චාමර විමලරත්න
කුලියාපිටිය පාසලක මුරකරු සේවයේ සිටිමින් රාජකාරී වෙලාවේ හෙරෝයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටියැයි යන චෝදනාව මත කුලියාපිටිය පොලිසිය මගින් ඊයේ (18) අත් අඩංගුවට ගැණුනු සැකකරු අද (19) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පොලිසිය මගින් ඉදිරිපත් කෙරිණි.
සැකකරුගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීම සඳහා පැය 48 ක් ඔහු පොලිසිය භාරයේ රඳවා තබා ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමකට ඉඩ දුන් මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා සිකුරාදා (20 වැනිදා) සැකකරු නැවත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළේය.
හෙරෝයින් මත්කුඩු 3 මිලි ග්‍රෑම් 200ක් සන්තකයේ තබා ගෙන සිටියැයි කියන එම සැකකරු කුලියාපිටිය පොලිස් කොට්ඨාශ විෂමත් ද්‍රව්‍ය නාශක ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
ඔය මුර කාරයාට පුලුවන් මානවයට ගිහිල්ල නිදහසට කරුණු කියල නිදහස් වෙන්න . ළමයින්ට මොනව උනත් මොකෝ . නැත්ද මං අහන්නෙ ?
මට නම් වෙන මොකක්දෝ කතාවක් මෙතන ඇතියි කියල හිතෙනවා.
දැන් මෙයාට මරණ දඩුවම දෙන එකේ වරද, මානව අයිතීන් සුරකින අය පොඩ්ඩක් එලියට ඇවිල්ල හැමෝටම පහදලා දෙන්නකෝ.. මුළු ඉස්කොලේකම ලමින්ගේ ජීවිත අනතුරේ..මු කරන දේ හින්ද.. ඕකට ඇබ්බැහි වුනොත් මුළු ජීවිත කාලයේම පවුල් පිටින් නොමැරී මැරෙන්න වෙන්නේ....