IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘

(විනීතා එම් ගමගේ)

හම්බන්තොට වරායේ ණය ගෙවන්න බැරි බවට ආණ්ඩුව කරන ප‍්‍රකාශය බොරුවක් යැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.

එම වරාය ඉදිකිරීමට වියදම් වි ඇත්තේ ඇමරිකන් ඩොලර් 1225 ක්  බවත් 2036 වනවිට එහි පොලිය ඇමෙරිකන් ඩොලර් මිලියන 495ක් වන බවත් එම සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.

ඒ අනුව 2036 වන විට මුළු මුදල මිලියන 1761ක් වන බවත් මේ වනවිට  එයින් ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක් ගෙවා අවසන්  බවත් ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද (01) පැවති මාධ්‍ය  හමුවක දී පැවැසීය.

ඒ අනුව ඉතිරි ටික ගෙවීම අමාරු වැඩක් නොවන බව කී බණ්ඩාර මහතා එම වරාය විකුණා දැමීමට රජය පවසන බොරුවක් බවත් පැවසීය.

‘‘2014 ඩොලර් මිලියන 8900 ක ලාබ ලැබු වරාය අද  පාඩු ලබනවා නම් ඒ ආණ්ඩුවේ දුර්වල කමක්. හම්බන්තොට ආයෝජන ගිවිසුම් නැවැත්තුවා. හම්බන්තොටින් තෙල් දෙන එක  නැවැත්තුවා. කුහක ආර්ථික ප‍්‍රතිපත්තියක් මොවුන් අනුගමනය කළේ. හම්බන්තොට වරායේ සියලූ වියදම් පියවන්න සුදානම් කර තිබුණේ අවුරුදු අටකින්. එය කරන්න පුළුවන් කම තියෙද්දි විකුණ ගෙන කනවා’’ යැයි ද වසන්ත බණ්ඩාර මහතා කීය.



අදහස් (6)

‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘

susantha Tuesday, 01 August 2017 03:36 PM

බලයට ආවෙත් සිංහල මිනිස්සුන්ව බොරුවෙන් රවට්ටලා, දිගටම කරන්නෙත් මිනිස්සු රැවට්ටීම.

:       1       1

raveendra Tuesday, 01 August 2017 03:49 PM

හත්වලාමේ දැන් අපිද පරිමාණ මිනින්දෝරු වැඩේ කලේ ?? එතකොට මුදල් ගෙවන අය, හැමදේම සහ මුලු ලෝකෙම තියන හැමදෙයක් ගැනම දන්නා අපේ දේශපාලන කට්ටිය අගහරු ලෝකෙද හිටියේ ????

:       0       0

සමන්ත Wednesday, 02 August 2017 03:43 AM

" හොඳම දේ තමයි මේ මහත්මයාව ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් දීල මෙයාව පාර්ලිමේන්තුව ඇතුලට ඇරන් මෙයාට ණය ගෙවීමේ වගකීම බාරදෙන එක. මෙහෙම විසදුම් දෙන්න පුළුවන් අපේ රටේ හරි අඩුයි.

:       1       4

athura Wednesday, 02 August 2017 03:46 AM

ඔන්න මෙයාල නම් කියන්නේ ඇත්ත හොදේ.

:       34       2

නිමල් කපුගේ Wednesday, 02 August 2017 04:21 AM

මේක ඉතින් බොරුවෙන්ම ඉපදිලා බොරුවෙන්ම පවත්වාගෙන යන ආණ්ඩුවක්නේ. ජනතාවට දැන් ඇත්ත තේරුනත් කරන්න දෙයක් නැතිවයි ඉන්නේ. බොරුවලට අහුවුනු මේ රටේ ජනතාවට දැන් ඉතින් රට විනාශ වෙනවා බල බලා විස්සෝප වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

:       3       109

raveendra Wednesday, 02 August 2017 06:18 AM

කරුණාකර " මහත්මයා " යන වචනයට අපහස නොකරන මෙන් ඉල්ලසිටීමේ. මෙවන් අයට වඩාත් සුදුසු වචනය වන්නේ "මහත්තයා " යන වචනයබව අප සෑම හොදින් දන්නා කරුණකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 548 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site