ශනයක නිරත වී තිබේ. ඔහු විසින් මාරු කරනු ලැබූ රුපියල් 5000 නෝට්ටු තුනක් සමඟ පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු වැලිකන්ද ප්‍රදේශයේ යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකක ප්‍රකාශකයකු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
415
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර සල්ලි ගැසු හමුදා සෙබළෙක් අත්අඩංගුවට