අනීෂා මානගේ
හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී පසුගියදා පෞද්ගලික බස්රථයකට වෙඩි තබා එක් අයකු මිය යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (9) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු රන්න හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු තංගල්ල නගරයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.
පසුගිය පෙබරවාරි 26 වැනි දා හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී පෞද්ගලික බස්රථයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුවූ අතර එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd