IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හැටන් ලංගම ඩිපෝවේ හතරක් රිමාන්ඩ්

(රංජිත් රාජපක්‍ෂ )

හැටන් ලංගම ඩිපෝවේ කළමනාකාරවරයාට බැන තර්ජනය කිරිමේ චෝදනාව යටතේ හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් වු ලංගම ඩිපෝවේ සේවකයින් සිව්දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ටි.සරවානරාජා මහතා අද (15) නියෝග කළේය.

සැකකරුවන් පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් විමත් සමග එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වන එම ඩිපෝවේ කළමානාකාරවරයා ඩිපෝ පරික්‍ෂකවරයා සහ කොන්දොස්තරවරුන් කිහිපදෙනකුට එම තනතුරුවලින් ඉවත් වන ලෙසට බලපැම් කරමින් ඩිපෝ පරික්‍ෂකවරයාට බැන තිබිණි.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජායාරූප බස් රථවල අලවා එම ඩිපෝවේ පරිපාලන කටයුතු සම්පුර්ණයෙන්ම සැකකරුවන් අතට ගෙන දින කිහිපයක් එම ලංගම ඩිපොවේ පරිපාලන කටයුතු සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් එම ඩිපෝවේ කළමනාකාර අනුර දොඩම්තැන්න මහතා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබුණි.

මෙහිදි විවෘත අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියේ පරිපාලන කටයුතුවලට සේවකයන් ඇගිලි ගැසීමේදී ආයතනයක් පවත්වාගෙන යැම ගැටලූ සහගත බවයි.

එම ඩිපෝවේ කළමනකාරවරයාට දුරකථන ඔස්සේ තර්ජනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරිමට එම දුරකථන සමාගමින් අවශ්‍ය දත්ත ලබා ගැනිමට නියෝගයක් නිකුත් කරන ලෙසටද හැටන් පොලිසිය කළ ඉල්ලීමකට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.



අදහස් (3)

හැටන් ලංගම ඩිපෝවේ හතරක් රිමාන්ඩ්

baba Thursday, 15 February 2018 10:55 AM

මේ වැද්දන්ව නම් ගෙදර යවන්නම ඕනෑ.

:       0       47

දීපාක් Thursday, 15 February 2018 11:24 AM

මහින්ද සුළඟට මේ අය ප්‍රාදේශිය සභා වල බලය ඇවිත් මෙහෙම මැරකම් කරනවා නම් මහ ඡන්දයකින් දිනුවාම කොහොම වේවිද? ඔන්න ඔය වගේ මිනිස්සු නිසා තමයි මහින්ද මහත්තයාට වැරදුනේ...

:       0       818

kapila Thursday, 15 February 2018 01:02 PM

ආයිමත් රස්සාවල් දෙන්න එපා. අනික කවදාවත් බස් එකකට නංවාගන්න එපා. මහජනතාවට පයින් යන්න සැලසුවා... මේ වගේ මිනිස්සුන්ට ජීවිතේටම පයින් කොටන්න සලස්වන්න ඕනේ...

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site