(ඉන්දිකා රාමනායක සහ දිලිප් ජයසේකර)
හම්බන්තොට විරෝධතාවයේදී හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාගේ පහර කෑමට ලක් වු තරුණයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාතර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
පහර කෑමෙන් කනට සිදු තුවාල හේතුවෙන් එම තරුණයා මුලින්ම තංගල්ල රෝහලට ඇතුළත් කර තිබු අතර අද (8) ඔහු මාතර රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සදහා මාරු කළ බව තුෂාර උපුල්දෙණිය මහතා කීය.
රිමාන්ඞ් බාරයට පත් කර සිටින මෙම තරුණයා බන්ධනාගාර නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ මාතර රෝහලේ වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටින බවද උපුල්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින්ම මෙවැනි දූෂිත නිලධාරීන්ට දඬුවම් කර රජයේත්, පොලිසියේත්, නිතියේත් ගෞරවය රැකගන්න.
රතුපස්වල වතුර ඉල්ලුව ජනතාවට වෙඩිතියලා මරන්න හොඳා... වරදක් කළාම කනට ගහන්න බැහැ. මේක මේ අයගේ අම්මල හදපු නීතියක්ද? අධිකරණ නියෝග කඩ කරලා කළ උද්ඝෝෂණයට ඇවිත් කල විනාසෙට වෙඩි තියන්න දාන්න තිබුනේ. සේරටම අක්කර දහස් ගණන් පිටරටවලට වසර 99 බදු දෙනකොට, විකුණනකොට මේ අය කොහේද දන්න නැහැ උන්නේ?
අපි දැක්කා ඒ ගහපු පාර රෝහලකට යන්න දෙයක් එතන නෑ.. බොරු නැතිව ගෙදර යන්න හලෝ ...!!
ගහපු කෙනා එලියේ... ගුටි කාපු කෙනා ඇතුලේ. මේක මාර සමාජවාදයක් ඕයි !!!
ගුටි කාපු නිසා නොවෙයි හලෝ රිමාන්ඩ් වුණේ.... උසාවි නියෝගය උල්ලංඝණය කළ නිසා. ඇත්ත නැත්ත කරන්න හදන්න එපා. ගහපු එක වැරැදියි. වෙනස ඉස්සර වගේ වෙඩි තිබ්බේ නැහැනේ..
උසාවි නියෝග කඩ කල නිසා තමයි ගුටි කාපු කෙනා ඇතුළට ගියේ...
හරි නම් මේ වනවිට ඒ පොලිස් නිලධාරියා ඉන්න ඕනේ රිමාන්ඩ් එකේ...
තුෂාර දළුවත්ත කියන පොලිස් කාරයට අනේ කරුණාකරලා පොලිස්පති තනතුර දෙන්නකෝ.............
ඒ ගහපු පරවලවලට ඉස්පිරිතාලෙ යන්න දෙයක් නැහැ,අද සමහර මිනිස්සු පොලිස්සියේ නිලදාරීන්ගේ රාජකාරියට බාධා කරන හැටි දැක්කහම වෙලාවකට හිතෙනව අර ඒ දවස්වල පොලිසිය අයට තලපු කාලේ ආයේ එන්න ඕනේ කියල.
රටේ හොරාකාපු හොරුන් විසින් මිනිසුන්ව මෝඩයන්ට අන්දවා උසාවි නියෝගයන් පවා උල්ලංගනය කරවමින් ඔවුන්ව කරදර වල පටලවා එමගින් හොරුන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමට කරනා නීච ක්‍රියාවන් මේ .පොලිස් නිලධාරියෙකුට කලහයකදී දෙන ලද නියෝගයන්ට අවනත නොවීමෙදී ආයුධ හින්සනයකින් තොරව ඔවුන්ව ශාරීරිකව මෙල්ල කරගැනීමට මුක්තිය හිමියි ...
දේසපාලඥයින්ගෙ කුණු කොන්තරක් කරන්න යන උන්ට වෙන වැඩ
මම නම් හිතන්නේ ඔය රෝහල් ගතවීම පිටුපස ඉන්න දොස්තරලා ගැන ටිකක් හොයල බලන්න. අර බන්ධනාගාර රෝහලේ හිටපු ජාතියේ දොස්තරලද දන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ කඩේ යන දොස්තරලා ගොඩක් හැමතැනම ඉන්නවා, ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න ඒ ගොල්ල ඕනෑම දෙයක් කරනවා.
හොර ලෙඩ අරන් හොර දොස්තරලගෙන් සහතික අරන් අර වැලිකඩ හෝටලේ ඉන්න අය ගැනත් ඔය කනේ පාර සැරට වැදුණු ඇත්තෝ හොයල බලනවද? .දුෂිත ක්‍රමයේ හෙවනැලි රට හැමතැනම.අපි කුඩා කාළේ නම් ඔය පොලිස් රාළහාමිලා අතේ තඩි බටන් පොල්ලකුත් තිබුණා.
පොලිස් කාරයෙක් මිනිහෙක්ගෙ කණ පලපු එක සාධාරණීය කිරීමට වලිකමින් මෙහි අදහස් දාපු අයගෙ හෝ ඔවුන්ගෙ දරුවන්ගෙ කණ් පැලීමටත් මේ අතම එසවෙන දාට කතා කරන්න එකෙක් වත් ඉතුරු වෙන එකක් නෑ.