(විජේරත්න රත්නායක)
නීති විරෝධී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට සැකකෙරෙන පුද්ගලයෙක් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 787 ක්ද සමඟ විසින් අද (08) බදුල්ල පස්සර මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුල්ල ග්ලැනල්පින් වත්ත හිඟුරුගමුව කොටසේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිපධාරීන් විසින් සිදුකළ හදිසි වැටලීමකදී බදුල්ල පස්සර පාර ජයගම හන්දියේ බස් නැවතුම්පල අසල සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු කොළඹ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වා දුරකතන පණිවිඩ මඟින් ගැණුම්කරුවන් හමුවී මත්ද්‍රව්‍ය අලෙවි කරන අයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයටද ඇබ්බැහි වූ අයෙකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර බදුල්ල පොලිසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
බංග්ලාදේශයේ ඇඟලුම් අංශය ගැඹුරු අර්බුදයකට ඇද වැටෙන ලකුණු පෙන්නුම් කරමින් පසුගියදා අශුලියා නගරයේ වසා දැමුණු ඇඟලුම් කම්හල් 219 න් 20 ක් හැර අනෙකුත් සියලුම
මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට
ජනාධිපතිවරණය අවසන්වී සති දෙකකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.
මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස
මාවතගම වෑඋඩ පස් ව්‍යාපාරිකයකු කන්දකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන්ට ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් නිල ඡන්ද දැන්විම් පත්‍රිකාව ලබා ගත හැකි
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට