විනීතා එම් ගමගේ
හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ සංචාරය සඳහා යාමෙන් වළකින්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එහි ප‍්‍රවේශ මාර්ග හා අභ්‍යන්තර මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බැවින් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පහව යන තෙක් හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම යාල ජාතික උද්‍යානයේ කලාප අංක 2 කොටස මේ වනවිටත් වසා දමා ඇති බව පවසන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි සංචාරය සඳහා යාමෙන් වළකින ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.