(ඉන්දිකා රාමනායක)
දක්ෂ වැඩසටහන් වැඩසටහන් නිෂ්පාදකයකු මෙන්ම ප‍්‍රවීණ නිවේදකයකු වු හේම නලින් කරුණාරත්න (56) මහතාගේ මරණය මොලයට රුධිරය ගෙන යන නාලයක් පිපිරීමෙන් සිදු වු මරණයක් බව තීරණව වු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය එන් ඩී එන් ඒ මෙන්ඩිස් මහතා විසින් අද මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා සිය වෛද්‍ය වාර්තාවෙන් ඒ බව තීරණය කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර අවසන් කටයුතු කිරීම සදහා දහවල් සිය ඥාතීන් වෙත බාර දුන් බවද ඒ මහතා කීය.
හේම නලින් කරුණාරත්න මහතා මාලඹේ මල්ලගහවත්තේ 3 වැනි පටුමගේ පිහිටි සිය නිවසේ තනිවම ජීවත් වී ඇති අතරප එම නිවසේ කාමරයේ ඇදමත ඔහු මියගොස් තිබියදී පොලිසිය විසින් එම මළ සිරුර ඊයේ (05) දහවල් සොයාගෙන පශ්චාත් මරණ පරීක්ෂණ සදහා කොළඹ ජාතික රෝහල වෙත යොමුකර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත මරණයක්. මාත් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ක්ෂණික මරණයක්. අබල දුබල වෙලා ඇවිදගන්න බැරුව ඇඳට වෙලා මළමුත්‍ර කරගෙන අවසිහියෙන් මාස ගණනාවක් දහදුක් විඳලා මැරෙනවට වැඩිය ලක්ෂ වාරයක් හොඳයි මේවගේ මරණයකින් ජීවිතය කෙලවර වීම. මොහු හොඳට පින් කරලා තියෙනවා.
අපිට ඕන ඕන විදිහට මැරෙන්න බැහැ... සනත්, ජීවිතේට එන විදිහට මුහුණ දෙන එක තමයි කරන්න තියෙන්නේ..
නිහතමානි චරිතයක අවසානය. ඔබට නිවන් සුව ලැබේවා !!!
රටක් සැනසු, නිර්මාණශීලී කලාකරුවාණෙනි , නිර්මාණකරුවානෙනි, ඔබට නිවන් සුව!