(මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කල්‍යාණි ධර්ම ශ්‍රී මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීමට සහ රටේ වර්තමානය තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (08) පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණියහ.
එහිදී නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ’‘අපි බොහොම ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන පිරිසක්... එහෙම රටක වැදගත්ම ස්ථානයක් වන පාර්ලිමේන්තුවේදී සිදු වූ ක්‍රියාකාරකම් අපිට කොහෙත්ම අනුමත කරන්න බැහැ. ඒවා පහත් මට්ටමේ වැඩ කවුරු කළත්. ඒ නිසා පාර්ලිමේන්තුවේදී සිදු වූ දේවල්වලට සම්බන්ධ හැමදෙනාම ඊට වගකිව යුතුයි” යැයි නාහිමියෝ පැවසූහ.
මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසූවේ පාර්ලිමේන්තුවේදී සිදු වූ සියලු දේ සදහා කථානායකවරයාගේ ක්‍රියා කලාපය බලපෑ බවයි. මෙවැනි අවස්ථාවක කල යුතු හොදම දෙය වන්නේ රටේ ජනමතයට අවස්ථාව ලබා දීම වන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කථානායකවරයාගේ ක්‍රියා කලාපය නිසාද මැර විදියට හැසුරුනේ? ඔබතුමාට තිබුණා නේද ඒ කට්ටිය මෙල්ල කර ගන්න...
කතානායක වරයාගේ ක්‍රියා කලාපයද මිරිස් වතුර ගහන්න, පාර්ලිමේන්තුවේ පුටු කඩන්න, කතානායක තුමාගේ මේසේ ටෙලිෆෝන් කඩන්නත් හේතුවුනේ? එතුමාගේ පුටුවේ රස්තියාදු කාරයෙක් වාඩි වුනෙත් කතානායකතුමන්ගේ ක්‍රියා කලාපය නිසාද? අති පූජනීය මහානායක ස්වාමින් වහන්සේටත් මේ වගේ කිතුලේ ගිය මිනිහාගේ කතාවත් කියන්න පිළිවනි නම් මෙයාලගේ තත්වේ අපිට තේරුම් ගන්න පිළිවනි. කෙසේවෙතත් අති ගරු මහනායක ස්වාමින් වහන්සේ හොඳ පාඩමක් උගන්නලා තියෙන වග පේනවා කට්ටියටම...
"මෙවැනි අවස්ථාවක කළයුතු හොඳම දෙය වන්නේ රටේ ජනමතයට අවස්ථාව ලබා දීම වන බවයි". කාටද මේ කතාව කියන්නේ? ජනමතය තමා 2015 ජනවාරි, අගෝස්තු මාසවල ප්‍රකාශ වුනේ? ආයෙත් 2020 දී ජනමතයට ඉඩ දිය යුතුවෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නියම කර ඇත්තේ එයයි. ජනතාව කිව්වේ නැහැනේ අවුරුද්දෙන් අවුරුද්දට ජනමතය විමසන්න කියාලා. මේ වෙන මොනවත් නොවේ... බලයට ඇති කෑදර කමයි
මෝඩ කතා කියන්න එපා... අපේ ස්වාමින් වහන්සේලා ඉදිරියේ... කතානායක වැරැද්දක් කළා නම් ඒ සඳහා කටයුතු කළයුතු විදිහක් තියනවා. සත්තු වගේ හැසිරිලා හරියන්නේ නැහැ...
මහින්ද හිතාගෙන ඉන්නවා ඇති එයා වගේ හාමුදුරුවොත් එහෙමයි කියලා.
ලංකාවේ වෙසෙන ග්‍රාමීය වැසියන් විශාල ප්‍රමාණයක් පමණක් නොව නගරයේ ජීවත් වන විශාල පිරිසක්ද "ෆෙඩරල්" යනු කුමක්දැයි නොදනී. සියලුම කතෝලික සහ බෞද්ධ ආගමික මද්‍යස්ථාන මගින් ජාතික සහ ආගමික සන්හිදියාවට බලපාන "ෆෙඩරල් ආණ්ඩු ක්‍රමය" යනු කුමක්දැයි මහජනතාව දැනුවත් කල යුතුය. එය හරි හැටි වටහා ගතහොත් පක්ෂ පාට භේදයකින් තොරව රටට ආදරේ සියලුදෙනා එක් අයෙකු වටා එකතුවනු ඇත.
ඉත්තෑවත් කැබැල්ලෑවෙක් වෙයිද දන්නේ නැහැ !
මහින්ද හිටපු අගමැතිතුමනි, ඕනේ නෑ ගෝල බාලයින්ගේ අඳබාල වැඩ... ගරු කතානායකතුමා පිටින් ඇරීමට උත්සාහ කිරීම වැනි දේ ගරු කටයුතු පුද්ගලයින්ට නොහොෙඹිනා වැඩකි. කසිප්පුකාරයින්ට, දුෂණ චෝදනා ඇති පුද්ගලයින්ට නාම යෝජනා නොදිය යුතුයි.
අමුතුවෙන් දැනුවත් නොකළාට ඔය ගැන රටම දන්නවා. කොහොමත් වැරැදි කරපු මිනිස්සු සුදු ඇඳගෙන වැඩිපුර පන්සල් යන්නේ...
කතානායකතුමා වැරදි නම් ඒකට ගත යුතු ක්‍රියා කලාපයක් තිබෙනවා. තමන් නායකත්වය දෙන ඒ මගෝඩි කල්ලිය එදා පාර්ලිමේන්තුවේ තිරිසන්නු වගේ හැසිරුණු විදිහ සාධාරණයි කියලද ඔබ කියන්නේ? ගෝලයෝ කරන්නේ ගුරා අනුගමනය කරන එක බව අපි අහලා තියනවා. පොහොට්ටුවන්ගෙන් වැඩි දෙන හොරු, තක්කඩි, අපරාධකාරයෝ. හැම වෙලාවේම ඔබ වගේ, අපි තමයි හරි කියලා හිතන ගණන්කාරයෝ! ජනතාව කියන්නේ පොහොට්ටුවෝ විතරක් නොවෙයි. මේ රටේ තවත් මිනිස්සු ජීවත් වෙන බව අමතක කරන්න එපා...
කතානායකට බැණ බැණ. තමන්ගේ මැරෑටියන්. සුද්ද කරන්න යනවා...
ඔයා හිතාගෙන ඉන්නේ තණකොළ කනවා කියලද? ඔයාගේ ගෝලයෝ නම් ඒ වගේ තමයි.
මේ රැළ කථානායකවරයා විසින් පාලනය කළ යුතු බාලාංශ ළමුන් පිරිසක්ද? ඔය අය පාර්ලිමේන්තුවේදී රෙදි උස්සමින්, පිහි හරඹ කරමින්, මිරිස් කුඩු ගසමින්, පොත් සහ පුටු වලින් පහර දෙමින් කලේ තමන්ගේ නූගත්කම සහ නැහැදිච්චකම ප්‍රදර්ශනය කිරීම පමණයි. ඒ කල වැරැද්ද කථානායකයා මත පැටවීමට තැත් කිරීම, තමන්ට තමන්ගේ රැල පාලනය කර ගත නොහැකි බව හුවා දැක්වීමක් පමණි.
අහෝ මහරජාණෙනි..., කිමද මේ අරුමේ... මට නම් නොවැටහේ....
මේ කරන, කියන දේවලින් තමන්ට තිබුණු ගෞරවය... පැහැදීම මිනිසුන්ගෙන් අත්වෙනවා. අන්තිමට ඉතිහාසයේ කුණුකූඩයට වැටෙන දවස වැඩි අෑතක නෙවේ. බණක්, දහමක් කරගෙන ජීවිතයේ අන්තිම කාලේ හැමදෙනාගේම ආදරයෙන් ජීවත් වෙන්නේ නැතිව බලයට කෑදරකමේ මේ කරන දේවල්වලින් ඔබට තිබුණු ගෞරවයත් නැති කරගන්නවා.
මොහුට අභයාරාමයෙන් හුණු ගෑවට අනෙකුත් ආරාමවලින් ලැබෙන දේ පේනවා නේද? දෙකයි පනහෙන් දැන් එකයි පනහටම වැටිලා....
අනේද කියන්නේ..? පව් අප්පා...
ඔබ වහන්සේ කොහොමටත් ශීලවන්ත වැදගත් විදිහට ධර්මානුකූලව සිටින කෙනෙක්නෙ හරි දේ කතා කරන කෙනෙක් නෙ. ඔබවන්සේගේ ශිෂ්‍ය පෙරමුණත් එහෙමනේ .
මේවා මහා අපබ්‍රංස කතා. ඒ සිදුවීම් රුපවාහිනි මගින් ජනතාව දැක්ක. අනික කතානායකවරයා සතු කීර්තිය දෙස් විදෙස් දෙකෙහිම පතල දෙයක්. එතුමා හිටපු හමුදා නිලධාරියෙක්, දක්ෂ ව්‍යාපාරිකයෙක්, විශිෂ්ඨ ගනයේ කළමනාකරුවෙක්, කීර්තිමත් දේශපාලඥයෙක් , හොඳ බෞද්ධයෙක්, එකක් කියලා, තව එකක් කරන ජාතියේ මිනිහෙක් නෙමේ. කරන දේ කියන, කියන දේ කරන,මිනිසුන්ගෙන් පාලි නොගන්න වර්ගයේ යහපත් මනුස්සයෙක්. එතුමා නිසා තමයි, ස්වාධීන කොමිසන් සභා ආදියත් ලැබුනේ. එවන් පුද්ගලයෙකුට මෙවැනි අභූත චෝදනා නගමින් තමන්ගේ බල තණ්හාව නිසා පව් කරන මිනිහෙක්ට අත්වෙන්නෙත් අභාග්‍ය සම්පන්න ඉරණමක් බවයි කියන්න තියෙන්නේ. ඇත්තම කතාව නම් තමන්ට බහුතරයක් නොතිබුණු බව වහගන්න කුපාඩි වැඩ කරන්න කියලා උපදෙස් දුන්න එකයි වුනේ.
රනිල් වැරදි කියලා විතරක් මදි... තමන් සහ තමන්ගේ එහෙයියන් 100% හරි කියලා ඔප්පු කරන්න. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ රොඩ්ඩ පෙන්වනවා.
අභයාරාමය නිසා අපිට බුද්ධාගමත් එපාවෙනවා. ගිහියෙක් නම් ඕනෙදෙයක් කළාට කමක් නැත.
මේවා වගකිවයුතු දේශපාලකයෙකු කියන කතාද? කතානායක වැරදියි කියන්න පාර්ලිමේන්තුවේ අනෙක් උදවිය මොන්ටිසෝරි බබ්බු කරන දඟ වැඩ කළා කියලාද එතකොට කියන්නේ. මුළු රටම විනාශ වෙනකන් අරයාගේ මෙයාගේ වැරදි කියව කියවා ඉන්න.
මෙපමණ පන්සල් ගානෙයි, යතිවරයන් ගානෙයි ගිහිල්ලත් ඒ පිනෙන්වත් පාර්ලිමේන්තුවෙනුයි, උසාවියෙනුයි පිහිටක් ලැබුනෙම නැහැ නේද? අනේ පව් ...ඒකට කමක් නැහැ ඒවා ලෞකික වශයෙන් නොලැබුණත් ලෝකෝත්තර වශයෙන් යන ලෝකයේදීවත් අගමැති කෙනෙක් වෙන්න ආධාර විය හැකිය..