( දියතලාව - ඩී.කේ.රත්න )
හාලිඇල කැටවල ජගුල්ල ප්‍රදේශයේ නිවසක ඇතිවූ හදිසි ගින්නකින් අද (1) හවස අභිරහස් අන්දමින් පොලිස් කාන්තාවක් මිය ගොස් ඇතයි හාලිඇල පොලීසිය පවසයි.
පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයට අනුයුක්තව සේවයේ යෙදී සිටින හාලිඇල කැටවල ජගුල්ල පදිංචි චන්දිමා ප්‍රියදර්ශණී චන්ද්‍රසේකර නැමති විසිතුන් හැවිරිදි අවිවාහක පොලිස් නිලධාරිණියක් මෙම ගින්නට හසුවීමෙන් මියගොස් තිබේ.
මෙම පොලිස් නිළධාරිණිය නිවස ආසන්නයේ පිහිටි දානේ ගෙදරකට ගොස් ආපසු නිවසට පැමිණ තිබෙන අතර එසේ පැමිනීමෙන් පසු මෙම ගින්නට හසුවී මියගොස් ඇත.
ගින්න ඇතිවීම සදහා නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමත. හාලිඇල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd