ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
ව්‍යාජ අංක තහඩු යොදන ලද නවීන පන්නයේ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරුවෙන් අද (20) සවස මාතර දෙසට යාමට ඇතුල් කිරීමේදී එක් පුද්ගලයෙකු සමග සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට පත් මෝටර් රථය සහ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉමදුව පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.
පොලීසිය පවසන්නේ මෙම වාහනයේ අංකය ගැන මෝටර් රථ දෙපාර්ථමේන්තුවෙන් කළ විමසීමේදි හෙලිවී ඇත්තේ එවැනි වාහනයක් ලියා පදිංචි කර නොමැති බවයි. මෙම වාහනය මෙරටදී කෑලි එකලස් කර ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට පොලිසිය සැකකරයි.
30 හැවිරිදි සැකකරු ගාල්ල මාගාල්ලේ පදිංචි කරුවෙකි. සැකකරු සමග අත් අඩංගුවට පත් මෝටර් රථය හෙට (21) ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැමරිකාවේ නම් මෙවැනි හොර වාහන හමුවූවිට කිසිම අනුකම්පාවක් නැතිව විනාශ කරදැමීම සිදුවෙනවා. නිෂ්පාදනය කළ කෙනා සිරගත කරනවා.