(ක.ග කරුණාරත්න)
දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න විදුලි උප පොළට ආසන්නයේදී අද (06) අලුයම ධාවනය වෙමින් තිබූ පොද්ගලික බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් කාන්තාවෝ දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයෝ 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය කියයි.
තුවාලකරුවෝ හබරණ, දඹුල්ල සහ පොලොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇත.
තුවාල කරුවන් අතර අනතුරට ලක්වූ බස් රථ දෙකෙහි රියදුරන්ද වන බව පොලිසිය සඳහන් කරයි.
අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට තිරික්කෝවිල් සහ අක්කරෙයිපත්තු බලා ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකකි.
හබරණ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙවරප්පෙරුම මහත්තයා හිටියේ නැද්ද කිට්ටුව..