( ඩී.කේ.රත්න)
වැලිමඩ නගරයේදී හෙරොයින් ළඟ තබා ගෙන සිටි පොලිස් නිළධාරියෙකු හෙරොයින් මිලිග‍්‍රෑම් තුන්දහස් හත්සිය අසූවක් සමඟ අද (20) උදෑසන අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.
නුවරඑළිය පොලීසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින වැලිමඩ මිරහවත්ත කොස්ගහඅරාව පදිංචි පොලිස් නිළධාරියෙකු මෙසේ හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
වැලිමඩ නගරයේ හෙරොයින් අලෙවි කිරීමේ යෙදී සිටින බවට වැලිමඩ පොලීසියට ලැබුණු තොරතුරක් අනුව වැලිමඩ පොලීසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී හෙරොයින් සමඟ මෙම පොලිස් නිළධාරියා පොලීසියට කොටුවී තිබේ.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්.හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ වැලිමඩ පොලීසියේ නිළධාරීහු පිරිසක් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
608
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් ළඟ තබාගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
kalani Friday, 20 July 2018 05:30 AM
පන්සීය පනස් ජාතක -පොතෙහි දැක්වෙන කනමෙර ජාතකය කතාවේ දී බෝධිසත්වයෝද හොරෙක් ලෙස අර්ථ දැක්වෙයි.
raheem Friday, 20 July 2018 06:24 AM
මේ නීතිය රකින අය. ඉතින් මෙයාවත් එල්ලුම් ගහට යවන්න
wedage Friday, 20 July 2018 06:53 AM
ඔය ඉතින් අහිංසකයෙකුගේ මල්ලකට දාලා හිරේ යවන්නනේ
Mahee Friday, 20 July 2018 06:56 AM
අහෝ දෙවියනි, කුඩු අල්ලන්නෝ කුඩු විකුණති, නීතිය රකින්නෝ නීතිය කඩති, යුක්තිය පසිඳලන්නෝ යුක්තිය ඉටු නොකරති. දෙවියනි, අපට පිහිට වුව මැනව!