
(එච්.එම් ධර්මපාල)
ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අද (06) අගුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට සැකකරු රත්මලානේ කලුවා යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයෙකු වන බව පොලිසිය පැවසීය.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 180 ක් හා මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් රුපියල් 22,500 ක මුදල්ද සොයා ගත් බව පොලිසිය කීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙරොයින් මිලිග්‍රෑම් කීයක් සමඟද අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ..? අද ඔය ජාවාරමට සම්බන්ධවෙලා තියෙන්නේ නාකොටික්, පොලිසියේ, විශේෂ කාර්ය බලකායේ, බන්ධනාගාරයේ ඉහළම නිලධාරින් කිහිපදෙනෙක්ද සමගයි. දේශපාලනයේ ඉහළම තලවල ඉන්න අයම තමයි බේරාගන්නේ. රටට කුඩු ගේන අය ඉන්ඇද්දී බොරුවට "හාල් කෑලි" අල්ලනවා.