(රොමේෂ් මධුෂංඛ)
යුද සමයේදී තම දියණිය ඇතුළු ළමයින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් එල්.ටී.ටී. සංවිධානයට බඳවා ගැනීමට වැරදිකරුවකු වූ හිටපු කොටි සාමාජිකයකුට වව්නියාව මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් ශෂි මහේද්‍රන් අද(26) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.
2008 වසරේදී කේ. දාසන් නමැති සැකකරු අවස්ථා කිහිපයකදී ළමුන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවට පොලීසියට පැමිණිලි ලැබුණද අදාල සැකකරු එවකට කොටි සංවිධානයේ සිටි හෙයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර 2009 වසරේ අවසන් යුද කාලයේදී සැකකරුගේම දියණියද කොටි සංවිධානයට බලහත්කාරයෙන් රැගෙන ගොස් බඳවාගෙන ඇති බවට සැකකරුගේ ඥාතීන් කිලිනොච්චිය පොලීසියට පැමිණිලි කර තිබිණි.
යුද්දය නිමා වීමෙන් පසු සැකකරු ආරක්ෂක අංශ වෙතට භාර වී පුනරුත්තාපනය වී නැවත කිලිනොච්චියේ පිහිටි නිවසට ගිය පසු පවුලේ අය කළ පැමිණිල්ලට අනුව කිලිනොච්චිය පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු කොටි සමාජිකයා ජීවිතාන්තය තෙක් සිරගෙට