(මනෝප‍්‍රිය ගුණසේකර)
සමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබාගැනීම සඳහා ව්‍යාජ ලෙස සකස් කළ උපාධි සහතිකයක් ලබාදුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ස.තො.ස ආයතනයේ උසස් නිලධාරියකු රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේසත‍්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා නියම කළේය.
ව්‍යාජ සහතික ලබාදී රජයේ රැකියා ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබු සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැරියේය.
ව්‍යාජ සහතික ලබාදී සමුපාකාර තොග වෙළද සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියා ඇතුථ විවිධ අන්දමේ රැකියා ලබාගත් නිලධාරීන් පිරිසක් සිටින බවට ඉදිරිපත් වු පැමිණිල්ලක් සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරව ගාමිණි පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරින ලදී.
COMMENTS
අපේ අය ගොඩක් ඕස්ට්‍රේලියාවෙත් මේ ආකාරයෙන් ඉන්නවා. සමහරු පසුව එහෙන් උපාධි අරන් මෙය යට ගහනවා.
මම දන්නා රජයේ සුළු නිලධාරියෙකු මේ වගේ හොර සහතික වංචාව නිසා සේවයෙන් ඉවත් කල. එතෙක් කලක් රජයෙන් ලබාගත් වැටුප ආපසු ගෙවන්නත් අධිකරණය තීන්දු කළා. මේ නිලධාරියා මෙතෙක් ගත් වැටුප ආපසු ගෙවන්න ඕනේ නේද?