(දයාරත්න ඇඹෝගම)
එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරීන් ලෙස ලෙස කටයුතු කර යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ පිරිසක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග කිරිමට සූදානමින් සිටින බව පොදුජන පෙරමුණේ උතුරු ප්‍රදේශයේ සංවිධාන කටයුතු බාර හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අද (02) අනුරාධපුරයේදි පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාවලිය හා එවකට උතුරේ සිදු වූ සංවර්ධනය පිළිබදව පැහැදී එම පිරිසක එම තීරණයට එළැඹ සිටින බව ද ප්‍රධාන අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයින් සමග එක්ව මැතිවරණයට තරග කිරීමට උතුරේ සිංහල මෙන්ම දමිළ ජනතාව ද සිය කැමැත්තක් නැති බවත් එසේ එක්ව ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වුවත් මහින්ද හිතවාදීන්ගේ ඡන්දය කිසි විටකත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබෙන බවත් ඔහු සදහන් කරයි.
COMMENTS
හිටපු කොටි හැමදාම ඉදිරිපත් වුනේ මහින්ද මහත්තයගේ පැත්තෙන් තමයි. කරුණාට නිදහස් පක්ෂේ උප සභාපතිකමත් දුන්නේ. ඕක මොකක්ද... අලුත් දෙයක් වගේ කියන්නේ..?
කොටි ගියපාර වගේ මේ පාරත් මෙයාට රැවටිලා, අන්තිමට කොටින්ටත් කණුව තියලා මෙයා මල්ල කරේ දාගනීවී...
වරදක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට එක් වීම..!, ආයුධ බිම තියලා පුනරුත්ථාපනය වෙලා.. ඔවුනුත් රටේ පුරවැසියෝ....
මෙහි ශීර්ෂය යොදා ඇත්තේ ඉතා වැරදි ආකාරයකටය. 'හිටපු කොටින්' කියන්නේ යටි අදහසක් තබා ගෙනය. මීට වඩා පරිණත විය යුතුය.
අයියා, ඔයාගේ වැඩක් බලාගන්න. මිනිසුන්ට ඇස්, කන් හොඳට වැඩ කරනවා. ඔයාගේ මනාප වැඩිකරගන්න ජරා කතා කියන්න එපා.
තාත්තට සැලකුවනේ. ආගිය ගමන් ඇමති කමක් එහෙම දීලා මතකද? මාවිල් ආරු සල්ලිත් ඇතිනේ කියන්න තවත් !!! මෙහෙම රටක් කවදාවත් හැදෙන්නේ නම් නැහැ.
හිටපු කොටි විතරක් නෙවේ, හිටපු නරි හොතඹුවෝ ඇතුළු සත්තු ඔක්කොම එ්කෙන් තමයි එන්නේ.
එක ජාතියේ කුරුල්ලෝ.. එක අත්තේ වහන එක ලෝක ස්වභාවයනේ !!!
"මහින්ද හිතවාදීන්ගේ ඡන්දය කිසි විටකත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබෙන බවත් ඔහු සදහන් කරයි....." කටේ මසුරන් දාන්න ඕනේ. මහින්ද බැසිල් හා ටිරාන් අලස් හරහා ප්‍රභාකරන් ට මුදල් ලබා දී 2005 ජනාධිපති වරණයේදී උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ඡන්දය දීමේ නිදහස ප්‍රභාකරන් ලවා අහිමි කළ බව බැසිල්, මහින්ද හා ජී.එල් ට අමතක වුනත් දෙමල ජනතාවට එය අමතක වී නැහැ.
ඇත්තම සන්හින්දියව තමයි ඒක. රටට ආදරය කිරීමට හැකිනම් සංහිදියාව එතනයි. විග්නේශ්වරන් සහ සම්පන්දන් සමාගම රට බෙදන්න දඟලන කොට අහක බල ගෙන ඉඳීම හෝ කොටි ඩයස්පෝරාවේ එකඟතා අනුව වැඩ කිරීම සන්හින්දියව නොවේ.
ඕක ඉතින් අළුත් දෙයක්ද ? කොටි පො(හො)ට්ටු අම්මාන් පහුගිය රෙජීමයේ යහතින් වැජඹුන හැටි අපට අමතක නැත....ඔවුන්ට අමතක උනාට !!!
රට කොටින්ට පාවා දෙන්න එපා
කොහොමද ටිකිරි මොලේ... ඡන්ද ඉතිරේවා...!!!
මහින්ද කියන්නේ එල්ටීටීඊ සපෝර්ට් කරන කෙනෙක් තමයි. නැත්නම් කෝටි ගණන් සල්ලි දෙන්නේ නැහැනේ.
මේ කමෙන්ට්ස් දාන කට්ටියට 2008 මැයි 18 අමතකද? 2002 ඇග්‍රීමන්ට් මතකද? මොනවද මේ කතා?
කොටි ඡන්දෙ ඉල්ලනවානම් මෙහි ඇති වැරැද්ද මොකක්ද? එය එසේ නොවිය යුතුනම්, J.V.P. එක කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ? ඔවුනුත් එක්තරා කාලයක දරුණුවූවා නේද? කොටි ඡන්දේ ඉල්ලලා සාමකාමී මාවතකට එනවා නම් අපි එයට උදව් කලයුතුයි.
අප්පච්චි කොටියෝ එක්ක දාපු සෙල්ලම් දැන් තමයි එළියට එන්නේ....
පහුගිය අවුරුදු තිහේ කවුරු කවුරුත් එක්ක නිදාගත්තා කියලා දැන් පේනවනේ...