එච්.එච්.ධර්මපාල
දෙහිවල - වාසල පාර අසල නවතා තිබූ ත්‍රී රෝද රථයක ඇති වූ හදිසි ගින්නකින් ත්‍රී රෝද රථය මුළුමනින්ම විනාශ වී ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
මෙම සිදුවීම අද (29) රාත්‍රී 7.30ට පමණ සිදු වී ඇති අතර රියදුරු ත්‍රී රෝද රථයෙන් පැන දිවි බේරාගෙන තිබේ. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දෙහිවල පොලිසිය විසින් සිදු කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූර්ණ රක්ෂණයක් කරලා තිබුණා නම් රථයේ වටිනාකමට සල්ලි හම්බවෙනවා. මගේ පුද්ගලික වාහන අනතුරුවලට පසුගිය අවුරුදු 20 ඇතුළත ලක්ෂ 12 ක් විතර අරගෙන තියෙනවා.
ත්‍රිෙරා්ද රියදුරු මහත්තුරු පෙට්‍රල් බෝතලේ ඇතුලේ තියන් යනවා ටැංකියට ගහන්නේ නැතිව.. ඒ ගමන් සිගරටුත් බොනවා. තවමොනවද ඕනේ ගිනිගන්න.