(ජුඩ් සමන්ත, හිරාන් ප්‍රියංකර ජයසිංහ )

මුහුදු මාර්ගයෙන් නවසිලන්තයට යාම සදහා යාත්‍රා පැමිණෙන තුරු උඩප්පුව වෙරළේ රැඳී සිටි පිරිසකගෙන් තිදෙනෙකු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ අවුරුදු 21 සහ 24 සීමාවන්වල තරුණයින් තිදෙනකු බවත් ඔවුන් සමග සිටි තවත් තරුණයින් 5 දෙනෙකු පොලිස් වැටලිමත් සමග පැන ගොස් තිබු බවත් වාර්තා වේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.