( නාලක සංජීව දහනායක )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද ( 16) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත් විය.
ඒ මහතා දින හතරක කාලයක් සිංගප්පූරුවේ රැදී සිටින අතර එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රකාශයකු පැවසීය.
මෙම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්න ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුවන් කිහිප දෙනෙක්ද සහභාගී වන බව ද හෙතෙම පැවසීය.
හිටපු ජනාධිපතිවරයා බ‍්‍රහස්පතින්දා (19) වැනිදා මෙරටට පැමිණීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන මහේන්ද්‍රන් අල්ලගෙන මෙහේ ගේන්න වෙන්න ඇති....... එහෙම නැත්නම් උදයංග සිංගප්පූරුවට ඇවිත් හම්බ වෙන්න ඇති.......
කොහොමද අර්ජුන් අල්ලාගෙන ආවොත් රනිල් ගේ සයම යනවා. මෙලකට අර්ජුන වෙන රටකට යවන්න රනිල් උපදෙස් දෙන්න ඇති
එහෙ බැංකු ගිණුම්වල තියෙන ස්ථිර තැන්පත් අප්ඩේට් කරන්න වෙන්න ඇති...
එහෙ බැංකු ගිණුම්වල තියෙන ස්ථිර තැන්පත් අප් ඩේට් කරන්න වෙන්න ඇති.
මහා පරිමාණ මුල්‍ය වංචා සහ අල්ලස්දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාග පටන්ගන්නවා කිවා විතරයි සේරටම රට යන්න අවශ්‍ය වෙලා වගෙයි.
මෙහෙ පන්සල් වන්දනා කරලා අහවර වෙලාද? ගසාකාලා හම්බ කරපුවා වියදම් කරන්නත් විදියක් ඕනෑනේ? හොර දූෂිතයිත් සෙට් වෙන්න හිතාගෙන ගහපු ප්ලෑන් එකක් වෙන්න ඇති.
මේ යන්නේ පාර්ලිමේන්තු විවාදේ මග අරින්න කියල ඕනෑ බබෙකුට තේරෙනවා.