IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


හෙට - අනිද්දා දැඩි ගං වතුර අවදානමක්


 
ඩයනා උදයංගනී
 
දැඩි ගං වතුර හා නායයෑම් අවදානමක් හෙට (23) සහ අනිද්දා (24) දිනවල මතුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
කාලගුණ අනාවැකි අනුව ඉදිරියේදී ඉතා තද වැසි ඇතිවන බැවින් මෙම අවදානම මතුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජනරාල් එස්. අමලනාදන් මහතා පැවසීය.
 
ප්‍රධාන ගංගා ගණනාවක ජල මට්ටම මේ වන විටත් ඉහළ ගොස් ඇති බැවින් තවත් වැසි ඇතිවුවහොත් දැඩි ගං වතුර අවදානමක් මතුවන බව ඔහු සඳහන් කළේය.  

එබැවින් ගංගා ආශ්‍රිතව සහ නායයෑමේ අවදානම් නිකුත් කර ඇති ප්‍රදේශ වල ජනතාව හෙට සහ අනිද්දා  දිනවල දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
 
අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය්දී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
කෙසේ වෙතත් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටින බව ද ඔහු කීවේය.          

හදිසි සහන සේවා කටයුතු සඳහා 5800කට වැඩි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් මේ වන විටත් සූදානම් කරන සිටින බව කී අමලනාදන් මහතා එම කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලෙස රුපියල් මිලියන 14.7ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් ලබාදී තිඛෙන බව ද කියා සිටියේය.
 
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා පැවසුවේ නිරිත දිග මෝසම සක්‍රීය වෙමින් පැවතීම සහ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් අද සහ හෙට දිනවල බොහෝ ප්‍රදේශයන්ට මිලිමීටර 150 ට වැඩි වැසි බලාපොරොත්තු වන බවයි. 
 
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල තද වැසි ඇතිවිය හැකි බව ද අධඬ ජනරාල්වරයා කීවේය.
 
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය මෙහිදී පැවසුවේ අද (22) දිනයේදී වැසි තත්ත්වයේ අඩුවක් දක්නට ලැබුණත් ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම තවමත් ගං වතුර මට්ටමෙහි පවතින බවයි. එබැවින් වැසි තත්ත්වයේ වර්ධනයක් වුවහොත් ගංඟා පිටාර ගැලීමේ අවදානමක් තිඛෙන බව ඇය කීවාය. විශේෂයෙන් කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම තවමත් ඉහළ මට්ටමක පවතින බව ඇය පැවසුවාය.


කැලණි ගෙඟේ ජල මට්ටම නාගගලම්වීදිය ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින අතර හංවැල්ල ප්‍රදේශයෙන් යම් අඩුවීමක් දක්නට ලැඛෙන බව ඇය සඳහන් කළාය. එමෙන්ම කලූ ගඟේ ජල මට්ටම ද මිල්ලකන්ද සහ අඟුරුවාතොට ප්‍රදේශවලින් ඉහළ යමින් තිඛෙන බව ඇය සඳහන් කළාය.
 
ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම සාමාන්‍ය මට්ටමට පත්වෙමින් පවතින නමුත් යළිත් වැසි ඇතිවුවහොත් පිටාර මට්ටමට පත්විය හැකි බව ද අධ්‍යක්ෂවරිය පැවසුවාය.


අත්තනගලූ ඔයේ ජලය අඩුවෙමින් පැවතියත් තවමත් ගම්පහ නගරයට එහි බලපෑම එල්ල වෙමින් තිඛෙන බව ඇය කීවාය.
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා මෙහිදී පැවසුවේ දිස්ත්‍රික්ක 5කට නිකුත් කර තිබූ නායයෑමේ රතු නිවේදනය වැසි තත්ත්වයේ අඩුවීමක් පැවති නිසා ඉවත් කර අවදානමක් පවතින බවට පමණක් වෙනස් කර ඇතත් වැසි තත්ත්වය වැඩිවුවහොත් අවදානම යළිත් මතුවිය හැකි බවයි.
 
ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයන් සඳහා එම රතු නිවේදනය නිකුත් කර තිබූ බව ද ඔහු කීවේය.
 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙහිදී පැවසුවේ ආපදා අවස්ථාවක් සඳහා සූදානමින් සිටින ලෙස ගංගා ආශ්‍රිත සහ නායයෑමේ අවදානම් ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. 
 
විශේෂයෙන් අධ්‍යාපන සහතික, මුදල්, රන් භාණ්ඩ, අත්‍යාවශ්‍ය ඖෂධ, වෛද්‍ය වාර්තා, හැදුනුම්පත් ආදී අත්‍යාවශ්‍ය දෑ අඩංගු ආපදා මල්ලක් සූදානම් කරගෙන හදිසි අවස්ථාවක ඉවත්වීමට ඔවුන් සූදානමින් සිටිය යුතු බව ද කොඩිප්පිලි මහතා කියා සිටියේය.
 
වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සිසිර කුමාර මහතා ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ. 
 



අදහස් (1)

හෙට - අනිද්දා දැඩි ගං වතුර අවදානමක්

Appuhami Tuesday, 22 May 2018 04:05 PM

ගංවතුර නියගය තියෙන ප්‍රදේශවලට උමං මාර්ගවලින් යන්න කියමනක් හදන්ඩ බැරි පාලකයෝ ඉන්න රටක්

:       60       100

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 407 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 447 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site