නිමන්ති රණසිංහ
අභියාචනාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඩි. නවාස්, හිටපු අග විනිසුරු සහ නිතිපති මොහාන් පීරිස් සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ හිටපු ලේකම් එම්. ඒ. ෆර්ඩිනෑන්ස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුව ලබන ජුනි මස 14 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එල්. බණ්ඩාර මහතා අද (08) නියෝග කළේය.
සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින 22/18 දරණ ඈපෑලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අතුරු තහනමක් නිකුත් කර ඇති බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි එම්. පේ‍්‍රමසිරි මහතා කියා සිටියේය.
මෙම සිද්ධියට අදාළව ඉකුත් ජනවාරි මස 18 වැනිදා අල්ලස් කොමිසම විසින් චූදිතයින් තිදෙනාට එරෙහිව එලෙස නඩු පවරනු ලැබූ අතර, අද (08) දින අධිකරණයේ පෙනී සිටින ලෙසට අධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාටත් එක සමානයි කියලා කවුරු හරි කිව්වද? කිව්වා නම් ඒ විහිළුවට වෙන්න ඇති...