(ප්‍රසාද් මුතුකුඩ)
දිගු කාලයක සිට ඉතා සූක්ෂම ලෙස හෙරොයින් මත් කුඩු ජාවාරමක නිරතව සිටි ඒකම පවුලේ පිය,පුතු,බෑනෑ ඇතුළු මත් කුඩු අළවිය සදහා ආධාර අනු බල දුන් තැරව්කරුවෙකු සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (01) කටාන පොලීසිය මගින් මෙහෙයුමක් කර අත්අඩංගුවට ගෙන ඇත.
කටාන පොලීසියේ විශේෂ කාර්යංශයට ලද බුද්ධි තොරතුරු වලට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් විසින් අලවිය සදහා සුදානම් කර තිබු රුපියල් ලක්ෂ තුනක් වටිනා හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 15 සමඟ මත්කුඩු අලවි කර ලබා ගත් මුදල් බව පැවැසෙන රුපියල් තිස්එක් දහස් අසුවක්ද සොයා ගත් බව කටාන පොලීසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.